ආගමික සහජීවනයට බාධා වන සූක්ෂම වැඩපිළිවෙළක් විවිධ කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කරන බවට බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයට වාර්තා කර ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.


ඒ පිළිබඳ පූර්ණ අවධානයෙන් සිටින ලෙස ජනාධිපතිවරයා, ආරක්ෂක අංශ සහ අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව ඊයේ (30) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේය.



බෞද්ධාගමට අපහාස කරන්න පිටරටින් මුදල් ලැබීලා !


මුදලට යටවූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් හරහා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් රට තුළ නැවතත් ගැටුම් ඇතිකිරීමට උත්සාහ ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

එසේම, බෞද්ධාගම අපහාස කරන ගරහන කණ්ඩායම්වලට විදේශයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි ද අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

විදේශයන්හි විවිධ කණ්ඩායම් මේ පිරිස් මෙහෙයවා ඇති බවටද තොරතුරු අනාවරණයවී ඇතැයි පැවසූ අමාත්‍යවරයා, ගිහියන් පමණක් නොව ඇතැම් භික්ෂූන් වහන්සේලා පවා විදේශයන්හි මුදල්වලට යටවී මෙලෙස කටයුතු කර ඇති බවද සඳහන් කළේය.

බුද්ධාගමට පහර දී සංස්කෘතික විනාශයක් ඇති කිරීමෙන් මේ රට විනාශ කිරීමට හැකි බව අවබෝධ කර ගෙන මේ දුෂ්ට බලවේග කටයුතු කරමින් සිටින බව පෙනී යන්නේ යැයිද අමාත්‍යවරයා කීවේය.

ආගමික මතවාදයන්ට ගරහන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි පැවසූ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා, මේ සඳහා නව නීති සකස් කිරීමටද පියවර ගන්නා බව සඳහන් කළේය.


'ආගමික අසමගිය ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ' - ආරක්ෂක රාජ්‍ය ඇමති


මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසන්නේ, ආගමික අසමගිය ඇති කිරීමට කිසිවකුටත් ඉඩ ලබා නොදෙන බවත්, එවැනි පුද්ගලයන්ට සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ය.

රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් විවිධ අරමුණු සහිත පිරිස් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව ද ඔහු සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිවන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පසුගිය කාලයේ ජනතාව දරුණු ආර්ථික අර්බුද වලට මුහුණ දුන් බවත්, එම දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමේ මාවතට පිවිසෙන තීරණාත්මක අවස්ථාවක රට තුළ විවිධ කණ්ඩායම් විසින් තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.


සබැඳි පුවත් :
ජනතාව ඇතැම් සමාජ මාධ්‍ය පාලනය කිරීමට යොමු විය හැකියි - අධිකරණ ඇමති


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්