ජාතික රූපවාහිනීය සතු 'අයි  නාලිකාව',  ලයිකා ගෲප්' (LYCA)  අනුබද්ධ 'වී.අයි.එස් බ්‍රොඩ්කාස්ටින්' සමාගමට බදුදීමේ ගිවිසුමට අනුමැතිය ලබාගැනීම සඳහා වූ රුපවාහිනියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් අද (22)

පස්වරුවේ කැඳවා ඇතැයි වාර්තාවේ.

 චැනල් අයි නාලිකාව, 'වී.අයි.එස් බ්‍රොඩ්කාස්ටින්' සමාගම වෙත බදු පදනම යටතේ ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිසගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොතිබීම නිසා ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් පසුගියදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කර තිබු යෝජනාව ප්‍රතික්ෂේපවිය.

ඒ අනුව, අද අධ්‍යක්ෂ මණ්ඩලය රැස්කර ඇත්තේ ඒ සඳහා අනුමැතිය ලබාගැනීම සඳහා බව පැවසේ.



ඇමතිවරයා අමාත්‍යංශ ලේකම් පවාදෙයි !



ජාතික රූපවාහිනියේ අයි නාළිකාව බදුදීමේදි පාරදෘශ්‍යභාවයක් නොමැති බව ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන ඔහුගේම කැබිනට් පත්‍රිකාවක සඳහන් කර තිබීම ගැන ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (22) පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරුදීම වෙනුවට ඇමතිවරයා 88/89 සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේදී ආවේශයෙන් යුතුව අදහස් පළකළේය.

මුලදී බදු දීමක් සිදුවී නැති බවත්, කුලී පදනමින් එය ලබාදී ඇති බවට කරුණු දැක්වූ අතර ඉන් පසුව අමාත්‍යංශ ලේකම්වරයා කුලිය සහ බදු පිළිබඳ අනවබෝධයකින් කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බව ප්‍රකාශ කරමින් අමාත්‍යංශ ලේකම්වරයා පාවා දෙනු ලැබිය.

එහෙත් කැබිනට් පත්‍රිකාවේ වගකීම දරන්නේ අමාත්‍යංශ ලේකම් නොව ඇමතිවරයා බවත්, එයට අත්සන් තබා තිබෙන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා බවත් එම පත්‍රිකාවේ පැහැදිලිවම අදාළ බදු දීමේදී පාරදෘශ්‍යභාවයක් නැති බව සඳහන් කර තිබෙන්නේ යැයි එය උපුටා දක්වමින් අනුර දිසානායක මන්ත්‍රීවරයා කරුණු දැක්වීය.


''යටි මඩියෙක් යැයි ඔප්පු කළොත් ගෙදර යනවා''


ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එහිදී පැවසුයේ, රූපවාහිනී අයි  නාලිකාවේ ගුවන් කාලය පැවරීමේදී දූෂණයක් වංචාවක් සිදුවී ඇතැයි ඔප්පු කළොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවයි.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙසේද පැවසීය.

'' මේ ගැන කරුණු දැක්වීමට අවස්ථාව සලසා දීම ගැන අනුර කුමාර දිසානායකට ස්තුතිවන්ත වෙනවා. මෙම නාලිකාව සමාගමකට  විකිණීමක් හෝ බදු දීමක් හෝ කර නැහැ. ගුවන් කාලය මාස හයකට කුලී පදනම මත මසකට  මිලියන 150ක බදු මුදලකට වී.අයි.එස් බ්‍රොඩ්කාස්ටින් සමාගමට පවරලා තියෙනවා. මම කිසිම අනීතික පැවරීමක් සඳහා උපදෙස්දී  නැහැ. මේකට  අනුමැතිය දුන්නේ මට නිත්‍යානුකූල බලයක් ඇති නිසයි. අත්සන් කරන ලද ගිවිසුම සභාගත කරනවා. අවබෝධතා ගිවිසුම දැන් ඔබතුමාලට පරික්ෂා කරන්න පුළුවන්. අපි මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාම ජනාධිපතිතුමා කිව්වා මේක කැබිනට් එකට ගෙන්න ඕන එකක් නෙවෙයි කියලා. ව්‍යාපාරයක් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට අයිතියක් තියෙනවා කියලා කිව්වා.''

 



සබැඳි පුවත්

'චැනල් අයි' -'ලයිකා' ගිවිසුම කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වෙයි !


රජයේ රූපවාහිනී නාලිකාවක් විකුණන්න යනවා - විපක්ෂ නායක

චැනල් අයි නාලිකාව 'ලයිකා'ට දෙයි !  ආවරණ අනුමැතියට කැබිනට් පත්‍රීකාවක්

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්