පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අසාද් මවුලානා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවත්

ඔහුගේ ප්‍රකාශ ඇතුළත් චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් පවසයි.

අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.

එහි දී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මෙසේ සඳහන් කළේය.



"චැනල් 4 නාලිකාව විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක වීඩියෝ පටය සම්බන්ධයෙන් මම සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. මා සමඟ සිටි අසාද් මවුලානා වෙනත් රටක පදිංචි වී සිය වෘත්තිය ජිවිත ආරම්භ කිරීම සඳහා මෙවැනි බොරු ප්‍රචාර සිදුකරනවා. පාස්කු ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබුණා. ප්‍රහාරය සිදු කළ හේතුව අරමුණු ඒ අය පිළිඅරගෙන තිබුණා. ඒක ISIS නිල වෙබ් අඩවියේ සඳහන් වෙලා තිබුණා. නමුත් අසාද් මව්ලානා දැන් මෙම සිද්ධිය වෙන පැත්තකට යොමු කරන්න හදනවා.


ප්‍රහාරයට සම්බන්ධ දේශපාලන හා ජාත්‍යන්තර බලවේග තියෙනවා. අසාද් මව්ලානා එම බලවේග බේරගන්න උත්සාහ කරනවා ද යන්න පිළිබඳ සැකයක් තියෙනවා. පසුගිය කාලයේ මම සිරගත වෙලා සිටියා. සිරකරුවෙකුට මෙවැනි දෙයක් සංවිධානය කළ හැකි ද? මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු කෙටි කාලයකින් නිර්මාණය කළ හැකි ද? මම දන්නවා, මට අත්දැකීම් තියෙනවා කෙටි කාලයකින් මෙහෙම දෙයක් සංවිධානය කරන්න බැහැ. විපක්ෂ නායකවරයා සඳහන් කළ පරිදිම අසාද් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ඉල්ලා සිටිනවා"

අනතුරුව රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඒ සම්බන්ධව පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

 බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව ඊයේ (05) රාත්‍රීයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් එළිදැක්වූ අතර 2019 අප්‍රේල් 21 දා මෙරට සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විනාඩි 50කට ආසන්න එම වැඩසටහනට, පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා ප්‍රධාන වශයෙන් තොරතුරු ඉදිරිපත් කර තිබුණි.

අසාද් මවුලානා මේ වන විට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය පතන පුද්ගලයෙකි.

මෙම වාර්තා වැඩසටහන මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ දීර්ඝ විචාරයක් ඉදිරිපත් කරමින් ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ල කර තිබේ.

විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ එහි දී වැඩි කාලයක් එම වීඩියෝවෙන් වෙන් කර තිබූ අතර, අසාද් මවුලානා ද එම චෝදනා තහවුරු කරන ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කරයි.

 

පිල්ලෙයාන් කණ්ඩායම සමග එක්ව ට්‍රිපොලි ප්ලැටූන් නැමැති සන්නද්ධ කල්ලිය බිහිකිරීමට එවක පැවති රජය කටයුතු කළ බවත් ඔවුන් මාධ්‍ය මර්දනයට සහ ප්‍රතිවාදීන් නිහඬ කිරීම සඳහා යොදාගත් බවත් ආසාද් මවුලානා මෙහි දී පවසයි.



පිල්ලෙයාන්ගේ උපදෙස් අනුව පසුව 2018 වසරේ ජනවාරියේ පුත්තලමේ කරදිපුල් ප්‍රදේශයේ පොල් වගා කළ ගොවිපොළක දී එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන් අතර හමුවක් සංවිධානය කිරීමට තමා පියවර ගත් බවත් ඊට සහරාන් ඇතුළු තවුහිද් ජමාත් සාමාජිකයන් 6 දෙනෙකු සහභාගී වූ බවත් අසාද් මවුලානා සඳහන් කරයි. එම හමුව අවසානයේ තමා වෙත පැමිණි සුරේෂ් සලේ, රාජපක්ෂවරුන්ට බලයට පැමිණීම සඳහා රට තුළ අනාරක්ෂිත වාතාවරණයක් ඇති කළ යුතු බව පැවසුවා යැයි ඔහු පවසයි.

මේ අතර, චැනල් ෆෝ නාලිකාව වෙනුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහන නිෂ්පාදනය කළ බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනයේ 'බෙන් ඩි පෙයාර්' විසින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙත අදාළ වැඩසටහනට තොරතුරු ලබාදුන් අය එල්ල කරන චෝදනා හතරක් යොමුකර තිබුණි.

එම ප්‍රශ්නාවලියට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පිළිතුරු ලිපියක් යොමු කරමින් එම චෝදනා කරුණු සහිතව ප්‍රතික්ෂේප කර ඇති අතර' චැනල් ෆෝ වීඩියෝවේ ඒ බවද සඳහන් කොට තිබේ.



අදාළ චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත් අදාළ හමුව සිදුවූයේ යැයි කියන කාලවකවානුවේ තමා මැලේසියාවේ රැඳී සිටි බවත් පාස්කු ප්‍රහාරය වන සමයේ තමා ඉන්දියාවේ පුහුණු වැඩසටහනකට සහභාගි වෙමින් සිටි බවත් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පෙන්වා දෙයි.



එමෙන්ම විශ්වසනීය සාක්ෂිවලින් තොරව තමාගේ කීර්ති නාමයට කැළලක් වන ආකාරයේ චෝදනා ඇතුළත් අදාළ වාර්තා වැඩසටහන විකාශය කළහොත් නීතිමය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව ද මේජර් ජෙනරාල් සුරේෂ් සලේ එම වැඩසටහන නිෂ්පාදනය කළ බෙන් ඩි පෙයාර්ට දන්වා තිබේ.

 

 



373314035 10230742603577640 9205468437571712890 n

375867543 10230742614257907 7009370860751238606 n



සබැඳි ලිපි :

පාස්කු බෝම්බයේ සැඟවූ රහස් : කවුද මේ අබුහින්ද්, පොඩි සහරාන්, සහ ජමීල් - (පළමු කොටස)

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: කවුද මේ හිටිහැටියේ පහළ වූ අසාද් මවුලානා ? - (දෙවන කොටස)

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: චැනල් 4 ප්‍රහසනය හමුවේ සමාජ වගකීම - (අවසාන කොටස)

පාස්කු යුක්තියේ දේශපාලන හස්තය



සබැඳි පුවත්

චැනල් 4 අනාවරණයෙන් පසු කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

චැනල් 4 වීඩියෝව ගැන නාමල් කට අරී !

ආන්දෝලනාත්මක චැනල් ෆෝ වීඩියෝව එලියට

පාස්කු කුමන්ත්‍රණයේ සත්‍ය !

චැනල් ෆෝ වීඩියෝවට පසු ආණ්ඩුව කරන්න යන වැඩේ

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට රාජපක්ෂ පවුල සම්බන්ධයි ! - චැනල් ෆෝ වීඩියෝව අද එලියට

ආයේ ආයෙත් මුණගැසෙන රහස්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

'තමන්ටත් දරුවන්ටත් විශාල තර්ජනයක්' - බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ

රාජපක්ෂගේ නිලධාරීන් ‘පාස්කු ඉරිදා බෝම්බවලට සම්බන්ධයි’ - එංගලන්තයේ 'ද ටයිම්ස්'

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය: චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝව සැප්. 5 එලියට !

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image