leader s

ශ්‍රී ලංකාවට ආසියානු කළාපයේ වර්ධනය වන ආර්ථිකයක් ඇති රටක් ලෙස පෙරට පැමිණීමට අවශ්‍ය නම් යුක්තිය සහ සාධාරණත්වය මෙන්ම වෙළෙඳපොළ තරගකාරීත්වය පදනම් කරගත් සමාජ වෙළෙඳපොළ ආර්ථික

දැක්මක් අනුගමනය කිරීමට අවශ්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ ආර්ථික ඉදිරිගමන තුළින් ශ්‍රී ලංකාවට පාඩමක් උගත හැකි බවයි. තමිල්නාඩු ප්‍රාන්තය ඉහළ ආදායම් ලාභී රටවල පාරිභෝගිකයින් වෙනුවෙන් විදුලි වාහන, වාහන සහ දුරකතන අමතර කොටස් වැනි ඉහළ තාක්ෂණික භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් සියයට 14 ක ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාමට සමත්වී තිබෙන බවත් ය.

“අපේ ආර්ථික වර්ධනය සෘණ 3.5 යි. 2048 වනවිට මේ රට සංවර්ධනය කරනවා කියල ජනාධිපතිවරයා පවසා තිබෙනවා.  එතනට යන්න නම් අවුරුද්දකට සියයට 6.5 කින් පමණ මේ රටේ ආර්ථිකය වර්ධනය කරගන්න ඕන. අපිට ඒක කරන්න පුළුවන්. නමුත්, අපි මෙතනට යන්න නම් තමිල්නාඩු ප්‍රාන්තය වගේ ලෝකය සමග එකට එකතු වෙන්න ඕන. වැඩි ආදායමක් ලබාගන්න පුළුවන් ඉහළ තාක්ෂණික භාණ්ඩ නිපදවා අපනයනය කරන්න ඕන. නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට එකතු වෙන්න ඕන. මේ ගමන යන්න පුළුවන් අපි යෝජනා කරන සමාජ වෙළෙඳපොළ ආර්ථික දැක්ම මගින් පමණයි.“

ශ්‍රී ලංකාව මෙවැනි වේගවත් ආර්ථික වර්ධන මාවතකට අවතීර්ණ කළ හැකි බවත් ඒ සඳහා සියළු දෙනා සිතන ආකාරය වෙනස් කරගත යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

  

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්