හිටපු ශ්‍රී ලංකා නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් ඇෆ්ගනිස්තානයට එරෙහිව

ශතක ලබා ගනිමින් ගොඩනැගූ වාර්තාගත ලකුණු 232ක සිවුවැනි කඩුලු සබඳතාව මත ශ්‍රී ලංකාව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අවසානයේ ලකුණු 212කින් පෙරමුණට පිවිස සිටියේ තවත් කඩුලු 4ක් අතැතිව.

දෙවැනි දින තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 410ක් රැස්කර ගෙන සිටියා. ඒ, ඇෆ්ගනිස්තානය ලබා ගත් ලකුණු 198 ට පිළිතුරු වශයෙන්.

xcfgsre
මැතිව්ස් හා චන්දිමාල්ගේ අගනා සබඳතාව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පිහිටුවුනු නව ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක්. මීට පෙර මේ ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකදී වැඩිම සිවුවැනි ටෙස්ට් කඩුලු සබඳතාව වූ ලකුණු 230 වාර්තා කර තිබුනේ අර්ජුන රණතුංග හා අසංක ගුරුසිංහ. ඒ, 1992 වසරේ ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියාව ට එරෙහිව. කෙසේ වෙතත් එදා ඒ තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුනා.


දර්ශනීය පිතිහරඹයක නියැලුනු මැතිව්ස් ලකුණු 141ක් රැස් කළ අතර පන්දු 259ක ඒ ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් ඇතුළත්ව තිබුනා.
චන්දිමාල් පන්දු 181කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමග ලකුණු 107ක් ලබා ගත්තා.

දිමුත් කරුණාරත්න ලකුණු 77ක් ද, නිශාන් මදුෂ්ක ලකුණු 37ක් ද ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා.

 දෙවැනි දින තරගයේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් දිමුත් කරුණාරත්න ඔහුගේ 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා. ඊළඟ ඔ්වරයේ දෙවැනි පන්දුවේදී දිමුත් සහ නිශාන්ත මදුෂ්කගේ ලකුණු 93 ආරම්භක කඩුලු සබඳතාව අවසන් වුනා.

dfsdfsdf
පන්දු 98ක මේ සබඳතාව බිඳ වැටුනේ නවීඩ් සඩ්රාන්ගේ පන්දුවකට මදුෂ්ක දුන් උඩ පන්දුවක් ‘ලෙග් ස්ලිප්’ හි සිට නූර් අලි සඩ්රාන් ප්‍රදර්ශනය කළ දක්ෂ පන්දු රැකීමකින්. මෙය නවීඩ් සඩ්රාන්ගේ පළමු ටෙස්ට් ක්‍රිකට් කඩුල්ල වුනා. පන්දු 53කට මුහුණ දුන් නිශාන් මදුෂ්ක හතරේ පහර 6ක් සමග ලකුණු 37ක් වාර්තා කළා.

ඊළඟට කඩුල්ලට පිවිසියේ ඊයේ සිය 29 වැනි උපන්දිනය සැමරූ කුසල් මෙන්ඩිස්. කෙසේ වෙතත් වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාවක් නොතිබුනු ඔහු නජිට් මසූඩ්ගේ පන්දුවට ‘ලෝං ලෙග්’ හි පන්දු රකිමින් සිටි සියා උර් රෙහමාන් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 10කට දැවී ගියා. පන්දු 22කට මුහුණ දුන් කුසල් දැවී යාමට පෙර එක් හතරේ පහරක් එල්ල කර තිබුනා. මේ අනුව ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල මුළු ලකුණු 115දී බිඳ වැටුනේ ඊයේ තරගයේ 8 වැනි ඔ්වරයේ. එය ශ්‍රී ලංකා ඉනිමේ 22 වැනි ඕවරය වී තිබුනා.

dfgsdg
ශ්‍රී ලංකා තෙවැනි කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු සංඛ්‍යාව 148ක්ව තිබියදී. ශතකයක් කරා යනු ඇතැයි අපේක්ෂා කෙරුනු දිමුත් කරුණාරත්න 30 වැනි ඔ්වරයේදී කයිස් අහමඩ්ගේ පන්දුවට ‘ෂෝට් මිඩ් විකට්’ හි ඉබ්‍රහිම් සඩ්රාන් අතට උඩ පන්දුවක් ලබා දීම හේතුවෙන් ලකුණු 77කට දැවී ගියා. පන්දු 72ක දිමුත්ගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත්ව තිබුනා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 3කට ලකුණු 177ක් රැස්කර ගෙන සිටියා.

