leader s

කෘතහස්ත දේශපාලන හා වෘත්තීය සමිති නායකයෙකු වූ ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයාව සිටී බාලා තම්පෝ දිවි සැරිය නිමා කර 9 වසරක් ඉක්මීම නිමිත්තෙන් ගුණානුස්මරණයක්

කොළඹ, කොල්ලුපිටියේ  එම සංගම් මුලස්ථානයේදී පැවැත්විණි.

ඒ අසල පිහිටි බාලා තම්පෝ ගේ පිළිරුවට මල් දමා උපහාර දැක්වූ CMU සාමාජික සාමාජිකාවෝ පසුව රැස්වීමක් පැවැත්වීය. එහිදී  සංගමයේ ප්‍රධාන ලේකම් සෙල්ලයියා පලනිනාදන් සහ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පීටර් ද අල්මේදා  තම්පෝ පිළිබද මතකාවර්ජනයක යෙදිනි.

1922 මැයි 23 වැනිදා උපන් බාලා තම්පෝ කොළඹ රාජකීය විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා 1943 දී කොළඹ සරසවියෙන් සහ 1944 දී ලන්ඩන් සරසවියෙන් අධ්‍යාපනය ලබා විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේය. පසුව කොළඹ නීති විද්‍යාලයට ඇතුලත්ව අපරාධ නිතිය පිලිබඳ නිතිවේදියෙකු ලෙස දිවුරුම් දුන්නේ ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන ක්‍රියාධරයෙකු ලෙස කටයුතු කරන අතුරතුරේය.

උද්හිද විද්‍යාව හා උද්‍යාන විද්‍යාව ගැන දේශකයෙකු ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුණ්ඩසාලේ කෘෂිවිද්‍යාලයේ සේවය කරමින් සිටියදී 1947 සමස්ත මහා වැඩවර්ජනයට එක්වීම නිසා සේවයෙන් දොට්ට දැමූ තම්පෝ පසුව CMU හා එක්වුයේ වෘත්තීය සමිති නායකයෙකු වශයෙනි.

IMG 20230901 163644

සුදු කරපටි සේවකයන්ගේ වෘත්තීය සංගමයක් ලෙස 1928 දී ගොඩ නැගුනු CMU හි 1948 දී ප්‍රධාන ලේකම් ලෙස පත්වීමට බාලා තම්පෝ සමත්විය. එතෙක් පටන් හතරවන ජාත්‍යන්තරයේ හා ලංකා සම සමාජ පක්ෂයේ අනුග්‍රහය CMU වෙත ලැබුණු අතර එතෙක් කාර්මික හා අනෙකුත් පොදු සේවා කම්කරුවන්ට ද CMU දොරටු විවර කෙරිණි.

1964 දී ලංකා සමසමාජ පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග හවුල් ආණ්ඩුවකට එක්වූ පසු එඩ්මන්ඩ් සමරක්කොඩි හා බාලා තම්පෝ ඇතුළු රැඩිකල් කණ්ඩායමක් ඊට විරෝධය දැක්වූ අතර පසුව ඔවුන් ලංකා සමසමාජ පක්‍ෂ - විප්ලවකාරී කණ්ඩායම ලෙස පෙනී සිටින්නට විය. පසුව බාලා තම්පෝ විසින්  විප්ලවීය මාක්ස්වාදී පක්‍ෂය පිහිටුවාගෙන හතර වැනි ජාත්‍යන්තරයේ එක්සත් ලේකම් මණ්ඩලයේ ලංකා ශාඛාව ලෙස එය පවත්වා ගෙන ගියේ CMU වෘත්තීය සමිතියට සමගාමීවය.

බාලා තම්පෝ 1960 මාර්තු, ජුලි සහ 1965 මහ මැතිවරණ වලට  මැද කොළඹින් තරග කළේය.

2014 සැප්තැම්බර් පළමු වැනිදා දිවි සැරිය නිමා කරන විට 92 හැවිරිදි වියේ පසු වූ තම්පෝ ඒ වන තෙක්ම මෙරට කම්කරු ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටී කෘතහස්ත නායකයෙකි.

Bala 2023.09.02

(සටහන / ජායා -  ඉෂංඛා සිංහආරච්චි)

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්