කොවිඩ් -19 රෝගියකුට අයත් සුනඛයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සුරතල් සතුන් සිපගැනීමෙන්

වළකින ලෙස හොංකොං බලධාරීන් අනතුරු අඟවා තිබේ.

හොංකොං කෘෂිකර්ම, ධීවර හා සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මෙය මිනිසුන්ගෙන් සතුන්ට වෛරසය සම්ප්‍රේෂණය වූ අවස්ථාවක් වන අතර, අදාළ සුරතල් සුනඛයාට "වෛරසය ආසාදනය වී තිබෙන්නේ අවම මට්ටමින්" බවය.

පොමරේනියන් වර්ගයේ සුනඛයාට කිසිදු රෝගී ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති අතර දැනට නිරෝධායනය වෙත යොමු කර ඇත.

 

ලොව පුරා සිදුවෙන්නේ කුමක් ද?

Image result for Coronavirus califonia

කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු මිය යාමත් සමග කැලිෆෝනියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

කොරෝනාවෛරසය හේතුවෙන් මේ වන විට එක්සත් ජනපදයේ මරණ 11 වාර්තා වී තිබේ.

කැලිෆෝනියාවේ දී මියගිය 71 හැවිරිදි පුද්ගලයා වෙනත් රෝගවලින් ද පීඩා විඳි කෙනෙකු වන අතර, ඔහු නෞකාවක සංචාරයේ යෙදී ඇතැයි නිලධාරීහු පවසති.

මෙම රෝගය ගැන රට පුරා පරීක්ෂණ පුළුල් කිරීමට ධවල මන්දිරය බදාදා (මාර්තු 04) පියවර ගත්තේය.

එක්සත් ජනපදයේ ප්‍රාන්ත දහසයක පුද්ගලයන් 150කට පමණ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ලොව පුරා වෛරසය ආසාදනය වූ රෝගීන් 92,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින බව බලධාරීන් සනාථ කර ඇති අතර ඉන් 80,000 කට වැඩි ප්‍රමාණයක් සිටින්නේ චීනයේ ය. මේ වන විට ලොව පුරා 3,000 කට අධික පිරිසක් මියගොස් තිබෙන අතර, ඉන් බහුතරයක් චීනයෙන් වාර්තා වේ.

''ලොව පුරා වෛරසය ආසාදනය වූ රෝගීන් 92,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින බව බලධාරීන් සනාථ කර ඇති අතර ඉන් 80,000 කට වැඩි ප්‍රමාණයක් සිටින්නේ චීනයේ ය. මේ වන විට ලොව පුරා 3,000 කට අධික පිරිසක් මියගොස් තිබෙන අතර, ඉන් බහුතරයක් චීනයෙන් වාර්තා වේ.''

ඇමරිකාවේ වූ මරණ 11 න් 10 ක් වාර්තා වී ඇත්තේ වොෂිංටන් ප්‍රාන්තයෙන් වන නමුත්, ටෙක්සාස් සහ නෙබ්‍රස්කා ප්‍රාන්තවල ද වෛරසය පැතිරී ගොස් තිබේ.

සති අන්තයේ දී වොෂිංටන් සහ ෆ්ලොරිඩා යන ප්‍රාන්ත ද වෛරසය පැතිරී යෑම වැළැක්වීමේ පියවරක් ලෙස හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබිණි.

 

'ග්‍රෑන්ඩ් ප්‍රින්සස්' නෞකාවට කුමක් සිදුවීද?

Image result for Coronavirus Grand Princess
ග්‍රෑන්ඩ් ප්‍රින්සස් ලොව විශාලතම නෞකාවලින් එකකි

මියගිය කැලිෆෝනියා හි පදිංචිව සිටි පුද්ගලයාට කොරෝනාවෛරසය ආසාදනය වූයේ පසුගිය මස සැන් ෆ්‍රැන්සිස්කෝ සිට මෙක්සිකෝව දක්වා රවුම් ගමනක යෙදුන 'ග්‍රෑන්ඩ් ප්‍රින්සස්' නම් නෞකාවේදී බව විශ්වාස කෙරේ..

පෙබරවාරි 21 වෙනි දින සැන් ෆ්‍රැන්සිස්කෝහි නැංගුරම් ලා තිබූ නෞකාවට මගීන් දහස් ගණනක් ගොඩ වූ අතර තවත් දහස් ගණනක් ඉන් පිටත් විය. පසුව යාත්‍රාව හවායි වෙත ගමන් ආරම්භ කළේය.

මගීන් 62ක් පමණ මෙක්සිකෝ සහ හවායි සංචාර දෙකෙහිම රැඳී සිටියහ. ඒ සියලු දෙනා අදාළ පරීක්ෂා කිරීම් සඳහා ඔවුන්ගේ කාමරවලට සීමා කර ඇත.

මගීන් 3,500ක් මේ වන විට නෞකාව තුළ රැඳී සිටිති.

ග්‍රෑන්ඩ් ප්‍රින්සස් කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා තිබෙන අතර, ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් නිව්සම් පැවසුවේ මගීන් 11 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සැක කරන බවය.

 

එක්සත් රාජධානිය:

එක්සත් රාජධානියේ කොරෝනාවෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේදී නව රෝගීන් 36 ක් වාර්තා වූ අතර එය මෙතෙක් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව විණි. ඒ සියලු දෙනා පාහේ මෑතක දී වෛරසයේ බලපෑම එල්ල වී ඇති රටවල සංචාරය කළ අය හෝ එවැනි වෙනත් පුද්ගලයෙකුගෙන් රෝගය ආසාදනය වූවන් බව එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය උපදේශක මහාචාර්ය ක්‍රිස් වීටි පැවසීය.

