leader s

''අයියා මොකෝ, මල්ලි මොකෝ'' කියා අගමැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහය දක්වන පක්ෂ හා සංවිධාන කිහිපයක නියෝජිතයින් හමුවේ පෙරේදා (30) සඳහන් කර තිබේ. ඒ, 19 ව්‍යවස්ථාව සංශෝධනය කර යලිත් ජනාධිපති ධුරයට පත්ව රටේ ගැටළු විසඳීමට මැදිහත්වන්නැයි ඔවුන් විසින් කළ ඉල්ලීම හමුවේය.


''ඔබතුමාට පමණයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්'' යයි එම හමුවට සහභාගිවූවන් අවධාරණය කර ඇතත් අගමැති මහින්ද ඒ සම්බන්ධ කතාබහ වෙනතකට යොමුකරමින්, ජාතික නිදහස් දිනයේ දී ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම් පිළිබඳව ඔවුන් විසින් මතුකල කාරණය පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.

''කොයි ලෝකෙද ජාතික ගීයක් භාෂා දෙකකින් ගයනා කරන්නේ. ජාතික ගිය වාදනය වෙද්දී ඕන කෙනෙකුට ඕන භාෂාවකින් කියන්න බාධාවක් නැහැනේ. '' අගමැතිවරයා පවසා ඇත.

''19 ගෙන්න වැඩියෙන්ම වැඩකළේ මහින්ද'' - නලින්ද සිල්වා කියන කතාව 

ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගනිමින්, 19 ව්‍යවස්ථා සංශෝධනය කර මහින්ද රාජපක්ෂ යලි ජනාධිපති කරලීමට පක්ෂ නායකයින් එසේ යෝජනා කරද්දී මහචාර්ය නලින් ද සිල්වා පවසන්නේ, 19 ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට විශාලම කාර්ය භාරයක් කළේ මහින්ද රාජපක්ෂ බව අමතක නොකල යුතු බවයි.

'ඒෂියන් මිරර්' වෙබ් අඩවිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ජාවක දී ඔහු එබව සඳහන් කර තිබේ.

19 සංශෝධනය ගෙනා මෛත්‍රීපාල සිරිසේන පසුව ඒගැන කණගාටුව ප්‍රකාශකර නමුත් මහින්ද රාජපක්ෂ අඩුම තරමින් සිදුවූ අතපසුවිම  සම්බන්ධයෙන් මෙතෙක් කනස්සල්ලක්වත් පළකර නැතැයි මහාචාර්ය නලින් ද සිල්වා කියා සිටියි. 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්