leader s

මාධ්‍යවේදීන්ට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද නීතිය භාවිත කරමින් ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කිරීමට දරන උත්සාහයක්

සම්බන්ධව මාධ්‍ය සංවිධාන එකතුව කතානායකවරයාගේ අවධානයට යොමු කර තිබේ.

මාධ්‍ය සංවිධාන 6ක් එක්ව කතානායකවරයා වෙත යවා ඇති ලිපියකින් අවධාරණය කර ඇත්තේ ජනමාධ්‍යවේදීන් බිය ගැනවීම මගින් මහජනතාවට සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය අවහිර කිරිමට දරමින් සිටින සියලු පටු උත්සාහයන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

ජනවාරි 28 වැනිදා නිකුත් වු ඉරිදා ලංකාදීප පුවත්පත උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ කියා සිටියේය ඔන්ලයින් පනත සම්බන්ධ පල කර තිබු පුවත හරහා තම වරප්‍රසාද කඩ වී ඇති හෙයින් ඒ සම්බන්ධව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කමිටුව මගින් කටයුතු කරන ලෙසටයි.

එම පුවත සම්බන්ධව කටයුතු කිරිමට කතානායකවරයා විසින් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කමිටුවට යොමු කිරිම ගැන විමතිය පළ කරන මාධ්‍ය සංවිධාන එකමුතුව “නඩු ඇසිම සහ දඬුවම් නියම කිරිමේ නිශ්චිත පටිපාටියක් නොමැති” යල් පැනගිය නීති උපයෝගී කර ගනිමින් මාධ්‍ය මර්දනය කිරිමට ආණ්ඩුව දරන උත්සාහය පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින බව කතානායකවරයාට දන්වා ඇත.

ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන් සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමල මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන් සංගමය සහ දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංසදය එක්ව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

(චතුරංග මේදිස්)

MOC 2024.2.10


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්