ද්විපා­ර්ශ්වික ණය හිමි­යන්ගේ නිල කමි­ටුව සමඟ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 5.8ක ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ අව­සන් එක­ඟ­තා­වට පැමි­ණී­මට

සහ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම සම්බ­න්ධ­යෙන් චීන අප­න­යන ආන­යන බැංකුව සම­ඟත් ගිවි­සු­ම­කට එළැ­ඹී­මට ශ්‍රී ලංකා­වට හැකි වීම පිළි­බඳ විදෙස් තානා­ප­ති­වරු රැසක් ශ්‍රී ලංකා­වට සුබ පැතුම් එක් කර තිබේ.

චීන අප­න­යන ආන­යන බැංකුව සමඟ සහ­න­දායී ණය ගිවි­සු­මට අත්සන් තැබූ චීනයේ ශ්‍රී ලංකා තානා­පති කාර්යාලය එය ශ්‍රී ලංකා­වට වැද­ගත් සහ­න­දායී ණය ගිවි­සු­මක් බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යට විශාල දාය­ක­ත්ව­යක් බවත් සඳ­හන් කර­මින් එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබා ඇති අතර, ශ්‍රී ලාංකික ජන­තා­වට සුබ පැතුම් ද එක් කර ඇත.

 

xi
මේ අතර පැරිස් සමා­ජ­යට සම­ගා­මීව ශ්‍රී ලංකාව සහ ණය හිමි රට­වල් අතර ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම පිළි­බඳ අව­සන් ගිවි­සු­ම­කට එළැ­ඹීම අමෙ­රි­කාව සාද­ර­යෙන් පිළි ගන්නා බවත් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘ­තියේ ධනා­ත්මක ඉදිරි පිය­ව­රක් බවත් එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් අමෙ­රි­කානු තානා­පති ජූලි චැංග් ප්‍රකාශ කර තිබේ.

julie34

එමෙන්ම එය ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි විශ්වා­ස­යක් ගොඩ­නඟා ගැනී­මට ද ඉව­හල් වන බව සඳ­හන් කරන අමෙ­රි­කානු තානා­ප­ති­ව­රිය දිගු­කා­ලීන සෞභාග්‍ය සහ වර්ධ­නය කරන විනි­වි­ද­භා­ව­ය­කින් යුතු තිර­සර වෙන­ස්කම් අනු­ග­ම­නය කර­මින් ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය ඉදි­රි­යට ගෙන යෑමට අමෙ­රි­කාව විසින් ශ්‍රී ලංකා­වට දිරි­ගැ­න්වී­මක් කරනු ලබන බවත් ඇය සඳ­හන් කර ඇත.

මේ පිළි­බඳ ශ්‍රී ලංකා­වට සුබ පැතුම් එක් කර­මින් ජපාන තානා­පති කට්සුකි කොටාරෝ ද ප්‍රකාශ කර ඇත්තේ ප්‍රංශය, ඉන්දි­යාව සහ ජපා­නය සහ සභා­ප­ති­ත්වය දරන ණය හිමි­යන්ගේ නිල කමි­ටුව ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට අත්සන් තැබූ බවත් එය ශ්‍රී ලංකා­වට ආර්ථික වශ­යෙන් ඉදි­රි­යට යෑමට ලැබුණු කදිම අව­ස්ථා­වක් බවත්ය.
 
ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 10ක ණය ගෙවීමේ කාලය දීර්ඝ කෙරේ - පොලියත් අඩු වෙයි

ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව (OCC) අතර ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කිරීම ඊයේ (26) සිදුවිය. 

ප්‍රංශයේ පැරිස්  නුවරදී පැවැත්වෙන පැරිස් සංසඳයට සමගාමීව, ශ්‍රී ලංකාව සඳහා වන නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිවරුන් තිදෙනා වන ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය, ශ්‍රී ලංකා දූත පිරිස සමඟ එක්ව මීට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ නිල උත්සවයට එක්විය. අනෙකුත් සියලුම නිල ණය හිමි කමිටු සාමාජිකයින් ද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, නිල ණය හිමියන්ගේ කමිටුව විසින් එකඟ වූ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය විධිමත් ලෙස ක්‍රියාත්මක වේ.

සබැඳි පුවත් :
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් සාර්ථකව අවසන් කරයි

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image