leader s

යාල ජාතික වනෝද්‍යානය අද සිට සතියක කාලයක් සඳහා වසා දමන බව 'යාල ජීප් රථ සංගමය'ට දන්වා ඇති බව වාර්තා වෙයි.

මෙම නිවේදනය නිල වශයෙන් මේ වනතුරුත් නිකුත් කර නොමැති නිසා සංචාරක නියෝජිතයන්, හෝටල් හිමියන් සහ ජීප් රථ ධාවකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

මේ වනවිටත් යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා දහස් ගණනක් සංචාරකයන් යාල අවට ලැගුම් ගෙන සිටී.

මෙලෙස වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කර ඇත්තේ, පසුගිය දිනවල පැවැති දැඩි වර්ෂාව නිසා අභ්‍යන්තර පාරවල් පිළිසකර කිරීම සඳහා බව පැවසේ.

අවම වශයෙන් සතියක කාලයකට පමණ පෙර හෝ යාල වනෝද්‍යානය වසා දමන බව නිවේදනය නොකිරීම තුළ යාල වනෝද්‍යානය නැඹීමට එන සංචාරකයින් බලවත් අපහසුතාවයට පත්ව සිටින බව වාර්තාවේ. 

  

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්