ආගමික සංහිඳියාවට හානි වන අයුරින් බුදුදහම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළැයි කියන දේවගැති ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (16)

නියෝගයක් නිකුත් කළේය.

මෙම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටර්වරයාට නියම කළේය.

මෙන්ම දේවගැතිවරයා රටින් පිටවීමට උත්සාහ කරන්නේ නම් ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම දැනුම් දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට නියම කළේය.



කෙසේවුවද පොලිස් ආරංචිමාර්ග පවසන්නේ, දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ (15) අලුයම 1.00ට පමණ සිංගප්පුරූ ගුවන් සමාගමට අයත් එස් කිව් 469  දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි.



බුදු රජාණන් වහන්සේට සහ බුදු දහමට අපහාස වන අයුරින් පසුගියදා මහනුවර ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයක දී මෙම ප්‍රකාශන සිදුකර ඇති අතර, එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වී තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබියදී මෙම දේවගැතිවරයා මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව  ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා ජනාධිපති වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඊයේ (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්  ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ලට අමතරව දේවගැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාක්මක කරන ලෙසට ඉල්ලා අද (16) වනවිට භික්ෂුන් වහන්සේලා ඇතුළු විවිධ සිවිල් සංවිධාන වලින් පැමිණිලි 6 ක් ලැබී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.


ජෙරම් ප්‍රනාන්දු ගැන රජයේ ප්‍රතිචාරය කුමක් ද?

දේශනයක් අතරතුර ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පළකළ අදහස් ගැන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමු වී තිබේ.

සිය දේශනයේ දී බුදුරජාණන් වහන්සේට, ජේසුස් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට අපහාසයක් වන පරිදි වෛරී ප්‍රකාශන සිදු කර ඇති බවට පාර්ශව රැසක් චෝදනා කරති.

අදාළ ප්‍රකාශය කිසිසේත් අනුමත නොකරන අතර එය ආගමික සංහිඳියාවට බාධාවක් මෙන්ම ඔහු කතෝලික සභාවට සම්බන්ධ අයෙක් නොවන බව කාදිනල් හිමියන්ගේ ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ද පැවසුවේය.

''අමාත්‍යාංශය හැටියට මේ වනවිට පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නෑ'' යනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක BBC සිංහල සේවයට කියා සිටියේය.

සබැඳි පුවත් :
 

 

JW

Jerome-Fernando.jpg

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්