මේ මොහොතේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගනු ලබන තීන්දු තීරණ මත මිලියන 20කට වැඩි සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතවල ඉරණම රැඳී පවතින හෙයින්,
පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් යහපත් තීරණයක් ගැනීම සඳහා ''ඔහුට අවශ්‍ය ශක්තිය ලැබේවායි අපි අදහන දෙවිවරුන්ගෙන් ඉල්ලමු. '' යයි ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ආචාර්ය ඕෂල හේරත් යෝජනා කර සිටියි.
ඔහු එබව සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමිනි. ඔහු එම කාරණය පැහැදිලි කරමින් වැඩි දුරටත් මෙසේ පවසයි.
කොරෝනා මර්ධනය කිරීමෙහි ලා ජනාධිපතිවරයා දක්වන කැපවීම හා මඟ පෙන්වීම ඉහලින්ම අගය කරන ආචාර්ය ඕෂල හේරත්, ''වෛද්‍යවරු වගේම නායකයොත් මිනිස්සු දෙවිවරු නෙවි. තීරණ වරදින්න පුළුවන් බව එතුමා දන්නවා ඇති. ඒවා ගැන හිතන කොට එතුමාගේ සිතට දැඩි බරක් දැනෙනවා ඇති. ඔහු ගන්න සැම තීරණයක්ම මිලියන 20ක ජනතාවකගේ පණ කෙන්ද රැදිලා තියන බව දැනෙන කොට හිතට ලොකු බරක් දැනෙනවා ඇති. '' යයි ද කියා සිටියි.
ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවේ මෙසේ සඳහන් වේ.
පාර්ලිමේන්තු කැදවන්න ඕනේද?
''පාර්ලිමේන්තු කැදවන්න ඕනේද? අද තියෙන එක විශාල සමාජ කථිකාවක් තමයි මේ මාතෘකාව. අද වෙනකොට ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සුළු සුළු අඩුපාඩු තිබ්බත් සමස්තයක් හැටියට සලකපුවම හොද සේවයක් කරනවා මේ කොරෝනා වසංගතය හමුවේ.
හොද නායකයෙක් කියන්නේ මොන තීන්දු තීරණ ගත්තත් අවශ්‍යතාව අනුව නිහතමානිව ඒ තීන්දු වෙනස් කරන හැකි නායකයෙක්. හොද නායකයෙක් මේ වගේ අර්බුද වලදී එහි වගකීම තම හිසමතට අරගෙන කටයුතු කරනවා. ඒ සුවිශේෂී ලක්ෂණ දෙකම අපි අපේ ජනාධිපතිවරයා තුල දකිනවා.
මම මේ වීඩියෝ එක මේ පොස්ට් එකට එකතු කර ගන්නේ එතුමා කලින් මෙහෙම දැඩිව තීරණ වල හිටියත් කරුණු අවබෝධ වෙනකොට, තත්වය බර පතල වෙනකොට, විශේෂඥයන්ගේ උපදෙස් මත ගුවන් තොටුපළවල් වහන්න, විශාල නිරෝධායන කදවුරු අරින්න. ඇදිරි නිතිය දාන්න සියල්ල කටයුතු කළා.
''පාර්ලිමේන්තුව නොකැදවා කටයුතු කරන්න පරිසරයක් තවමත් තියෙනවා,, එත් හෙට අනිද්දා වෙනකොට..''
අද වෙනකොට පාර්ලිමේන්තුව නොකෑදවා කටයුතු කරන්න පරිසරයක් තවමත් තියෙන වග මම හිතන්නේ අපී කාගේත් අවබෝධයයි. එත් අනාගතයේ ඒ තත්වය වෙනස් වෙන්න පුළුවන්.
GMOA එක කියන විදියට අඩුම තරමේ කොරෝනා අවදානමට ලක්වුණ 42000 කගේ කොරෝනා පරීක්ෂණය කරන්න ඕනේ. රැපිඩ් test කට්ටල ඒ සදහා යොදා ගත්තත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 42ක් අවම වශයෙන් යනවා. PCR පරීක්ෂණ නම් ඒ වගේ 6 ගුණයක්.
සමහර විශේෂඥයන් කියනවා අඩුම තරමේ මාසයක් වත් තව මේ විදියට ඇදිරි නිතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒතකොට ඒ සදහා ජනතාවගේ සියලු වියදම් දරන්න වෙන්නේ රජයට. ඒ සදහා කෝටි ගණන් මුදල් අවශ්‍ය වෙනවා.
