අත් සේදීම නව කොරෝනා වයිරසයෙන් ආසාදනය වීම වළක්වා ගත හැකි හොඳම ක්‍රමවලින් එකකි,

නමුත් බොහෝ අය එය එතරම් හොඳින් කරන්නේ නැත.

අත් සේදීම නිවැරදිව කරන්නේ කෙසේද යන්න පිළිබඳ විශේෂඥ මඟ පෙන්වීම මෙන්න:

ලොව පුරා සිටින මහජන සෞඛ්‍ය නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත් සෝදා ගන්නා ලෙසයි. එය නව කොරෝනා වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා හොඳම ක්‍රමයක් ලෙස හැඳින්වේ.

නමුත් දශක ගණනාවක පර්යේෂණයන් ඉතා සිත්ගන්නා සුලු සත්‍යයක් පවසයි: පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව අප හැමට ඉගෙන ගත යුතු දේ තිබේ.

නිසි අත් සේදීමේ තාක්ෂණය බොහෝ දෙනෙක් නොදනිති. ඔවුන් එය කරන්නේ ඉතා සුළු කාලයකි. නැත්නම් එය කරන්නේම නැත.

නිසි ලෙස අත් සේදීම යනු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව අවම වශයෙන් තත්පර 20 ක් වත් සබන් හා ජලය සමගින් අත් සෝදා ගැනීමයි.

''නිසි ලෙස අත් සේදීම යනු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව අවම වශයෙන් තත්පර 20 ක් වත් සබන් හා ජලය සමගින් අත් සෝදා ගැනීමයි.''

ඔබේ අත් සෝදා ගන්නේ කෙසේද?

අත් යනු බැක්ටීරියා සහ වෛරස් ඇතුළු විෂබීජ දහස් ගණනක් රැදී සිටින ගම්මාන වැනිය. නව වෛරසය නිසා හතුරු නැති අත් අවශ්‍ය ය. කැස්ස සහ කිවිසුම් වලින් ඇති වන ශ්වසන ජල බිඳිති වලට මෙම වෛරසය ඇතුල්විය හැකි ය. දොරටු හා දුරකථන වැනි පෘෂ්ඨයන් රැදී තිබිය හැකි ය.

වචනාර්ථයෙන් ම වෛරසයේ ඉරණම ඇත්තේ ඔබගේ දෑතෙහි ය. එබැවින් විශේෂඥයන් පවසන්නේ විද්‍යාව දේශනා කරන දේ ප්‍රගුණ කර ගැනීමට කාලය පැමිණ ඇති බවයි.

 

සබන් භාවිතා කරන්න. 

ඔබේ අත්වලට සබන් ආලේප කිරීමට පෙර අත් වතුරින් තෙමන්න. දැන් සබන් හා ජලය එකට අතුල්ලන විට වෛරස ඔබේ දෑතින් ඉවතට සේදී යයි. අත් ඉවත් කිරීම ගැන කරදර නොවන්න. ඒවාද සේදිය යුතු ය.

සබන් මතුපිටින් ක්‍රියා කරමින් ජලය එකතු වූ විට බැක්ටීරියාහි ග්‍රහණය ඔබේ අතින් මුදා හැරීමට උපකාරී වන ද්‍රව්‍යයකි.

කෙසේ වෙතත්, විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් අතර කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ තිදෙනෙකුගෙන් දෙදෙනෙකු පමණක් සබන් භාවිතා කරන බවයි. ඉතිරි අය ඔවුන්ගේ දෑත් ජලයෙන් පමණක් සොදා ගනිති.

විශාල අත් වලට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වුවද සාමාන්‍යයෙන් දියර සබන් තේ හැන්දක භාගයක් හෝ හතරෙන් පංගුවක ප්‍රමාණයක් ප්‍රමාණවත් ය. සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ අධික ලෙස සබන් පාවිච්චිය මගින් ඔබේ සමේ ස්වාභාවික තෙල් ඉවත් වී එය බැක්ටීරියාවන්ට පහසු පෘෂ්ඨයක් විය හැකි බවයි.

ඕනෑම සබන් වර්ගයකට කොරෝනා වයිරසයක් අක්‍රිය කළ හැකි අතර එමඟින් ආසාදනය වළක්වයි.

''ඕනෑම සබන් වර්ගයකට කොරෝනා වයිරසයක් අක්‍රිය කළ හැකි අතර එමඟින් ආසාදනය වළක්වයි.''

