එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව හා තවත් රටවල් කිහිපයක් සම අනුග්‍රාහකත්වයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද, එම යෝජනාවලිය අහෝසි නොවන බව මානව හිමිකම් ක්‍රියාකාරිකයෝ පෙන්වාදෙති.

මෙම යෝජනා මීට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලදී රාජ්‍යයන් ගණනාවක බහුතර ඡන්දයෙන් සම්මත වූ යෝජනා බවත් එවැනි යෝජනාවක් අහෝසි කිරීමට නම් අහෝසි කිරීමේ යෝජනාවක් නැවත සැසිවාරයට ඉදිරිපත් කොට, එම අහොසි කිරීමේ යෝජනාව සම්මත කරගත යුතු බවත් එම ක්‍රියාකාරීහු පැවසූහ. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ජාතික සාම මණ්ඩලයේ ප්‍රධානී ආචාර්ය ජෙහාන් පෙරේරා ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් සමඟ සාකච්ඡා නොකර හදිසියේ මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවයි. මෙම යෝජනාව අහොසි කිරීමේ අවංක අවශ්‍යතාවක් තිබේ නම් එම රටවල් සමඟ සාමකාමීව සාකච්ඡා කොට එය කළ හැකි බව ඔහු කීය.

එසේ නොකර හදිසියේ ඉවත් වීමෙන් ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය අහොසි කිරීම වැනි සම්බාධ පැනවීමේ අවදානමක් පවතින බව ඔහු කීය. Jehan Prera

අවශ්‍යතාවක් තිබේ නම් දැනට ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ ප්‍රතිසන්ධානය වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී ඇති යෝජනාවලියට වඩා හොඳ ශ්‍රී ලංකාව ස්වාධීනව නිර්මාණය කරන ලද නව යෝජනාවලියක් ඉදිරිපත් කර හැකි බවද ඔහු කීය. දැනට පවතින යෝජනාවලිය ක්‍රියාත්මක කර නොහැකි නම් රාජතාන්ත්‍රික වශයෙන් එය ජාත්‍යන්තර සමාජයට පහදා දිය හැකි බව ඔහු කීය .


මේ පිළිබඳව අදහස් දැක්වූ මානව හිමිකම් ක්‍රියාකාරික රුකී ප්‍රනාන්දු කීවේ, මෙම යෝජනාවලිය ජිනීවා යෝජනා ලෙස හැඳින්වුවද එම යෝජනා ජිනීවා නුවර වැසියන්ගේ නොව ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ යහපතට ශ්‍රී ලංකාව සකස් කරන ලද යෝජනාවලියක් බවය. 

එම යෝජනාවලියට අනුව පිහිටුවූ අතුරුදහන්වූවන් පිළිබඳ  කාර්යාල,  හානිපූරණ කාර්යාලය ඇතුළු ආයතන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිහිටුවූ ආයතන බවද ඔහු කීය. 

ඉදිරියේදී විශේෂ අධිකරණයක් පිහිටුවුවහොත් එයද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සිදුකරන්නක් මිස විදේශ රටවල සිදු කරන්නක් නොවන බව ඔහු කීය.

 ඔහු වැඩිදුරටත් පැවසුවේ සියලු ජනවර්ගවලට අයත් ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් එමගින් සුරක්ෂිත කෙරෙන බවත් ජාත්‍යන්තර සමාජය සිදු කරන්නේ ඒ ගැන නිරීක්ෂණය කිරීම පමණක් බවත්ය.

Ruki Fඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයට ඉදිරිපත් කර ඇති 30/1 යෝජනාවලියේ හා 40/1යෝජනාවලියේ සම අනුග්‍රාහක තත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කළේය.

එක්සත ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ 30/1 යෝජනාවලිය අනුව රජය එකඟ වී ඇති කරුණු 9ක් තිබේ. 

# කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වය ලබා දීම එහි පළමු යෝජනාව වේ. 

# ඊට අමතරව සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ඇති ගැටුම් නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම, 

# අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම, 

# වන්දි ගෙවීම කාර්යාලයක් ස්ථාපනය කිරීම, 

# එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා අපචාර විමර්ශනය කිරීම, විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම, 

# අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයන් පත්කිරීම, ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති  සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම, 

# කාලානුරූපී අධිකරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබා ගැනීමට අවසර දීම යන යෝජනා එයට ඇතුළත්ය. 

40/1 යෝජනාවලියෙන්  ශ්‍රී ලංකාවට ඉහත කී යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා 2021දක්වා වසර දෙකක කාල සීමාවක් ලබාදී තිබුණි .

(තරිඳු උඩුවරගෙදර- අනිද්දා පුවත්පතින් )


සබැඳි පුවත් :

 

ජිනීවා මානව හිමිකම් යෝජනාවෙන් ඉවත් වීම ශ්‍රී ලංකාවට වාසිද ?අවාසි ද?

අගමැති මහින්ද ඡන්ද සටන අරඹයි : ''ජිනීවා සම අනුග්‍රාහක යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බව නිවේදනය කරයි !

ජිනීවා ‌යෝජනාවෙන් ශ්‍රී ලංකාවට ඉවත් විය හැකිද? ඒ ‌කෙසේ ද? විපාක ‌මොනවාද? - සුනන්ද ‌‌දේශප්‍රිය ජිනීවාහි සිට

 
 
 

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...