leader s

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ වෛද්‍ය පී.එම්.බී. සිරිල් විදුලි සෝපානයක් කඩා බිමට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.


හිටපු අමාත්‍යවරයා පදිංචිව සිටියේ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේය.

හම්බන්තොට පොලීසිය පවසන්නේ සිරිබෝපුර ඔහුගේ නිවසේ තුන්වැනි මහලේ අලුත්වැඩියා කටයුතු පරික්ෂා කිරීම සඳහා පිටතින් ඉදිකර තිබූ විදුලි සෝපානය ආධාරයෙන් සිය රියදුරු සමගින් ඉහල මාලයට ගමන් කරමින් සිටියදී සෝපානය කඩා වැටී ඇති බවය.

මෙම අනතුරින් හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ රියැදුරු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු අමාත්‍යවරයා මියගොස් ඇත.

මියයන විට වෛද්‍ය පී.එම්.බී. සිරිල් 89 වැනි වියෙහි පසුවිය. 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්