ලෝක සෞඛ්‍ය සංවිධානය අගහරුවාදා (මාර්තු 17) අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

"තත්ත්වය වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. වෛරසය වැඩි පිරිසකට ආසාදනය වීම වැළැක්වීම සඳහා අප ගන්නා සියලු උත්සහයන් වහා ම වැඩි කළ කළ යුතුයි," ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් ඛෙත්‍රපල් සිං පැවසීය.

"සමූහ වශයෙන් වෛරසය සම්ප්‍රේෂණය වෙන බව තහවුරු වෙලා තියෙනවා. මෙය සුපරීක්ෂාකාරී හා ඵලදායී සෝදිසියක් පිළිබද අනතුරු ඇඟවීමක් වන අතර, COVID-19 තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා වඩාත් ක්‍රියාශීලී හා සමස්ත සමාජ ප්‍රයත්නයක අවශ්‍යතාව ද එමගින් අවධානයට ලක් කරනවා."

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල් 11 අතරින් රටවල් 8ක කොරෝනාවෛරසය ආසාදිතයින් තහවුරු වී තිබේ.

    තායිලන්තය - 212

    ඉන්දුනීසියාව - 227

    ඉන්දියාව - 151

    ශ්‍රී ලංකාව - 42 (‌50)

    මාලදිවයින් - 13

    බංග්ලාදේශය - 10

    නේපාලය - 01

    භූතානය - 01

 

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය:

කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ශ්‍රී ලංකාව මේ වන විට පියවරයන් රැසක් අනුගමනය කරමින් සිටී.

එම වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස බදාදා (මාර්තු 18) මධ්‍යම රාත්‍රියේ සිට මගී ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බැස්වීම සති දෙකක කාලයක් සදහා අත්හිටුවා තිබේ.

ඊට අමතරව, කොරෝනාවෛරසය වැඩි වශයෙන් පැතිර ගිය රටවල සිට පැමිණි නිරෝධායන ක්‍රියාවලියට සහභාගි නොවූ පිරිස් හදුනාගෙන ඔවුන් නිරෝධායනයට එක් කිරීමට සැලසුම් කර තිබේ.

රජය උපදෙස් දී ඇත්තේ, පුද්ගල ඒකරාශී වීම් සහ විනෝද හෝ වන්දනා ගමන්වල නිරත නොවන ලෙසය.

මේ අතර, ඓතිහාසික ස්ථාන, උද්භිද උද්‍යාන මෙන් ම රාජ්‍ය ආයතනවලට ජනතාව පැමිණීම අවම කිරීමට ද රජය පියවර ගෙන තිබේ.

 

ගෝලීය තත්ත්වය:

cOVID 19 WORLD

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව මේ වන විට රටවල් 159ක මෙම කොරෝනාවෛරසය පැතිර තිබේ.

මේ වන විට නව කොරෝනා වෛරසය වැළදුණු මුළු රෝගීන් සංඛ්‍යාව ඊයේ (18) ලක්ෂ 02ක ඉක්මවනු ලැබූ බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් ආයතනය සඳහන් කර සිටියි.

එම ආයතනයේ දත්ත අනුව මේ වන විට ලෝකයේ රටවල් 156 කින් කොරෝනා වෛරසය වාර්තා වන බව සඳහන් වේ.

ලොවපුරා කොරෝනා වෛරසය ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 201,634ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 8,007ක් වේ.

පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස නම් කර ඇත.

 

මැතිවරණය කල් දමන ලෙස දෙමළ සන්ධානයෙන් ඉල්ලීමක් !

පවතින කොරෝනා අවධානම් තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය කල් දමන ලෙසට ඉල්ලීම් කොට ඇති බව දෙමළ ජාතික සන්ධාන වවුනියාව සංවිධායක හිටපු උතුරු පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් පවසයි.

දෙමළ ජාතික සන්ධානය වන්නි මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් ඊයේ (18) නාම යෝජනා භාරදීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවදි සත්‍යලිංගම්එලෙස පැවසුවේය.

