leader s

යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කළ මාසය තුළ රටේ සමස්ත අපරාධවලින් 17% ක් අඩුවී ඇති බව අමාත්‍යවරයා පවසයි


යුක්තියේ මෙහෙයුමේ දී මානව හිමිකම් උල්ලංඝනය වන බවට නිසි සොයා බැලීමකින් තොරව නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ ලිපිය තුට්ටු දෙකකට මායිම් නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේය.

'' UN එකේ ඉහළ පෙළේ මහත්තයෙකුට මම ඊයේ පෙරේදා ආවහම එයාගේ මූණටම කිව්වා කරුණාකරලා ඔය හියුමන් රයිට්ස් එකේ අයට කියන්න මෙහෙම ස්ටේට්මන්ට් දෙන්නේ නැතුව අපෙන් ඉස්සෙල්ල අහන්න. අපෙන් ඉස්සෙල්ලා දැනගන්න අපි කරන්නේ මොකද්ද?. ඊට පස්සේ වැරදි යමක් කරනවනම් මොනවාහරි කිව්වට කමක් නෑ.'' යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කළ මාසය තුළ රටේ සමස්ත අපරාධවලින් 17% ක් අඩුවී ඇති බව අමාත්‍යවරයා පවසයි.

ඇමතිවරයා එබව කියා සිටියේ, ජනවාරි 18 පැවති මාධ්‍ය හමුවකදීය.

කොළඹ නගරයට ඇතුළුවන රියදුරන් කරන වැරදි CCTV ඔස්සේ නිරීක්‍ෂණය කර දඩකොළ නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ජනවාරි 22වෙනිදා සිට ආරම්භ කරන බවත්, තමන් ලංකාවේ කුමන පලාතක සිටිය ද අදාළ පොලිස් ස්ථානය හරහා වරදට අදාළ චෝදනා යොමු කෙරෙන බවත් මෙම මාධ්‍ය හමුවට එකතුවූ වැඩ බලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් කියා සිටියේය.



(BBC සිංහල සේවය)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්