ආයුධ සන්නද්ධව කඩාපැන යුද්ධයෙන් උන්හිටි තැන අහිමි වූ දෙමළ පිරිසකට පහර දී ගේ දොරටද අලාභහානි සිදු කළ බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වී තිබේ.



වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රහාරයෙන් තුවාල ලැබු මුලතිව්, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කයිවේලි ගමේ පදිංචි කරුවන් දෙදෙනකු පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුලත් කර ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

දෙමළ විමුක්ති කොටි සංවිධානයේ විසින් සිය සංවිධානයේ සාමාජික පවුල් 45 ක් වෙනුවෙන් 2000 වසරේදී කයිවේලි ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ඉදිකර දී තිබෙන අතර ඇවිලී ගිය දැඩි යුද වාතාවරණය යටතේ 2000-2009 අතර කාලය තුලදී එම පවුල් එම නිවාස වලින් ඉවත්ව වෙනත් ප්‍රදේශ කරා ගොස් තිබේ.

යුද්ධය නිමා වීමෙන් පසුව ඔවුන් යළි සිය නිවාස තිබු ස්ථාන වල පදිංචි වීමට අවස්ථා කිහිපයකදී දැරු උත්සාහයන් අසාර්ථක වු බව පවසන පළාත් බද වාර්තාකරුවන් කියා සිටින්නේ 2012 වසරේදී එම ප්‍රදේශයද ඇතුලත් වන ලෙස මායිම් ගල් යොදා එම භුමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගත් බවයි.

2000 වසරේදී කයිවේලියේ නිවාස 45 ට උරුමකම් කියු පවුල් අතුරින්, පවුල් කිහිපයක් වෙනත් ප්‍රදේශ වල නිවාස ඉදිකරගෙන තිබෙන අතර තවත් කිහිප දෙනකු මිය ගොස් තිබේ.

ඉතිරි පවුල් 20 ක පමණ පිරිස මේ සතිය මුලදී තාවකාලිකව නිවාස ඉදිකරගනිමින් යළි එම භුමියේ පදිංචි වීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ජුලි 12 වැනිදා දහවල් කාලයේ එම ස්ථානයට තුවක්කු, පිහි, කැති, පොළු, සහිතව පැමිණි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සිය නිවාස විනාශ කරමින් තමන්ට පහර දුන් බවට හිටපු එල්.ටී‍.ටී.ඊ සාමාජිකයෝ චෝදනා කරති.

ඔවුන් වැඩි දුරටත් චෝදනා කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය නිවාස ගිනී තැබීම සදහා භුමිතෙල්ද රැගෙන ආ බවයි.

“මොකටද බූමිතෙල් අරං ආවේ?” යි තරුණයකු කිහිප වාරයක් පැමිණියවුන්ගෙන් අසන ආකාරය වීඩියෝ ගතව තිබේ.

12 වැනිදා හවස පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඇති වී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් දුරකථන මාර්ගයෙන්  ප්‍රාදේශිය ලේකම්වරයා දැනුවත් කර ඇත.

ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයාද දැනුවත් කළ පොලිස් ස්ථානාධිපති ජනතාවට පොරොන්දු වී ඇත්තේ ග්‍රාම නිලධාරි සමග වැඩි දුරටත් සාකච්ඡා කර විසදුමක් ලබා දෙන බවයි. 

Kalawa 2023.07.15

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image