leader s

විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වරාය ඇතුළත වූ ක්‍රියාවලියන් ආහාර හෝ පාන ද්‍රව්‍යයන් හෝ රට අඟුරු, තෙල් හෝ ඉන්ධන හෝ වෙනත් ගොඩ බෑම, ගෙන යාම ගබඩා කිරීම බාරදීම, ගුවන් තොටුපළ, වරාය ඇතුළු ගුවන් මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා බවට නම් කරන බව එම අතිවිශේෂ ගැසට් නිවේදනය සඳහන් වේ.

ජනවාරි තුන්වෙනිදා සිට බල පවත්වන පරිදි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.


විදුලි බල මණ්ඩලය කොටස් 12කට කඩා විකිණීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ඊයේ පැවති උද්ඝෝෂණයට අති විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

බලශක්තිය සහ විදුලි සංදේශ සේවාවක් පෞද්ගලික අංශයට විකුණා දැමීමට එරෙහිව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කර තිබේ.

“විකුණන්න ඉඩ නොදෙමු – රැක ගන්න පෙළ ගැසෙමු” යන තේමා පාඨයෙන් ලංකා විදුලි බල මණ්ඩලයට අයත් සියළුම වෘත්තීය සමිති ඒකාබද්ධව දින 3ක විරෝධතා ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එහි ආරම්බක පියවර ලංකා විදුලි බල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිටදී ඊයේ (ජනවාරි 03) දහවල් පැවැත්වීය. අද සහ හෙටත් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට නියමිතය.

සබැඳි පුවත් :
ලංවිම සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක් !

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්