leader s

ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේ, 'නෙත් නිවුස්' රතු කට්ට විශේෂාංගයට එක් වෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයතු කර ඇති හේතු මොනවාදැයි දැනුම් දීමෙන් අනතුරුව ඊට අදාළව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඉන් සහනයක් නොලැබුණහොත් ජාත්‍යන්තර අධිකරණයට යන බවද ක්‍රීඩා ඇමැතිවරයා පවසයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව කැඳවයි


මේ අතර ශ්‍රී ලංකාවට පැනවූ ක්‍රිකට් තහනම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (11) දහවල් 11.00 කැඳවා ඇත.

එහිදී ඉදිරියට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතතනයේ වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත පැවසිය.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවීමට ද නියමිත බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීම හදිසියේ සිදුවූවක් නොවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතතනයේ වැඩබලන ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මාර්ගගත ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් ඊයේ (10) සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඉන් අනතුරු ව තීරණය කර ඇත්තේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම් බරපතළ ලෙස උල්ලංඝණය කරමින් සිටින බවයි.

විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ  පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහතික විය යුතු බව එහි දැක්වේ.

අත්හිටුවීමේ කොන්දේසි ICC මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇති බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

එම කවුසිලයේ විශේෂ හමුවක් නොවැම්බර් 18-21 කාලයේ දී ඉන්දියාවේ අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.


ක්‍රිකට් ලෝලීන් කනස්සල්ලෙන්...


ජාත්‍යන්තර ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝලීන් බලවත්සේ කම්පනයට පත්ව සිටින බව සමාජ මාධ්‍ය නිරික්ෂනයෙදී පැහැදිලිවේ. දේශපාලනඥයින්ට මෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔවුන් දැඩි ලෙස චෝදනා කරමින් සිටිති.

Srilanka post 2023.10.11

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්