leader s

රට සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙලක් අද (14) ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායකයා පවසයි.

දේශපාලනය සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශවවලට මෙම වැඩපිළිවෙළ වැදගත් බව පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, එය සමාජ ක්‍රියාකාරීන්ට වෘත්තීයවේදීන්ට සහ වෙනත් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව වෙත ලබාදීමට පියවර ගන්නා බවයි පවසන්නේ.

“වසර 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශ කෙරිණ. ඉන්පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් මූල්‍ය ආයතන වල මාර්ගෝපදේශ මත ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රියාත්මක වෙයි. ඒ සම්බන්ධව විවිධ පාර්ශ්ව විවිධ අදහස් ඉදිරිපත් කරන බව රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එහෙත් පවතින ගැටලුවෙන් රට මුදාගැනීමට සුදුසු වැඩපිළිවෙළක් කිසිවෙකු  ඉදිරිපත් කර නැත. එක්සත් ජනරජ පෙරමුණ අද දිනයේ දී ඒ සම්බන්ධ විධිමත්, සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.” යයි එක්සත් ජනරජ පෙරමුණ නිකුත්කර ඇති නිවේදනයක සන්ධාන වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතන වලින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග මෙම වැඩපිළිවෙලේ ඇතුළත් වෙයි.

ඉදිරිපත් කර ඇති යෝජනාවලින් ක්‍රියාත්මක කළ යුත්තේ මොනවාදැයි පැහැදිලිව ප්‍රකාශ කිරීමට මෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු කරුණු ද පැහැදිලිව දැක්වීමට සහ සංශෝධන යෝජනා ද ඉදිරිපත් කරන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

වර්තමාන ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථීක වශයෙන්  සංකෝචනය වෙමින් ඇතැයි පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඒ හරහා ජනතාව මත දැඩි පීඩනයක් නිර්මාණය වී ඇති බව කියා සිටියේය.

එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කරන යෝජනා මාලාවෙන් මෙම තත්ත්වය වෙනස් කිරීමට අපේක්‍ෂා කෙරේ.

මෙම වැඩපිළිවෙල යටතේ පුළුල් දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරිමට හැකියාවක් තිබෙන හෙයින් ඉදිරියේදී සියලු දේශපාලන පක්‍ෂ, සමාජ සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තීය ආයතන සමග ද වැඩපිළිවෙළ සම්බන්ධ සාකච්ඡා ආරම්භ කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය.

(චතුරංග මේදිස්)


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්