leader s

තලංගම කොස්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (10) සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, පහරකෑමට ලක්වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ප්‍රියත් නිකේෂල සහ ඔහුට පහර දී ඔහුගේ රථයට හානි කළ කඩුවෙල මහ නගර සභාවේ

හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න යන දෙදෙනාම අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්වූ කඩුවෙල හිටපු උපනගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

හිටපු නගරාධිපතිවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවද පොලිසිය පැවසීය.

පහරකෑමෙන් තුවාල ලැබූ පියත් නිකේෂල පළමුව තලංගම රෝහලට ඇතුළත් කළ අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණි.

කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලුපිරිසක් පැමිණ මෙම පහරදීම සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.

ඉකුත් වසරේ මැයි මාසයේදී අරගලකරුවන් විසින් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදී බේරේ වැවට දැමීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමේ සිද්ධියක් මත තමන්ට පහර දුන් බවට පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල නැමැත්තා තලංගම පොලිසියට සිදු කල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, දෙපාර්ශවයේම පැමිණිලි මත පහරදීම්වලට අදාළව සැකකරුවන් දෙදෙනාම තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවය.

අදාල පහරදීම සිදු කරන ආකාරය පහරකෑමට ලක් වූ තැනැත්තා ජංගම දුරකතනය මගින් වීඩියෝ පටිගත කර ඇත.

තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


මේ අතර සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල ට පහරදීමට විරෝධය පළකරමින් අද (11) අද සවස 1.00ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.

WhatsApp Image 2023 05 10 at 9.32.20 PM

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්