ඊයේ (මාර්තු 05) වන විට, එංගලන්තයේ රෝගීන් 80ක්, ස්කොට්ලන්තයේ හය දෙනෙක්, වේල්සයේ එක් අයෙක් සහ උතුරු අයර්ලන්තයේ රෝගීන් තිදෙනෙක් වශයෙන් වාර්තා වී තිබේ.

 

ඖෂධ හිඟයක් !

කොරෝනාවෛරසය හේතුවෙන් ඉන්දියාව ඇතැම් ඖෂධ අපනයනය සීමා කිරීමෙන් පසුව ඇතැම් සුලබ ඖෂධවල ගෝලීය වශයෙන් හිඟයක් ඇති වේ යැයි බියක් පවතී.

ලොව විශාලතම ඖෂධ සැපයුම්කරු ඖෂධ 26ක් ඇතුළු නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය 26 ක් අපනයනය කිරීම සීමා කර ඇත.

Image result for Coronavirus Paracetamolසීමා කරන ලද ඖෂධ අතර ලොව පුරා බහුලව භාවිත කරන වේදනා නාශකයක් වන පැරසිටමෝල් ද ඇතුළත්ය

සීමා කරන ලද ඖෂධ අතර ලොව පුරා බහුලව භාවිත කරන වේදනා නාශකයක් වන පැරසිටමෝල් ද ඇතුළත් වේ.

චීනයේ බොහෝ ඖෂධ අමුද්‍රව්‍ය නිෂ්පාදකයින් සිය කර්මාන්තශාලා වසා දමා හෝ නිෂ්පාදනය අවම කිරීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදකයින් ඔවුන්ගේ ක්‍රියාකාරී අමුද්‍රව්‍යවලින් 70% කට ආසන්න ප්‍රමාණයක් චීනය මත යැපෙන අතර, වසංගතය දිගටම පැවතුනහොත් ඖෂධ හිඟයකට මුහුණ දීමට සිදුවන බවට කර්මාන්ත විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

"චීනයේ නිෂ්පාදනය නොකරන ඖෂධවලට පවා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ලබාගන්නේ චීනයෙන්. චීනය සහ ඉන්දියාව යන රටවල් දෙකටම වෛරසයේ බලපෑම් එල්ල වුණහොත්, ගෝලීය වශයෙන් ඖෂධ හිඟයක් ඇති වෙන්න පුළුවන්" යනුවෙන් චීන වෙළෙඳපොළ පර්යේෂණ කණ්ඩායමේ විශ්ලේෂක ෂෝන් රයින් අනතුරු ඇඟවීය.

 

ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට:

ඉන්දියාවේ, කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉතාලි ජාතික සංචාරකයින් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර තිබේ.

Image result for Coronavirus Indiaඉන්දියාව

සියලු ජාත්‍යන්තර ගුවන් යානාවල මගීන් පරීක්ෂාවට ලක් කරන බව ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් පැවසීය.

ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව සහ ජපානය යන රටවල සංචාරකයින් පැමිණීම අඟහරුවාදා (මාර්තු 03) සිට තහනම් කර තිබූ අතර චීන සංචාරකයින්ගේ පැමිණීම පසුගිය මාසයේ තහනම් කරන ලදී.

 

ඉන්දුනීසියාවෙන් සංචාරකයින්ට තහනමක් !

පසුගිය දින 14 තුළ පහත සඳහන් රටවල සංචාරය කළ පුද්ගලයන්ට ඉන්දුනීසියාවට ඇතුළු වීම හා එරට හරහා ගමන් කිරීම තහනම් කිරීමට පියවර ගනිමින් සිටී.

මාර්තු 8 වෙනිදා සිට මෙම තහනම බලපැවැත්වේ.

    # ඉරානය (ටෙහෙරානය, කොම්, ගිලාන්)

    # ඉතාලිය (ලොම්බාර්ඩි, වෙනෙටෝ, එමිලියා රොමග්නා, මාර්චේ සහ පීඩ්මොන්ට්)

    # දකුණු කොරියාව (Daegu සහ Gyeongsangbuk-do)

කොරෝනාවෛරසය: පසුගිය පැය කිහිපය තුළ ලොව පුරා සිදු වූයේ කුමක් ද?

Image result for coronavirus italiaඉතාලියේ සියලු පාසල්, විශ්ව විද්‍යාල, සිනමා ශාලා සහ කෞතුකාගාර වසා දමා ඇත

    # හිටපු මගියෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග, තවත් නෞකාවක් එහි සිටින සියලු මගීන් සමග ග්‍රීක වරායක් වන ඇතන්සල්සෝහි නැංගුරම් ලා ඇත.

     # ඉතාලියේ සියලු පාසල්, විශ්ව විද්‍යාල, සිනමා ශාලා සහ කෞතුකාගාර මාර්තු 15 දක්වා වසා දමා ඇත. එමෙන්ම, ජාත්‍යන්තර පාපන්දු තරග කල් දැමීමට සහ තවත් තරග හිස් ක්‍රීඩාංගනවල පැවැත්වීමට බලධාරීහු ක්‍රියා කරමින් සිටිති.

    # ජපානයේ ඔලිම්පික් ක්‍රීඩා ඇමතිවරයා පවසන්නේ ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතර, අවලංගු කිරීම "පිළිගත නොහැකි" බවය.

    # දකුණු කොරියාවේ ආසාදිතයන් සංඛ්‍යාව 5,766 දක්වා ඉහළ ගොස් තිබේ.

    # චීනයේ මියගිය සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇත.

    # දකුණු කොරියාවෙන් විදේශිකයන් පැමිණීම තහනම් කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබේ.

   #  වෛරසය හේතුවෙන් ස්විට්සර්ලන්තයෙන් පළමු මරණය වාර්තා වී තිබේ.

 

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද ?

Coronavirus outbreak

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්