leader s

මෙරට ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන ‘ලකයි සිකයි’ හි ප්‍රහසන ශිල්පීන් වන ලක්මාල් වීරසූරිය හා සහන් අරෝෂ ගේ පවුලේ සාමාජිකයින් වෙත සමාජ ජාල ඔස්සේ තර්ජන එල්ල වී ඇතැයි වාර්තාවේ.

ලක්මාල් විරසූරයගේ බිරිඳ, නීතිඥ එගොඩමහවත්ත සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මේ සම්බන්ධයෙන් ඊයේ (30) පැමිණිලි කර තිබේ.

Laka1
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලක්මාල් වීරසූරිය පැවසුයේ, නතාෂා එදිරිසූරිය විසින් පවත්වන ලද ප්‍රසංගයක් නැරඹීමට යාම හා එහිදී සිනාසීම සම්බන්ධයෙන් ඇතැමුන් තමාට සහ සහන් අරෝෂට සංවිධානාත්මකව පහරදෙමින් සිටින බවයි.

මෙම තත්වය තුල මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තම දියණිය දැඩි කම්පනයකට ලක්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

මේවනවිට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගිවී සිටින ‘ලකයි සිකයි’ ප්‍රහසන ශිල්පින් පවසන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමන් සම්බන්ධයෙන් යම් විමර්ශනයක් සිදුවන්නේ නම් වහාම ලංකාවට පැමිණ ඊට සහය දැක්වීමට සුදානම් බවයි.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිසිය ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මෙම කලාශිල්පීන් දෙදෙනා සම්බන්ධයෙන් කිසිඳු පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී නොමැති බවයි.

 

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්