'මේ අවස්ථාවේ හමුදාව දක්වන සේවය අතිවිශිෂ්ඨයි''
මේ අවස්ථාවේ හමුදාව දක්වන සේවය අතිවිශිෂ්ඨයි. ඒ සේවය හමුදාව දිගටම කරන්නත් සල්ලි හොයන එක රජය සතු වගකීමක්. මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරුවලා නිසා ඒ වගකීම තනිකරම ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උරහිස මතයි.
සුබවාදීව හිතලා, තත්වය හොද අතට හැරුනොත් ඇත්තටම පාර්ලිමේන්තුව කැදවන්නේ නැතුව ජුනි මුල සතිය වෙනකොට ඡන්දේ තියලා මේ ප්‍රශ්න ඉවර කරන්න පුළුවන්. එත් අද වෙනකන් මේ ලෝකේ කිසිම රටක් මේ කොරෝනා උවදුර සාර්ථකව අවසන් කර ගෙන හෝ විසදුමක් සොයාගෙන නෑ.
''සියලු වගකීම් ජනාධිපතිගේ උරහිස මතයි''
කොහොම වුනත් ජනතාව හැටියට පාර්ලිමේන්තුව කැඳවන එකගැන අපිට තීන්දු තීරණ ගන්න බෑ. ඒ තීරණය ගැනීමේ වගකීම තියෙන්නේ ජනාධිපති වරයා ලගයි. එතුමා පැහැදිලිව දන්නවා මේ කොරෝනා රෝගය නිසා මැරෙන සහ බේරාගන්නා සැම ජිවිතයකම වගකීම ඔහු සතු බව.
ඔහු ගන්න තීරණ වල නිවැරදි භාව්‍ය අනුව ඔහුගේ සාර්ථක අසාර්ථක බව තීරණය වන බව. මට විශ්වාසයි අදටත් ඔහු පසුතැවිලි වෙනවා ඇති හිතෙන් හරි ගුවන් තොටුපළවල් වහන්න තීරණය තව දවක් හරි කලින් නොගත්ත එක ගැන.
''මට විශ්වාසයි අද ඔහු හිතෙන් හරි පසුතැවිලි වෙනවා ඇති ගුවන් තොටුපළවල් වහන්න තීරණය තව දවක් හරි කලින් නොගත්ත එක ගැන. ''
වෛද්‍යවරු වගේම නායකයොත් මිනිස්සු දෙවිවරු නෙවි. තීරණ වරදින්න පුළුවන් බව එතුමා දන්නවා ඇති. ඒවා ගැන හිතන කොට එතුමාගේ සිතට දැඩි බරක් දැනෙනවා ඇති. ඔහු ගන්න සැම තීරණයක්ම මිලියන 20ක ජනතාවකගේ පණ කෙන්ද රැදිලා තියන බව දැනෙන කොට හිතට ලොකු බරක් දැනෙනවා ඇති.
පිට ඉදන් කතා කරන අපිට වැඩි ඔහුට ඒ වගකීම තේරෙනවා ඇති. ඔහු දන්නවා ඇති දුරදර්ශි නායකයෙක් කියන්නේ ප්‍රශ්නය කල් තියා හදුනාගෙන අවශ්‍ය තීරණ කලාට වෙලාවට ගණන් නායකයෙක් බව.
ඉතින් අපි ජනතාව හැටියට කලබල වෙන්න ඕනේ නෑ. එතුමා දන්නවා ඇති තනි වගකීම ගන්නවට වඩා සමුහික වගකීමක් ගන්න කොට ප්‍රශ්න විසදන්න පහසු බව..
ඉතින් එතුමා අවශ්‍ය විට හරි තීන්දුව කලින් අවස්ථා වගේ නොව කල් වෙලාව ඇතුව ගනීවී. අපි ඒ ගැන විශ්වාසයෙන් ඉමු. එතුමාට නිවැරදී තීරණ ගණන් අවශ්‍ය ශක්තිය ලැබෙන කියලා අපි අදහන දෙවිවරුන්ගෙන් ඉල්ලමු.
මොකද අපි හැමෝගෙම ජිවිත ගෝඨාබය රාජපක්ෂ කියන ඒ අසහාය නායකයාගේ තනි තීරණ මත පවතින නිසා.''
වීඩියෝව
සබැඳි මතවාද :
''පොදු සතුරාට එරෙහිව සැවොම එක්නූනොත් ඔක්කොම ඉවරයි'' - දේශපාලන විචාරක ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