leader s

නව කොරෝනා වෛරස ආසාදනයත් සමඟ ශ්‍රී ලංකාව තුළ මෙතෙක් වාර්තා වූයේ එක් රෝගියකු පමණක් වූවද අවදානම පහව ගොස් නොමැති බැවින් මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පාර්ලිමේන්තුවේ ඊයේ (31) පැවති වි‍ශේෂ මාධ්‍ය හමුවේදී ඔහු එබව සඳහන් කළේය.

සෞඛ්‍ය අංශයේ ප්‍රතිකාරක ක්ෂේත්‍රය තුළ තවමත් කොරෝනා වෛරස ආසාදන ව්‍යාප්තිය හමුවේ සාර්ථක ප්‍රතිකාර යෙදීමට රජය සමත් ව නොමැති බවත්, ඒ අනුව නිවාරණ ක්ෂේත්‍රය නිසි නිරෝධායන ක්‍රියාවලියකට යොමුවීම අත්‍යාවශ්‍ය වී තිබෙන බවද විපක්ෂනයකවරයා එහිදී අවධාරණය කළේය.

කොරෝනා වෛරස ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ මතුවීමට සති දෙකක කාලයක් ගත වන බව මේ වන විට සොයා ගෙන තිබෙන බැවින්, ඒ ආශ්‍රිතව චීනයේ සිට මෙරටට පැමිණෙන අවදානමට ලක්ව සිටින පුද්ගලයින් නිසි හා විධිමත් නිරෝධායන ක්‍රියාවලියක් යටතේ පරීක්ෂා කිරීම ආරම්භ කිරීම කඩිනම් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව, ගැඹුරු මුහුදේ ගමන් ගන්නා ධීවර හෝ වෙනත් යාත්‍රා වරාය වෙත සේන්දු වීම තුළ වරාය ආශ්‍රිතව ද විධිමත් නිරෝධායන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බව සඳහන් කළ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ගුවන් තොටුපළ පමණක් ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් නොවන බවයි. 

එක්සත් ජාතීන්ගේ පිහිට පැතීමට:

මෙම ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වය යටතේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කෙරේ වැදගත් කාර්යභාරයක් සිදුකිරීමට යෙදී ඇති මුත් කණගාටුවට කරුණ වන්නේ දෙරට අතර රජයන් ගේ මැදිහත් වීමකින් තොරව එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගොස් ඉල්ලීම් කිරීමට සිදුව ඇති තත්වයට පත්ව තීබීම බව ද ඔහු පැවසිය.

 ඒ අනුව ශ්‍රී ලාංකික පුද්ගලයින් හට එක්සත් ජාතීන්ගේ පිහිට පැතීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය. මෙය චීනයේ වූහාන් නගරයේ සිට රජරට විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරයකු වන රොෂාන් වීරතුංග නිකුත් කළ වීඩියෝවෙන් මනාව පැහැදිලි වන බවද හෙතෙම සඳහන් කළේය.

මුව ආවරණ නොමිලේ දෙන්න :

මීට අමතරව, චීනයෙන් ලංකාවට ආනයනය කරන බඩුභාණ්ඩ, ආහාරපාන ආදිය පිළිබඳව ද නිසි වැඩපිළවෙලක් ක්‍රියාත්මක විය යුතු බවත්, ඒ හරහා මෙම වෛරසය ව්‍යාප්තව යාම සිදුවන්නේ දැයි නිසියාකාරව හඳුනා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් සිදුවිය යුතු බවද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මුව ආවරණ පැළඳීම පිළිබඳ විවිධ පාර්ශව එකිනෙක පරස්පර විරෝධී අදහස් පළ කරන වාතාවරණයක් තුළ ජනතාවට මුව ආවරණ පැළඳීමට අවශ්‍යව ඇතැයි හැඟී ගොස් තිබෙන බැවින් දිවයින පුරා මුව ආවරණ හිඟයක් හට ගෙන තිබෙන බවත් එම තත්ත්වය තුළ මුව ආවරණ අධික මිලකට නියම වන කූට ව්‍යාපාරද ක්‍රියාත්මක වන බැවින්, රජය සඳහන් කළ පරිදි මුව ආවරණ වලට පාලන මිලක් යෙදීම වෙනුවට නිසි ප්‍රමිතියෙන් යුතු මුව ආවරණ නොමිලේ ලබාදීමට රජය කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්