leader s


ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ඇඟළුම් කර්මාන්තශාලා තුළ නිෂ්පාදනය කරන්නේ සමස්ත ධාරිතාවෙන් සියයට විසි පහකට අඩු ප්‍රමාණයක් බව හෙලි වී තිබේ.

එම තොරතුරු අනාවරණය වී ඇත්තේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ ආංශික අධීක්‍ෂණ කාරක සභාව හමුවේය.

ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයන, ඇඟළුම් නිෂ්පාදන හා අපනයන කර්මාන්තකරුවන් නියෝජනය කරන සංවිධානය වන ඒකාබද්ධ ඇඟළුම් නිෂ්පාදකයන්ගේ සංසදය පසුගියදා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ ආංශික අධීක්‍ෂණ කාරක සභාව හමුවට කැඳවන ලද බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති එම සාකච්ඡාවේදී ඇඟළුම් නිෂ්පාදකයන් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ඇඟළුම් ක්ෂේත්‍රයේ කර්මාන්තශාලා ගණනාවක් සිය කර්මාන්ත ශාලා වසා දමා විදේශයන්හි සිය කර්මාන්ත ස්ථාපිත කරමින් සිටින බවයි.

 අමුද්‍රව්‍ය, තීරුබදු, විදුලි ගාස්තු නිසා පිරිවැය ඉහළ යාම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොල තුළ සිය තරඟකාරීත්වය විශාල වශයෙන් පහළ ගොස් ඇති අතර, නව ඇණවුම් ලැබීම ඉතා බරපතල ලෙස අඩු වී ඇති බවත් ඔවුහු පෙන්වා දී තිබේ.


සෘජු රැකියා ලක්‍ෂ තුන හමාරක් පමණ හා වක්‍ර රැකියා ලක්‍ෂ තුනක් පමණ මෙම කර්මාන්තය විසින් රටට සපයා ඇති බව ද මෙහිදී අනාවරණය වී ඇත.

" මීට අමතරව බිලියන ගණනක VAT මුදල් ප්‍රතිපූර්ණ නොලැබීම නිසා තමන් මුහුණ පා ඇති දුෂ්කරතාවයන් පිළිබඳව ද ඇඟළුම් නිෂ්පාදකයෝ කමිටුවට තොරතුරු ඉදිරිපත් කරන ලදී."

විදේශ විනිමය රුපියලට පරිවර්තනය කිරීමේදී පවතින ගැටලු හා කලාපයේ පවතින නීති පිළිබඳ කරුණු ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

 

BOI anshika 2023.07.04

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්