ජාතික රෝහලේදී නොසැළකිලිමත්කම නිසා ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීම හේතුවෙන්

රෝගියකු මියගිය බවට වූ පළ වූ වාර්තාවලට අදාළව  කරුණු සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කොළඹ ජාතික රෝහලේ නිරික්ෂණයක අද (01) නිරත විය.

එම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ සමග පළමුව අදාළ සිදුවීම පිළිබද කරුණු විමසු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නිලධාරින්, පසුව අදාල සිදුවීම සිදු වූ ස්ථානය වෙත ගොස් තොරතුරු සොයා බැලීමට ද කටයුතු කළේය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කමිටු දෙකක් හරහා විමර්ශන සිදු කෙරෙන බවයි.

එක් පරීක්‍ෂණයක් කොළඹ ජාතික රෝහලෙන්ද අනෙක් පරීක්‍ෂණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා ද සිදු කෙරෙන බවත්, ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම දැනටමත් ආරම්භ කර ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසිය.

අදාළ කමිටු වාර්තා ලබන බදාදා තමන් වෙත ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, නැවත එවැනි වැරදි සිදුනොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ එහිදී වැඩිදුරටත් කියාසිටියේය.  


කොළඹ ජාතික රෝහලේදී රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් එම රෝගියා මියගිය බවට වාර්තා පළවී තිබේ. වාර්තා වන ආකාරයට එසේ මියගොස් ඇත්තේ, නුආලා තේවතාසන් (Nuala Thevathasan) නමැති නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි, හැට එක් වියැති අවිවාහක කාන්තාවකි. ඇය වෙට්රි ආයතනයේ (Verité Research Pvt) විධායක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කර ඇත. 


මිය ගිය කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (31) දහවල් බොරැල්ල කනත්තේදී සිදු කෙරින.

මේ අතර සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ, සැත්කමක් අතරතුර ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් කොළඹ ජාතික රෝහලේ‍ දී කාන්තාවක් මියගිය බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

සබැඳි පුවත් :
ජාතික රෝහලේදී ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දී රෝගියෙකු මියගිහින් !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්