සත්‍යලිංගම් වැඩිදුරටත් පැවසුවේ කොරෝනා අවධානම් තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය කල් දමන ලෙසට දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කොට ඇති අතර, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය කැපවි කටයුතු කළ යුතු බවයි.

 

මැතිවරණය නවත්වන්න - කොරෝනා පාලනය කරන්න  - කැෆේ ඉල්ලයි

 

කෝවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින  වකවානුවක මහ මැතිවරණයක් පැවැත්වීම කිසි සේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානය ද අවධාරණය කරයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් සඳහන් කළේ මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත මෙන්ම මැතිවරණ කොමිසම වෙත ලිපි යොමු කර ඇති බවයි.

පවතින අවදානම් කාරී තත්වය මත මැතිවරණ ව්‍යාපාර පැවැත් වීම කිසි සේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානයේ අදහසයි.

ජන්ද රැලි ගෙන් ගෙට යාම අත් පත්‍රිකා බෙඳීම් වැනි කටයුතු මඟින් කොරෝනා රෝගය පැතිර යාම තව දුරටත් වර්ධනය විය හැකි ය.එමෙන් ම මැතිවරණය පැවැත්වීමේ දී පවා දැඩි අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වන බව කැෆේ සංවිධානයේ අදහසයි.

නිසි ආකාරයේ නිරෝධායන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට මෙම වෛරසය පැතිර යාම සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු මැතිවරණය පැවැත් වීම නොකළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටියි.

මෙම වෛරසය  හේතුවෙන් ලොව බොහෝ රටවල මැතිවරණ මේ වන විට අත් හිටුවා තිබේ. එලෙස මැතිවරණය  අත්හිටුවා ඒ වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සහ නිරෝධායන ක්‍රියාවලි සඳහා යොදාගත හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි.

මැතිවරණ පැවැත්වීමටත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටීම අත්‍යාවශ්‍ය  බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 

''ඡන්දය මරුවා කැඳවයි'' - මංගල

කොවිඩ්-19 වෛරසය වැළැක්වීම සඳහා වඩාත් ආක්‍රමණශීලී සහ සාමූහික ප්‍රයත්න යෙදිය යුතු බවටත් වෛරසය පොකුරු වශයෙන් පුද්ගල කණ්ඩායම් අතර ව්‍යාප්ත වන බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සහ තවත් අග්නිදිග ආසියානු රටවල් කිහිපයකට අනතුරු අඟවා තිබිය දී ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වීම ජනතාවට මරු කැඳවීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඔහු එම කාරණය අවධාරණය කර ඇත්තේ, ඊයේ (18) රාත්‍රී සමාජ මාධ්‍ය වෙත 'සෙල්ෆි වීඩියෝවක්' මුදා හරිමිනි.

 (උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)

සබැඳි පුවත් :

#fightcorona : ඡන්දයකට වඩා පුරවැසි ජිවිත සුරැකීම මැතිවරණ කොමිසමේ වගකීමක් - මංගලගෙන් තවත් වීඩියෝවක් !  

''දිසාපති කාර්යාල ඇරලා...ඇයි දන්නවද ? මිනිසුන්ට වඩා ඡන්දේ ලොකු වෙලා !''අනුරගේ විග්‍රහය මෙන්න !!  

#fightcorona : වසංගත තත්වයක් තුල මැතිවරණ එපා ! - පෙරටුගාමියෝ කියයි 

ඡන්දය කල් දැම්මොත් ආණ්ඩුවට අවාසියි - ආණ්ඩුවේ සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වේ 

''පාර්ලිමේන්තු මැතිවරණය කල්දමා, වහාම පාර්ලිමේන්තුව කැඳවන්න'' - හෙළ බොදු සවිය, ජනපතිට කියයි 

''මහ ඡන්දය කල් දාන්න පුළුවන්'' - මැතිවරණ කොමිසමේ සභාපති කියයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්