leader s


සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් දකුණේද, යුද්ධයෙන් මරා දැමුණු දහස් ගණනක් අනුස්මරණය කර උතුරේද පුෂ්පදීප උපහාර පවත්වා ඇත.



පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාසයකට ආසන්න කාලයකින් දකුණේ පැවැත්වෙන වෙසක් සැමරුම් වලට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙනු දැක ගත හැකි විය.

යාපනය නගරයේ ද දැඩි මුරකාවල් යොදා තිබේ.

දෙමළ දහස් ගණනගේ කඳුළු මැද යුද්ධයෙන් මිය ගිය දස දහස් ගණනක් සිහි කරමින් මුලතිවු දිස්ත්‍රික්කයේ මුල්ලිවයික්කාල් හිදි සමරුව පවත්වන ලද්දේ මුල්ලිවයිකාල් සැමරුම් කමිටුව විසිනි.

සැමරුම් භුමිය අවට පොලිසිය විසින් දැඩි රැකවල් යොදා තිබු අතර සැමරුම පැමිණෙන සියලු දෙනාගේ තොරතුරු හමුදා මුරපොල දෙකක් යොදා ගනිමින් සටහන් කර ගත් බව 'සිලෝන් නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කරයි.


දසවැනි අනුස්මරණය :


යුද්ධයේ අවසාන දින කීපයේදී රජය විසින් යුද මුක්ත කලාපයක් ලෙස හඳුන්වා දීමෙන් අනතුරුව කොටුවී සිටි නිරායුද දහස් ගණනක් බර අවි ප්‍රහාරයෙන් මියගියේ මුල්ලිවයික්කාල් හිදි වන අතර එහි දසවැනි අනුස්මරණය 18 සෙනසුරාදා කප්පල් අඩි පාදෙයි වෙරළ තීරයේ දී පුෂ්පදීප දල්වා සිදු කරනු ලැබීය.

මුල්ලිවයික්කාල් අනුස්මරණ භූමියේ දී මවත් පියාත් යුද්ධයෙන් අහිමිව ආබධිත වු රාහිනි දැරිය විසින් සමරු දීපය දල්වමින් සමරුව ආරම්භ කරන ලදී.

පසුගිය 12 වැනිදා සිට යුද්ධයෙන් ඝාතනය කෙරුනු දෙමළ ජනතාව සමරන දෙමළ වර්ග සංහාර අනුස්මරණ සතිය උතුරු පළාත් සභාවේ හිටපු මැති මැතිණියන්ගේ මූලිකත්වයෙන් උතුරේදී ඇරඹුණි.

යුද්ධයෙන් මියගිය වුවන් සැමරීමට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ජාතික වශයෙන් දිනයක් නම් කරන ලෙස ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර තිබුණද රජය මෙතෙක් ඒ සඳහා කටයුතු කර නැත.

ශ්‍රී ලංකා යුද හමුදාව උතුරේ දියත් කළ යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් අඩුම වශයෙන් හැත්තෑ දහසක්වත් මිය යන්නට ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගණන් බලා ඇත.

(ceylonnews.lk)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්