leader s

විනය විරෝධී ක්‍රියාවල යෙදෙන භික්‍ෂූන්ට එරෙහිව පියවර ගැනීමට සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කළ යුතු බවත් එවැනි සිද්ධීන් යොදාගනිමින් බුද්ධ ශාසනයට එරෙහිව කටයුතු කණ්ඩායම්වලට එරෙහිව

පියවර ගතයුතු බවත් මහා සංඝරත්න පවසති.

භික්‍ෂූන් කීහිප පොළක් කරන පහත් නින්දිත ක්‍රියාවන් උලුප්පමින් ඒවා අන්තර්ජාලයට යොමු කර පොදුවේ මහා සංඝරත්නයට විනාශ කර බෞද්ධ සම්බන්ධය විනාශ කිරීමේ සංවිධාන ඇති බවත් ඒවාට විශාල වශයෙන් මුදල් එන බවත් අමරපුර මූලවංශික නිකායේ ලේඛකාධිකාරී අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ (10) පැවසූහ.

වැරදි කරන කිසිඳු භික්‍ෂුවක් ආරක්‍ෂා කරන්න කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව කී අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ, එවැනි භික්‍ෂූන්ගේ නිකායේ නායක ස්වාමීන්වහන්සේලාට විනය පරීක්‍ෂණයක් කර නෙරපා හැරිය හැකි බව ද සඳහන් කළහ.

එසේ නොවේ නම් පොලිසියට සහ අධිකරණයට වැරැද්දේ ප්‍රමාණයට දඩුවම් කිරීමේ කිසිඳු තහනමක් නොමැති බවත් මෙහිදී ප්‍රහාර එල්ල කරන්නේ පෞද්ගලික නාමයට නොව සමස්ත බෞද්ධ ආගමට බවත් අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.



භික්ෂු ප්‍රතිරූපය විනාශ කරන කුමන්ත්‍රණයක් !


මේ අතර සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසන්නේ,භික්ෂූන් වහන්සේගේ ප්‍රතිරූපය විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් ඇති බවයි.

එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ පවත්නා සමාජ තත්ත්වයන් තුළ භික්ෂුවගෙන් පමණක් නිර්මල චරිතයක් බලාපොරොත්තු වීම ගැටලු සහගත කරුණක් බවයි.

මෙම කුමන්ත්‍රණ පිටුපස සිටින පිරිස හඳුනා ගැනීම සඳහා රජය මැදිහත් විය යුතු බවද පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් එහිදී කියා සිටියහ.

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්