leader s

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF ) වැඩසටහනෙන් ඉවත් වුවහොත් බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි මහ බැංකු

අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ගිවිසුමෙන් ඒකපාර්ශ්වික ව ඉවත් වීම ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑම්වලට තුඩු දෙනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අඛන්ඩව ඉදිරියට රැගෙන යාම ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ද ඔහු අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය සහන සහ සහතික ලබාදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන වැඩසටහන ඉදිරියට යෑමේ පදනම මත බව ආචාර්ය නන්දලාල් වීරසිංහ එහිදී පැවැසුවේය.

ඕනෑම රජයකට ඉදිරි වසර හතරක කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර කාලයට ඔබින පරිදි ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම හැකියාව තිබෙන බවද ආචාර්ය වීරසිංහ එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගැන යෑම මෙරට අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් බව ආචාර්ය වීරසිංහ පැවැසුවේය.


''අකැමැති පාර්ශ්ව විකල්පයක් ප්‍රකාශ කළ යුතුයි''


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යෑමට අකැමැති පාර්ශ්ව ඒ සඳහා තිබෙන විකල්පයද ප්‍රකාශ කළ යුතු බව ආචාර්ය වීරසිංහ ප්‍රකාශ කළේය.

ඉහළ ගිය බඩු මිලට මුහුණ දීමට තිබෙන එකම විකල්පය නම් ඊට සාපේක්ෂව ආදායම වැඩි කර ගැනීම බවත් කවුරුන් හෝ දීර්ඝකාලීනව බඩු මිල අඩු කරන බව පවසනවා නම් එය අසත්‍යයක් බවත් ආචාර්ය වීරසිංහ වැඩිදුරටත් පැවැසුවේය.

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්