leader s

මෙරට ක්‍රියාත්මක පහත් දේශපාලනයෙන් සහ අශිෂ්ට දේශපාලකයන්ගෙන් තම මෑණියන් විශාල පීඩාවකට පත්ව සිටින බව පාඨලී චම්පක රණවකගේ දෙවන දියණිය පවසන්නීය.

සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ මෙම දේශපාලනයෙන් තමාත් සොයුරියත් තරම් පීඩාවට පත් වූ දරුවන්ද සිටිය නොහැකි බවයි.

තාත්තාගේ දේශපාලන බලයෙන් කිසිදු වාසියක් නොගනිමින් සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට කොතෙක් උත්සාහ කළත්, පහත් මිනිසුන් කිහිප දෙනෙකු විසින් තමන්ව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් හිත් වේදනාවකට සහ පීඩාවකට පත් කර ඇති බව ඇය පවසයි.

''පාසලට, විශ්වවිද්‍යාලයට, පුද්ගලික පන්තියකට තබා කඩයකටවත් යාමට බැරි තත්වයක් ඇති කර තිබෙන නොමිනිසුන්ගෙන් අසන්නේ ඔබලාට දරුවන් නැත්ද කියා පමණකි'' යනුවෙනුයි එම දියණිය ප්‍රශ්න කරයි.

පාඨලී චම්පක රණවක මහතාගේ දෙවන දියණිය තැබූ එම ෆේස්බුක් සටහන සහ වීඩියෝව පහතින් ...

Screen Shot 2020 01 14 at 12.56.10 PM
වීඩියෝ 

                                                                 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්