ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් ආයතන දෙකකින් වරප්‍රසාද ලැබුවේ යැයි කියන ඖෂධවේදීන් 18 ක් නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.


ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටවූයේ 2015 වසරේදීය. සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ තිබූ වෛද්‍ය තාක්ෂණ හා සැපයීම් ආයතනය හා ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ පරීක්ණාගාරයේ කටයුතු ජාතික ඖෂධ නියාමන අධීකාරියට පත්කෙරණි.

එලෙස අහෝසි වූ ආයතනවල සේවයේ නිරතවූ ඖෂධවේදීන් තාවකාලිකව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවයට යොමු කරන ලදි.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියට එක්වීම සඳහා මෙම ඖෂධවේදීන් වෙත වරින් වර අවස්ථාවන් දුන්නද විවිධ හේතුන් දක්වමින් වරින් වර අධිකාරිය සඳහා බැදීමට ලබාදුන් අවස්ථා පැහැර හරිමින්, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් වසර 08කට ආසන්න කාලයක් රජයේ සහ අධිකාරියේහි යන දෙකෙහිම වරප්‍රසාද ලබමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළරැදී සිට ඇත.

 දිගින් දිගටම මෙලෙස ද්විත්ව වරප්‍රසාද ලබාගැනීමට තැත් කරමින් අධිකාරිය තුළ රැදී සිටිමට මෙම ඖෂධවේදීන් දිගටම කටයුතු කිරීම හේතුවෙන් එම අධිකාරියට කාර්ය මණ්ඩල බදවා ගැනීමටද නොහැකි වී ඇත. මේ හේතුවෙන් අධිකාරියේ රාජකාරීන් අඛණ්ඩව පවත්වාගෙන යාමද ගැටළුසහගත තත්වයකට පත්ව තිබේ.

මේ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ අධ්‍යක්ෂ මණ්ඩලය 2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතෙහි 17(01) වගන්තියට අනුව අධිකාරිය ස්ථාපිත කරනු ලබන අවස්ථාවේ සිට මේ දක්වා ද්විත්ව වරප්‍රසාද ගනු ලබමින් අධිකාරියේ රැදී සිටි ඖෂධවේදීන් ඔවුන්ගේ පත්වීම් බලධරයා වන සෞඛ්‍ය අමාත්‍යංශය වෙතම මුදාහැරීමට ඒකමතිකව තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම ඖෂධවේදීන්ගෙන් අධිකාරියට බැදීමට වරණය විමසා ලිපි යොමුකර ඇති අතර ඔවුන් ලබාදෙන වරණය මත ඉදිරියේදී මොවුනව අධිකාරියේ නියමයන්ට යටත්ව අධිකාරියේ ස්ථිර සේවක මණ්ඩලයට බැදීමට අවස්ථාව දී ඇත.

මෙලෙස ඖෂධවේදීන් සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීමට විරෝධය පලකරමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක්ද පවත්වන ලදි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්