නව කොරෝනා වයිරසය, SARS-CoV-2 ලෙස හඳුන්වන ගෝලාකාර ව්‍යුහයක් වන අතර එය පටලයකට හෝ කවරයකට සවි කර ඇති උල් සහිත ප්‍රෝටීන මගින් රෝගකාරක ජානමය ද්‍රව්‍ය ආරක්ෂා කරයි. සබන් සමඟ සම්බන්ධ වූ විට, මෙම බාහිර පටලය/ කවරය දියවී වෛරසය අක්‍රිය වෙයි.

හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ජොනතන් ඒබ්‍රහම් පවසන්නේ “මෙම පටලමය කවරය යනු මිනිස් සෛල තුළට වෛරසය විදගෙන යාමට ඉඩ සලසන යන්ත්‍රයක්” කියාය. “එය නොමැතිව වෛරසයට ඔබව ආසාදනය කළ නොහැක.”

''ගමනක බිමනක යෙදෙන්නේ නම් මධ්‍යසාර මත පදනම් වූ අත් සෝදන භාවිතා කරන්න.  අවම වශයෙන් 60% ක් පමණ මධ්‍යසාර අඩංඟු අත් සෝදන දියරයන්ට ඔබේ අතේ ඇති ඕනෑම කෙරෝනා වෛරසයක් විනාශ කළ හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.''

ඔබේ අත්වල සියලු මතුපිට සබන් ඇතිව අතුල්ලන්න.

අධ්‍යයන කිහිපයකට අනුව පෙනී ගොස් ඇත්තේ සාමාන්‍යයෙන් පුද්ගලයන් අත් සෝදා ගන්නේ තත්පර හයක් පමණක් බවය. තත්පර විස්ස යනු නිර්දේශිත කාලය යි. නැතහොත් “සුභ උපන් දිනක්” ගීතයේ දිග දෙවරක් ගායනා කරන කාලය යි.

තත්පර 20 ක් අත් සේදුව ද “ඔබ නිවැරදි ස්ථාන සෝදන්නේ නැත්නම් එය ප්‍රයෝජනවත් නොවේ” යැයි වෛද්‍ය ලාර්සන් පවසයි. “වටිනාකම ඇත්තේ ගුණාත්මකභාවයෙහි ය. හුදෙක් කාලයෙහි‍ෙ නොවේ.”

ඔබේ අත්වවෛරසය මගින් වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් වන්නේ ඔබේ ඇඟිලි තුඩු, ඔබේ ඇඟිලි අතර, ඔබේ අත් පිටුපස සහ නියපොතු යටය. මෙම පෘෂ්ඨයන් තදින් ඇතිල්ලීම ඉතා වැදගත් බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. දිගු නියපොතු ඇති පුද්ගලයින් අමතර ප්‍රවේශම් විය යුතු බවත් ඔවුහු පවසති.

අධික ලෙස හෝ නිතර නිතර සීරීමෙන් ඔබේ සම වියළී යාමට හා ඉරිතැලීම් වලට ගොදුරු විය හැකි බව වෛද්‍ය ලාර්සන් පවසයි. වියලීයාම සහ ඉරිතැලීම් විෂබීජ වලට සාප්පුවක් ආරම්භ කිරීමට සුදුසුම ස්ථානයක් වැනිය. සමට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා වෛද්‍ය ලාර්සන් සේදීමෙන් පසු සමෙහි තෙත ගතිය පවත්වා ගන්නා ක්‍රීම් වර්ගයයන් භාවිතා කිරීම නිර්දේශ කරයි.

අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ජලයේ උෂ්ණත්වය වෛරසය ඉවත් කිරීමට බලපාන්නේ නැති බවයි. උණුසුම් සහ සිසිල් ජලය එකම ප්‍රතිපල ඇති කරයි. සමහර ප්‍රවීණයන් අනතුරු අඟවන්නේ අධික ලෙස රත් වූ ජලය සමට හානි කළ හැකි බවයි.

''අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ජලයේ උෂ්ණත්වය වෛරසය ඉවත් කිරීමට බලපාන්නේ නැති බවයි. උණුසුම් සහ සිසිල් ජලය එකම ප්‍රතිපල ඇති කරයි. සමහර ප්‍රවීණයන් අනතුරු අඟවන්නේ අධික ලෙස රත් වූ ජලය සමට හානි කළ හැකි බවයි.''

