ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන ප්‍රධාන අපේක්ෂකයන්ගේ අපේක්ෂකත්වය පිළිබඳ නිල ප්‍රකාශයක් ජූලි මස

(ලබන මස) තුන්වැනි සතියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා 'ඉරිදා දේශය' පුවත්පත වාර්තා කරයි.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත්, ජාතික ජන බලවේගය අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායකත් මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව එම පක්ෂවලින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස තරග කරනු ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් දැනටමත් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්ව ප්‍රකාශයෙන් පසු වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සිය අපේක්ෂකයා පිළිබඳව නිල ප්‍රකාශය නිකුත් කිරීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය නොදෙන්නේ නම් ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට එකඟතාවයක් ඇතිකර ගෙන ඇතැයි ද වාර්තාවේ.  

නාමයෝජනා බාර ගැනීම අගෝස්තු 15 සහ 20 අතර...

මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජුලි 20 -30 අතර දිනයකදී ජනාධිපතිවරණය කැඳවීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අදාළ 1981 අංක 15 දරන පනතේ විධි විධාන අනුව පැහැදිලිවේ.

අප කල විමසීමකදී මැතිවරණ කොමිසමේ නිලධාරියකු කියා සිටියේ, එම පනතට අනුව කොමිසමට ජුලි 17 වෙනිදාම කොමිසමට බලය ලැබෙන නමුත් එදිනම ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ අදහසක් නොමැති බවයි.

ගැසට් නිවේදනය ජුලි 30 නිකුත් කළහොත් නාමයෝජනා බාර ගැනීම අගෝස්තු 15 - 20 අතර සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.  

මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීයටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකට මේවනවිට දැනුම් දී ඇත.

සබැඳි පුවත් :

ඡන්දෙට සූදානම් වෙන්න: මැතිවරණ කොමිසම දන්වයි

පොහොට්ටුව ජනපතිට කොන්දේසි දමයි

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්