ශ්‍රී ලංකාවට ප්‍රතිවාදී ඇෆ්ගන් මුළු ලකුණු ප්‍රමාණය වූ 198 පසු කිරීම සඳහා ගතවූයේ ඕවර 42.3ක් පමණයි.

තරගයේ 51 වැනි ඕවරය ආරම්භයේදී සියා උර් රෙහ්මාන්ගේ පන්දුවට ලකුණක් ලබා ගනිමින් ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ 41 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා. පන්දු 100කින් ලබා ගත් එම අර්ධ ශතකයට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබුනා.

56 වැනි ඕවරයේ දී සියා උර් රෙහ්මාන් ට හතරේ පහරක් එල්ල කිරීමත් සමග දිනේෂ් චන්දිමාල්ගේ 26 වැනි ටෙස්ට් අර්ධ ශතකයත්, ඔහු සහ මැතිව්ස් අතර සිවුවැනි කඩුලු සබඳතාවේ ලකුණු 100ත් වාර්තා වුනා. මේ වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනා පන්දු 170කට මුහුණ දී තිබුනා. ‘චන්දි’ගේ අර්ධ ශතකය වෙනුවෙන් ඔහු පන්දු 83කට මුහුණ දී තිබූ අතර හතරේ පහර 6ක් ඊට ඇතුළත්.

සවස තේ පානය වන විට ශ්‍රී ලංකාව කඩුලු 3කට ලකුණු 287ක් රැස්කර ගෙන සිටියේ ලකුණු 89කින් පෙරමුණට පිවිසෙමින්.

තේ පානයෙන් පසුව යැවුනු සිවුවැනි ඕවරයේ දී (තරගයේ 73 ඔ්වරය) ශ්‍රී ලංකාවේ මුළු ලකුණු 300 වාර්තා වුනා.

ඇන්ජලෝ මැතිව්ස්ගේ 16 වැනි ටෙස්ට් ශතකය වාර්තා පොතට එක්වුනේ තරගයේ යැවුනු 79 වැනි ඔ්වරයේදී. පන්දු 184කින් වාර්තා වූ ඒ ශතකයට හතරේ 7ක් සහ හයේ පහර 3ක් ඇතුළත්ව තිබුනා.

ඔ්වර 80යි පන්දු 2කින් පසුව ඇෆ්ගනිස්තානය දෙවැනි නව පන්දුව ලබා ගත්තා. ඒ වන විට ශ්‍රී ලංකාවේ මුළු ලකුණු ප්‍රමාණය කඩුලු 3කට ලකුණු 331ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්ව තිබූ අතර මැතිව්ස් ලකුණු 101ක් ද, චන්දිමාල් ලකුණු 90ක් ද රැස්කර ගෙන තිබුනා.

දිනේෂ් චන්දිමාල් ඔහුගේ 15 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේ 88 වැනි ඕවරයේ අවසන් පන්දුවේ නිජාට් මසූඩ් ට හතරේ පහරක් එල්ල කරමින්. ඔහුගේ මේ ශතකය වාර්තා වුනේ පන්දු 168කින්. හතරේ පහර 9ක් හා හයේ පහරක් ඊට ඇතුළත්ව තිබුනා.

fhdfg
මැතිව්ස් හා චන්දිමාල් එස්.එස්.සී. පිටියේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් නව වාර්තාවක් පිහිටුවීම ද අද සිදුවූ විශේෂ සිදුවීමක්. නමුත් ඒ වාර්තාගත ලකුණු 232 සබඳතාව බිඳ වැටීමත් සමග මුළු ලකුණු 380දී ශ්‍රී ලංකා කඩුලු 2ක් ම පිට පිට බිඳ වැටුනා.

93 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී චන්දිමාල්, නවීඩ් සඩ්රාන්ගේ පන්දුවට කඩුලු රකින ඉක්රම් අලිඛිල් වෙත උඩ පන්දුවක් දෙමින් දැවී යාමත් සමග සිවුවැනි කඩුලු සබඳතාව අවසන් වූ අතර ඊළඟ පන්දුවේදී නායක ධනංජය ද සිල්වා බින්දුවට දුවද්දී දැවී ගියේ පන්දු රකින්නා කෙළින් ම කඩුල්ලට පන්දුව යොමු කිරීමෙන්.

ඇන්ජලෝ මැතිව්ස්ගේ ‘හිට් විකට්’ දැවී යාමත් සමග දෙවැනි දින තරගය නතර කෙරුනා. ඒ වන විට සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 21ක් රැස්කර ගෙන සිටියේ පන්දු 22කට මුහුණ දී හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් ද එල්ල කරමින්.


සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්