ලෝකයේ ප්‍රසිද්ධම විවාදය වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ විවාදය බවත් මෙහි දී ප්‍රාථමික ඡන්දවල විවාද පවා සිදු කරන බව

මෙන්ම එම වාද විවාද කරන්නේ තමන් පසුගිය වසර 4 තුළ අධ්‍යාපනයට, පරිසරයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට, ආර්ථිකයට සිදු කළ සේවාවන් ගැන බව විපක්ෂ  නායකවරයා ප්‍රකාශ කර තිබේ.

උතුරු කොරියාවටයි කියුබාවටයි ආවඩමින් සිටි එක් සමාජවාදියෙකුට මේ වන විට දියුණුවන ලෝකයේ රටවල් පිළිබඳවත් ඇස් ඇරී ඇති බවත් ඔහු ක්‍රියාවෙන් විවාද කළ නොහැකි බවට පවසන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.

ලෝකයේ ප්‍රසිද්ධම විවාද ගැන නොදැන ලංකාවේ සමාජවාදීන් ක්‍රියාව ගැන විවාද කළ නොහැකි බව පවසන බව 'සක්වල සුහුරු පන්ති කාමර' ලබා දීමේ වැඩසටහනේ 179 වැනි අදියර යටතේ ඊයේ ගම්පහ දොම්පේ කෑරගල සංඝරාජ මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම කියා සිටියේය.

මෑතක් වන තුරු ලෙනින්, මාක්ස්, ස්ටාලින් ගිලගෙන සිටි මේ අය මේ වන විට සමාජවාදයෙන් ඉදිරියට යා නොහැකි හේතු කාරණා සොයන්න ලෝකය වටේ සවාරි යන ගමන් මාධ්‍ය හරහා ජනතාවට බොරු සපයන බවටයි සජබ නායකයා චෝදනා කරන්නේ.

විවාද සිදුවිය යුත්තේ තමන්ගේ ක්‍රියාකලාපය ගැන බව පවසන විපක්ෂ නායකවරයා, ලෝකයේ ක්‍රියාව ගැන අනන්තවත් විවාද සිදුවන විට අප රටේ කයිය නායකයෝ ක්‍රියාව ගැන විවාද කළ නොහැකි බව පැවසීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව වැඩිදුරටත් පැවසීය.

 



(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්