අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වීම හේතුවෙන් දරුවන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති වික්‍රමසිංහ පවසයි.


ජනාධිපතිවරයා එබව පැවසුයේ, විද්‍යාපීඨ ගුරුපත්වීම් ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ පැවති ප්‍රධාන වැඩසටහනට එක් වෙමිනි.

සෑම දරුවෙකුටම වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබා දෙන්නේ නම් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍යද යන්න සම්බන්ධයෙන්ද ගැටළුවක් පවතින බව ජනාධිපතිවරයා එහිදී පැවසිය.

 ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ තීරණයක් ගත යුතු බවත් එය මීට වඩා වෙනස් විදියකට පවත්වනවද, නැත්නම් සමත්, අසමත් විභාගයක් ලෙස පවත්වනවාද යන්න පිළිබඳ තීරණයක් ගත යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.




සබැඳි ලිපි :

සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)

අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)


අධ්‍යාපන ප්‍රතිසංස්කරණය : 'පිස්තෝලේ තිබ්බනම් වැඩේ වෙනවා'- දීප්ති කියයි (වීඩියෝ)

අධ්‍යාපනය කියන්නේ දැනුම වගේම කුසලතා වලත් එකතුවක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්