සබන් සමඟ සේදීමෙන් පසු ඔබේ දෑත් සම්පූර්ණයෙන්ම වියළා ගත යුතු ය. තෙතමනය සහිත දෑත් වෛරසයන්ට දිවි ගලවා ගැනීමටත් අන් අයට කරා පැතිරීමටත් හොඳ අවස්ථාවක් ලබා දෙයි. හැකි තරම් හොඳින් ඔබේ දෑත් වියළීමට කාලය පැමිණ තිබේ. දෑත් වියළා ගත යුත්තේ කඩදාසි තුවා මගිනි. සාමාන්‍ය තුවායකින් පිසදා ගත් විට එහි තෙතමනය රඳා පවතින නිසා වෛරසයන්ට එහි රැදී පැවතිය හැක.

ගමනක බිමනක යෙදෙන්නේ නම් මධ්‍යසාර මත පදනම් වූ අත් සෝදන භාවිතා කරන්න.  අවම වශයෙන් 60% ක් පමණ මධ්‍යසාර අඩංඟු අත් සෝදන දියරයන්ට ඔබේ අතේ ඇති ඕනෑම කෙරෝනා වෛරසයක් විනාශ කළ හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

(www.wsj.com හි කේටි කැමරෝ විසින් ලියන ලද  ලිපියක් අනුසාරයෙන් සිංහලට සකස් කළේ ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි. | ඡායාරූප සහ වීඩියෝ ඩේව් කෝල් / වෝල් ස්ට්‍රීට් ජර්නලය.)

####################

 

අත් සේදීම බිලියන ගණනක් ජනයාට ‘ළඟා විය නොහැකි’ පහසුකමකි:

මේ බවත් අප මතක තබා ගත යුතු ය:

කොරෝනා වෛරසය එරෙහි සටනේදී තීරණාත්මක වන සබන් සමඟ අත් සේදීම බිලියන ගණනක් ජනයාට ‘ළඟා විය නොහැකි’ පහසුකමකි.

“සබන් සමඟ අත් සේදීම ඔබට සහ අනෙක් අයට කොරෝනා වෛරසයෙන් මෙන්ම තවත් බොහෝ බෝවන රෝගවලින් ආරක්ෂා වීමට හැකි ලාභම, පලදායී දෙයකි. නමුත් බිලියන ගණනක් ජනයාට සඳහා, මෙම මූලික පියවර පවා නොලැබේ.

ලෝකයේ බොහෝ රටවල ළමයින්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට, සෞඛ්‍ය සේවකයින්ට සහ ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයින්ට නිවසේදී, සෞඛ්‍ය පහසුකම්, පාසල්වල හෝ වෙනත් තැන්වල මූලික අත් සේදීමේ පහසුකම් නොමැත.

 

නවතම ඇස්තමේන්තු අනුව:

    # ලෝක ජනගහනයෙන් සියයට 40 ක් හෙවත් බිලියන 3 ක ජනතාවකට නිවසේ ජලය සහ සබන් භාවිතයෙන් අත් සේදීමේ පහසුකමක් නොමැත.

    # සංවර්ධිත රටවල වෙසෙන ජනතාවගෙන් අවම වශයෙන් හතරෙන් පංගුවකට ආසන්න පිරිසකට නිවසේ අත් සේදීමේ පහසුකම් නොමැත.

    # ලොව පුරා පාසල්වලින් සියයට 47 ක ජලය හා සබන් භාවිතයෙන් අත් සේදීමේ පහසුකම් නොමැති අතර පාසල් වයසේ ළමුන් මිලියන 900 කට එය බලපායි. ලොව පුරා පාසල් වලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක සහ අවම සංවර්ධිත රටවල පාසල්වලින් අඩකටම ළමයින්ට දෑත් සෝදා ගැනීමට තැනක් නැත.

    # ලොව පුරා සෞඛ්‍ය පහසුකම් වලින් සියයට 16 ක, එනම් 6 න් 1 ක පමණ, රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන යන්හි පාවිච්චි කළ හැකි වැසිකිළි හෝ අත් සේදීමේ පහසුකම් නොමැත.

(srilankabrief.org - 2020 මාර්තු 12 දා යුනිසෙෆ් ආයතනය විසින් පළකරන ලද වාර්තාවකිනි.)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්