leader s

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වෙනි සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකාව බහුවාර්ගික, බහු භාෂා, බහු ආගමික, බහු සංස්කෘතික රටක් යයි කළ ප්‍රකාශය මේවනවිට සමාජ ඔස්සේ දැඩි සංවාදයකට ලක්වෙමින් තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සඳහන් කර ඇත.

''දිනේශ් ලොක්ක ලංකාව බහුවාර්ගික, බහු භාෂා, බහු ආගමික, බහු සංස්කෘතික රටක් කිව්ව එක ගැන කෝචෝක් කරන්න එපා. ඒක හොඳ දෙයක්. මොකද දිනේශ් වගේ "මේක සිංහල බෞද්ධ රට" කියල උගුර බැරන්ඩි වෙනකන් ලංකාවෙදි බයියන්ට ඇහෙන්න කෑගහන කෙනෙක් ජිනීවා ගිහින් එහෙම කියන එකෙන් පේන්නෙ ඒක ලංකා ආණ්ඩුවේ ස්ථාවරය එය බව. 

දෙක; ස්වයරීත්වය ගැන ලොකු ටෝක් දුන්නට, එක්සත් ජාතීන්ගේ සම්මුතිවලට අත්සන් කරල තියෙනව කියන්නෙම රටක ස්වයරීත්වයෙන් කෑල්ලක් එක්සත් ජාතීන්ගේ සංවිධානායට ලියල දීල තියෙන්නෙ කියන එක බයි නෝනා මහත්වරුන්ට තේරුම් කර දීම. 

තුන; සමහරවිට අන්එතිකල් කන්වර්ශන් ( සදාචාර විරෝධී මත මාරු කිරීමක්) වෙන්නත් පුලුවන්.

 ඒ තුන් වෙනි කාරණය නම් ඇත්ත, ඒක තමා බයි පීපල්ස්ලට ඉවසගන්න අමාරු වෙන්නෙ. ඔය කතාව වෙන ආණ්ඩුවකින් කිව්ව නම් මොකද වෙන්නෙ කියන එක අදාල නැහැ. මේ පිලිගැනීමම වැදගත්.''


දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා ජිනීවාහි දී කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල පලවී ඇති පොස්ටු කිහිපයක් පහත පළවේ.

WhatsApp Image 2020 02 27 at 2.47.46 PM

WhatsApp Image 2020 02 27 at 2.23.34 PM
IWhatsApp Image 2020 02 27 at 1.50.38 PMWhatsApp Image 2020 02 27 at 3.41.52 PM
darashana

සබැඳි පුවත් :

ජිනීවා වලදී වෙච්චදේ මෙන්න : ''දිනේෂ් පාර්ලිමේන්තුවේ දාන සද්ද ජිනීවා වලදී නැහැ. හරිම අහිංසකයි'' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ කියයි 

දෙමළ පීඩිතයන් “මකා දැමූ” එජා මානව හිමිකම් ප්‍රධානීට දැඩි අභියෝගයක්!

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්