leader s

ප්‍රතිපත්ති පොලී අනුපාත සමග බැංකු මගින් ලබාදී ඇති ණය සඳහා අයකෙරෙන සාමාන්‍ය පොලී අනුපාත අඩුකිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.


23 දා රැස්වූ මුදල් මණ්ඩලයේ තීරණ දැනුම්දීම සඳහා ඊයේ (24) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්  මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙසේ සඳහන් කළේය.

"අපි දැනුම්දීලා තිබුණා ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකරන ආකාරයට සහ මුදල් පතිපත්ති ද්‍රවශීලතාවය වැඩිවෙන ආකාරයට බලාපොරොත්තු වෙනවා වෙළෙඳපොළ පොලී අනුපාතත් අඩුවෙයි කියලා නමුත් අපි හිතපු තරමටම අඩුවෙලා නැත්නම් අපි ඒ වෙලාවෙත් ප්‍රකාශ කළා යම් ආකාරයක නියාමනය පැත්තෙන් ක්‍රියාමාර්ග  ගන්න සිද්දවෙයි කියලා ඒ අනුව ගිය මුදල් මණ්ඩලයේ සාකච්ඡාව අනුව අපි දැක්කේ පොලී අනුපාත යම්කිසි ආකාරයක අඩුවීමක් වෙලා තියෙනවා නමුත් අඩුවීමේ වේගය තවමත් ප්‍රමාණවත් නොවන නිසා තවදුරටත් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට පෙර මෙතෙක් අඩුකරපු ප්‍රතිපත්ති පොලී අනුපාත සහ අනෙකුත් ද්‍රවශීලතාවය වැඩිකිරීම සඳහා කරපු ඒවායේ සම්පූර්ණ වාසිය සහ ඒකෙ ප්‍රතිඵලය වෙළෙඳපොළ පොලී අනුපාතවලට යම්කිසි ආකාරයකට ලබාදීමට කාලයක් ලබාදියයුතු නිසා අපි කල්පනා කළා ඒකෙ තියෙන සම්පූර්ණ බලපෑම අනුව අඩුවීම යම්කිසි ආකාරයක ඉක්මන් කරලා සාමාන්‍ය පොලී අනුපාත මට්ටමකට ප්‍රතිපත්ති පොලී අනුපාතත් එක්ක ගැළපෙන අනිත් පොලී අනුපාතත් ඒකත් එක්ක ගැළපෙන සාමාන්‍යකරණය කිරීම සඳහා පරිපාලනමය වශයෙන් කළයුතු දේ ඇතුළත් චක්‍රලේඛයක් හෙට වෙනකොට නිකුත් කරනවා."

(adaderana.lk)

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්