leader s

SL VLOGS යූ ටියුබ් නාලිකාව හිමි, සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන බෲනෝ දිවාකර ලබන 7 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (01) නියෝග කළේය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මෙම සැකකරු ඊයේ (31) අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

"මෝඩාභිමානය" නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට හානියක්, අපහාසයක්, අගෞරවයක් වන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇති සැකකාර නතාශා එදිරිසූරිය යන අයගේ එම ප්‍රකාශය අන්තර්ජාලය මගින් බෙදා හැරීමට මෙම සැකකරු කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.


eb9ae3f0 ffba 11ed 92cc b3a9bf1f67e9
‘මෝඩාභිමානය’ වැඩසටහනේදී නතාෂා එදිරිසූරිය කළ ඉදිරිපත් කිරීම යූටියුබ් වෙත මුදා හැරීම හේතුවෙන් බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබිය.



බෲනෝ දිවාකරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත (මැයි 31වැනිදා) පැමිණෙන ලෙස දන්වා තිබූ අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබිය.

එලෙස ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ පැය 08 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුවය.

පසුගිය අප්‍රේල් 01 දා ‘මෝඩාභිමානය’ වැඩසටහනේදී නතාෂා එදිරිසූරිය කළ ඉදිරිපත් කිරීම යූටියුබ් වෙත මුදා හැරීම හේතුවෙන්, ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ, නිහාල් තල්දූව පැවසීය.



‘ප්‍රකාශයේ වගකීම හැම තිස්සෙම ප්‍රකාශ කරන කෙනා සතුයි’


බෲනෝ දිවාකර මීට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේ යම් ප්‍රකාශයක් කර ඇති නම් එහි වගකීම භාර ගත යුත්තේ එය සිදුකළ පුද්ගලය බවය.

"එය පළකිරීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා. එහි කාලය සම්බන්ධයෙන් ලොකු අත්වැරදීමක් සිද්ධ වුනා. ඒ සම්බන්ධයෙන් අවංකවම අපි කණගාටුව පළ කරලා වීඩියෝවක් දැම්මේ ඒ නිසයි. එය අතිශයින්ම වැරදි තීන්දුවක්."

"මෙහෙමයි, මම මෙතන ප්‍රෙස් එකක් තියලා ඔයා කොහේ හරි එකක දැම්මාම ඒ කරන ප්‍රකාශයේ වගකීම තියෙන්නේ මගේ නේ. ඒ ප්‍රකාශයේ වගකීම හැම තිස්සෙම ප්‍රකාශ කරන කෙනා සතුයි. මම ප්ලැට්ෆෝම් එකක් විදිහට ඒ කන්ටෙන්ට් බ්‍රෝඩ්කාස්ට් කරනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අපේ එක ඇතුලේ ඕනෑම එකක් කරන්න ඉඩ තියෙනවා කියලා. එතකොට කන්ටෙන්ට් එකේ වගකීම පැහැදිලිවම තියෙන්නේ මොකක් හරි ප්‍රකාශයක් කරනවා නම් එය කරන කෙනා සතුවයි." ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය. 

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්