උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කර දෙන බවට වන ප්‍රතිඥාවක් ලබා දෙමින් වතුකරයේ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් රැසක්

සමග සමාජ ගිවිසුමකට සමගි ජන බලවේගය අත්සන් තබා තිබේ.

ලක්ෂ ගණනක් උඩරට හා පහතරට වතු ප්‍රජාව රටේ ජීවනාලියට දායකත්වයක් ලබා දෙන බැවින් ඔවුන් හැමදාම කම්කරු තනතුරේ තබා ගැනීම නොව ඔවුන්ට වගා භූමියේ හා නිවසක අයිතිය මෙන්ම වතු ක්ෂේත්‍රයේ වතු ව්‍යවසායකයන් ලෙස කටයුතු කිරීමේ ඉමහත් අවස්ථාව මේ තුළින් උදා වන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

මෙතෙක් කල් දෙවැනි තුන්වැනි පන්තියේ කුඩම්මාගේ සැලකිලි ලැබුණු මේ ප්‍රජාවට වචනයට සීමා වූ සටන් පාඨ නොව කාලවකවානු සහිතව මේ ජනතාව ශක්තිමත් කරන්න පැහැදිලි සමාජ සම්මුතියකට එළැඹුනු බව ගිවිසුමට අත්සන් තබමින් පෙබරවාරි 14 වැනිදා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියා සිටියේය.

සමගි ජන බලවේග රජයක් පිහිටවු පළමු දිනයේ සිට මේ සියලු කරුණු කාරනා සාකච්ඡා කරන්න නොව මේ සමාජ ගිවිසුම මහපොලොවේ යථාර්ථයක් බවට පත් කරන්න කටයුතු කරන බවත් එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස මෙය හැදින්විය හැකි බවයි ඔහු පවසන්නේ.

දිනෙන් දින සදාකාලිකව දේශපාලන ඇන්දවීම්වලට රැවටීම්වලට ලක්වූ උඩරට පහතරට වතු ප්‍රජාවට ආර්ථික හා සමාජීය නිදහස උදාකරන වැදගත් ගමනක් යාම සමගි ජන සන්ධානයේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන බව හෙතෙහ අවධාරණය කළේය.

මෙම ගිවිසුම සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායකවරයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දමිල ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන්, කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් සහ නුවරඑළිය දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. උදයකුමාර් අත්සන් තබන ලදී.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image