ඖෂධ නියාමන අධිකාරිය බේරා ගැනීමට කළ අරගලය කුමන්ත්‍රණයකට හසුවී ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට වෘත්තීය සමිති නායකයකු අවධාරණය කර සිටියි. 

ආන්දෝලනාත්මක ඉමියුනෝග්ලොබියුලින් මගඩියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එසේ පැවසුයේ, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් ය. 

''දත්ත හොරකමට අදාල චූදිත පාර්ශවයන් නැවත වතාවක් ඖෂධ නියාමන අධිකාරියේ මහපුටුවලට එන්නේ, දත්ත හොරකම යට ගහන්න'' යයි ද ඔහු පැවසිය.

මෙම කාරණය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන රවී කුමුදේශ් මෙසේ සඳහන් කළේය. 

 

'' ඖෂධ නියාමන අධිකාරියේ අතට හසුවූ පළමු හොරකම ඉමියුනෝග්ලොබියුලින් හොරකම නෙවේ. ඉමියුනෝග්ලොබියුලින් හොරකමට උත්තර දෙන අය දත්ත හොරකමට අදාලවත් උත්තර දිය යුතුයි.''

 

දත්ත හොරකමට අදාල චූදිත පාර්ශවයන් නැවත වතාවක් ඖෂධ නියාමන අධිකාරියේ මහපුටුවලට එන්නේ, දත්ත හොරකම යට ගහන්න

දත්ත මැකුවාය කියන පුද්ගලයාගේ පරිඝණකයට අදාල රසපරීක්ෂණ වාර්ථාව තවම නෑ. වසර දෙකක් ගත වෙලා, අපරාධ පරීක්ෂණ නඩුව ලබන තිස් වෙනිදා

අපේ රටේ අපරාධ පරීක්ෂණ පටන් ගන්නකොට චූදිතයින් එලියට ගිහිල්ලා, අළුත් වටයකින් හැව අරලා නැවත පත් වෙනවා

 

''ඉමියුනෝග්ලොබියුලින් හොරකමට අදාල සමාගම තවම නිදැල්ලේ. හෙට අනිද්දා ඔහු රට පැන්නා කියලා අපිට කියන්න හදන්න එපා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්න සිදු වුණොත්, මේ අපරධ වලට ඔවුණුත් වග කියන්න ඕනේ බව අමතක කරන්න හොඳ නෑ''

 

සෞඛ්‍ය පාලනයේ අර්බුදය සායනික විශේෂඥතාවය පමණක් සැලකිල්ලට අරගෙන, කළමනාකරණය තීන්දු ගැනීමයි

''දක්ෂ කළමනාකරුවන්ට තීරණ ගැනීමේ ක්‍රියාවලියට එන්න දෙන්නේ නෑ. ඖෂධ, උපකරණ, ප්‍රතික්‍රීයක සමග සෘජුවම වැඩ කරන කිසිදු වෘත්තීකයෙක් තීරණ ගැනීමට අදාලව කිසිදු සම්භන්ධයක් නෑ. ඒ නිසාම කළමනාකරණය ගුණාත්මකව පිරිහිලා. තීරණ ගැනීම සාම්ප්‍රදායික වෙලා. යෙදවුම්වල සපලදායක බව නැති වෙලා දූෂණය වංචා සහ නාස්ති කිරීම් පාළණය කරන්න බැරි තරමට ඉහලට ගිහිල්ලා. ඉහල කළමනාකරණ තනතුරුවලට නැවත නැවත සායනික විශේෂඥයින් පත් කිරීමෙන් මේ තත්වය වැඩි වෙනවා. ඇමතිවරයා වෛද්‍ය වරයෙක් වුණාම, අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය වුණාම ප්‍රශ්ණ විසඳෙනවා කියලා හිතෙන එක බරපතල මුග්ධ කමක්.'' රවී කුමුදේශ් වැඩිදුරටත් පැවසිය.

 



සබැඳි පුවත් :

ඉමියුනෝග්ලොබියුලින් මගඩිය : අමාත්‍යංශයේ වරද ඖෂධ නියාමන අධිකාරියේ සභාපති පිට පැටවීමේ සුදානමක් !

ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකල ද?  ඖෂධ හිඟයක් ද? මාෆියාවක් ද?

ව්‍යාජ ලේඛන සකස් කොට ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදාහැරී අය නිදැල්ලේ !

කුඨ ලේඛන සකසා අති සංවේදී ඖෂධයක් රෝහල්වලට දැමීම සම්බන්ධව CID විමර්ශන ඇරඹේ

රෝගීන්ගේ ජිවිත අනතුරේ ! - කූට ලේඛන සකස් කොට අති සංවේදී ඖෂධයක් රෝහල්වලට දාලා !

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝගයක්

ගැටලුකාරී ඖෂධ සමාගමේ ඇණවුම් සහ ගෙවීම් අවලංගු කරයි


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්