ඉන්දන මිළ සුත්‍රය ක්‍රියාත්මක වුයේ නම්, 2020 මාර්තු 10දා ඩිසල් ලීටරයක මිළ රුපියල් 74 කටත් පෙට්‍රෙල් මිළ රුපියල් 107කටත් ලබාදෙමින් ජනතාවට සහනයක් ලබාදීමට හැකියාවක් තිබු බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර පවසයි.

යහපාලන ආණ්ඩු සමයේදී ලෝක වෙළඳපොලේ මිල ගණන් සංසන්දනය කරමින්, මෙරට පාරිභෝගිකයාට උපරිම වාසියක් අත්වන පරිදි ක්‍රියාත්මක කළ මිල සුත්‍රයට අනුව සෑම මාසයකම 10 වනදා ඉදිරි මාසයේ ඉන්ධන මිල ප්‍රකාශයට පත්කරනු ලැබිය.

ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට තෙල් මිල සුත්‍රය හඳුන්වාදෙමින් එවකට මුදල් ඇමති මංගල සමරවීර පොරොන්දු වී තිබිණි.  

මේවනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉතිහාසගත අයුරින් පහත වැටී ඇතත් එහි වාසිය ජනතාවට ලබාදීමට වත්මන් රජය කටයුතු කර නොමැති බව ඊයේ (10) දිනයේ මාධ්‍යය වෙත වීඩියෝවක් මුදා හරිමින් ප්‍රකාශකර ඇති  මංගල සමරවීර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේ කියා සිටියි.

ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටිලා :

''වර්ෂ 2020 මාර්තු 10 වෙනිදා අද වන විට ලෝක බොර තෙල් මිල 1991 න් පසුව විශාලතම අඩු වීම සඳහන් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මීට දින කිහිපයකට ප්‍රථම මාර්තු 7 වෙනිදා මම ට්විටර් පණිවිඩයකින් තෙල් මිල පසුගිය අවුරුද්දේ අපි රජය භාරව දෙන අවස්ථාවේ තිබුණ ඩොලර් 65 සිට ඩොලර් 45 දක්වා අඩුවු බවට ප්‍රකාශ කරමින්.

 ඒ අනුව ඉන්ධන මිල සුත්‍රය 10 වෙනිදා වන විට පෙට්රල් සඳහා රුපියල් 117 කුත්, ඒ වගේම ඔටෝ ඩීසල් සඳහා රුපියල් 84 කුත්, අඩු විය යුතු බවට ප්‍රකාශ කර හිටියත්, පසුගිය පැය 72 දී ලෝක තෙල් මිල ඊටත් වඩා ශීඝ්‍රයෙන් පහත වැටිලා තියෙනවා.

 ඇත්ත වශයෙන්ම මේ වෙනකොට අද දවසේදී බොර තෙල් මිල 7 වෙනිදා තිබුණ ඩොලර් 45න් තවත් ඩොලර් 13කට ආසන්න ප්‍රමාණයෙන් අඩු වෙලා. ඒ අනුව පෙට්ට්‍රල් වලට ඩීසල් වලට මම කියපු ප්‍රමාණයටත් වඩා අප රජය තිබුණානම් මිල සුත්‍රය ක්‍රියාත්මක කරන 10 වෙනිදා අද වැනි දිනයක අපිට පෙට්ට්‍රල් රුපියල් 107 දක්වාත් ඩීසල් රුපියල් 74 දක්වාත් අපි අඩු කරනවා. 

නමුත් රාජපක්ෂ රජය මේ වාසිය ජනතාවට ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මම මෙම අඩු වීම වහාම ජනතාවට ලබා දෙන්න කියලා වර්තමාන මුදල් ඇමතිවරයාටත්, වර්තමාන රජයටත්, වර්තමාන ජනාධිපතිගෙනුත් ඉල්ලා සිටිනවා. 
Mangala 0311
ඇත්ත වශයෙන්ම අද මේ රටේ ජනතාව බඩු මිල නිසා තැලිලා පොඩිවෙලා ඇත්ත වශයෙන්ම ජිවත් වෙන්නට බැරි තත්වයක් පසුගිය මාස තුන තුලදී ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ රජයේ සේවකයන්ට ලබා දුන් පඩි වැඩි වීම් පවා නවත්වලා තියෙනවා මේ රටේ විශ්‍රාමිකයන්ට ජනවාරි 1 වෙනිදා සිට ලබාදෙන්නට නියමිත වූ අනෙකුත් වැඩි වීම් සම්පූර්ණයෙන්ම නවත්වලා තියෙනවා.

 ගම්පෙරළිය වැනි සංවර්ධන  වැඩසටහන් සියල්ලම නවත්තලා මුළු රටම මහා ආර්ථික අර්බුදයකට තල්ලු වෙන මේ මොහොතේ අඩුම ගානේ මෙන්න මේ ලොකයේ තෙල් මිල අඩු වීමේ වාසියවත් මේ රටේ ජනතාවට ලබා දෙන්න කියලා මම බල කරනවා, ලබා දෙන්න කියලා මම අභියෝග කරනවා.''

වීඩියෝ 

 

 

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඇමති අමරවීරට ලියයි 


මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති, රංජිත් විතානගේ ප්‍රවාහන හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර වෙත ලිපියක් යොමු කරමින්, ලෝක වෙළදපොලේ බොරතෙල් අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.

''මේ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටී ඇත. එහෙත් මෙරට ඩීසල් මිල හෝ පෙට්රල් මිල අඩු කිරීමට ඔබ අමාත්‍යංශය මෙතෙක් කටයුතු කර නැත.

වසර 1991 ට පසු ඉතිහාසයේ ප්‍රථමවතාවට බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 32.78 ක මිලකට මේ වන විට ලෝක වෙළදපොලේ අලෙවි වෙමින් පවතී. 

එම නිසාලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය ඉතාම ඉක්මනින් මෙරට පාරිභෝගිකයින්ට ලබා දීම සදහා  ඩීසල් මිල හා පෙට්රල් මිල අඩු කරන ලෙස ඔබතුමාගෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.''

crude oil chart 2crude oil chart 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්