මෙරටදී සිදු කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව සකස් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ පිළිබඳව ඊයේ (04) රැස්වු කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

අද (05) පාර්ලිමේන්තුවේදී ඒ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට ද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වු බවය.

අමාත්‍ය මනූෂ නානායක්කාර අමාත්‍යවරයා තවදුරටත් මෙසේද පැවසිය. 

'' අපි රජයක් විදියට වගකීමෙන් කටයුතු කරනවා. ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් වන විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබද ඉදිරියේදී දැනුවත් කිරීම් සිදු කරාවි. 

ඊට අමතරව ජාත්‍යන්තර පරීක්ෂණක් කිරීමට රජයක් විදියට ඒ ඉල්ලීම කැබිනට් මණ්ලය්දී ඉල්ලීම් කරනු ලැබුවා. පුද්ගලිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මේ කරුණ මතු කළා.

ජීනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වන කාලයට, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්වන කාලයට චැනල් 4 නාලිකාවෙන් ඔය වගේ දේවල් එළියට එනවා. මේ වීඩියෝවේ තියෙන කරුණු සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරන්න ඕන.

 

මේ ගැන සොයා බැලීම ගැන අපේ කිසිදු ප්‍රශ්නයක් නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් කිරීමට, සුරේෂ් සලේ ඔය කියන ආකාරයේ ප්‍රකාශයක් සිදු වුනා නම් ඒ සිද්ධියෙන් පසුව කාදිනල්තුමන් උදේම ගිහින් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න කියන මතවාදය ගොඩ නගපු එකට, මේ අඩපු අය, මේ හැමෝම මැතිවරණ ව්‍යාපාරයේ කොටස්කරුවන් වෙන්න ඕන, ඔය කියන තර්කය අනුව.''

 

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව අද (05) විකාශය කිරීමට නියමිත මෙරට පාස්කු ප්‍රහාරය පිළිබඳ මතභේදාත්මක වාර්තාමය වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයක් ද මේ වනවිට නිකුත් කර තිබේ.

එහි සම්පූර්ණ වීඩියෝව බ්‍රිතාන්‍ය වේලාවෙන් අද රාත්‍රී 11 ට විකාශය කිරීමට නියමිතය.

බ්‍රිතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබුණේ මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී සුරේෂ් සලේ සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ හමුවක් පැවති බව කියන ප්‍රවෘත්තියක් ඇසුරින් මෙම වීඩියෝව සකසා ඇති බවය.

ඊට අනුව මූලාශ්‍රය ලෙස පදනම් කරගෙන ඇත්තේ පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා නමැත්තා විසින් කරන ලද ප්‍රකාශකි.

අද නිකුත් කළ පූර්ව ප්‍රචාරක පටයට අනුව එවක හමුදා බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් අන්තවාදී සංවිධානයේ සාමාජිකයකු අතර හමුවක් දුරස්ථ ගොවිපලක සංවිධානය කළේ තමන් බව අසාද් මවුලානා ප්‍රකාශ කර තිබේ.

එහිදී අසාද් මවුලාන ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අදාළ හමුව සංවිධානය කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවය.

ඊට පෙර සයිනී මවුලවි නැමැත්තා හමුවන ලෙස උපදෙස් දුන් බවත් අසාද් මවුලානා ප්‍රකාශ කර තිබේ.

පසුව ඔහු පාස්කු ප්‍රහාරයේ මූලිකයා වූ සහරාන්ගේ සොහොයුරා බව දැනගත් බවද අසාද් මවුලානා එහිදී ප්‍රකාශ ඇත.

චැනල් 4 වීඩියෝව පවසන්නේ බලහුවමාරුවකට පහසු වන පරිදි අනාරක්ෂිත තත්ත්වයක් රට තුළ ඇති කළ යුතු බවට එහිදී අදහස් පළවූ බවය.  

 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වන චෝදනා සුරේෂ් සලේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ද චැනල් 4 නාළිකාව සඳහන් කරයි. එහිදී සුරේෂ් සලේ පවසා ඇත්තේ තමා සහරාන් ඇතුළු පිරිස හමුවී යැයි කියන කාලවකවානුවේ මැලේසියාවේ සිටි අතර පාස්කු ප්‍රහාරය සිදුවන විට ඉන්දියාවේ රැඳී සිටි බවය. 

 

සබැඳි පුවත් :

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: කවුද මේ හිටිහැටියේ පහළ වූ අසාද් මවුලානා ? 

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට රාජපක්ෂ පවුල සම්බන්ධයි ! - චැනල් ෆෝ වීඩියෝව අද එලියට 

ආයේ ආයෙත් මුණගැසෙන රහස්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

'තමන්ටත් දරුවන්ටත් විශාල තර්ජනයක්' - බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ

රාජපක්ෂගේ නිලධාරීන් ‘පාස්කු ඉරිදා බෝම්බවලට සම්බන්ධයි’ - එංගලන්තයේ 'ද ටයිම්ස්'

පාස්කු බෝම්බයේ සැඟවූ රහස් : කවුද මේ අබුහින්ද්, පොඩි සහරාන්, සහ ජමීල් - (පළමු කොටස) 

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය: චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝව සැප්. 5 එලියට !


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්