leader s



පාස්කු ඉරුදින (21) ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට රජයේ බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී තිබේ.



ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු මෙරට ආරක්ෂක අංශ භාර ඉහළ බලධාරීන් කිහිප දෙනෙකු ම ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මෙමගින් මෙරට සක්‍රීය බුද්ධි අංශ ඉතාමත් දරුණු ලෙස හෙළිදරව් වී අවධානමකට පත්වන බවයි.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ඊයේ දිනයේ මෙම කමිටුව හමුවේ කැඳවා ප්‍රශ්න කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත තම දැඩි නොසතුට පළකර ඇත.

ඉදිරි දින කිහිපයේදී ද මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස් වීමට නියමිත බවත් එහිදී බුද්ධි අංශ නිලධාරීන් කොතරම් ප්‍රමාණයක් ප්‍රශ්න කරාවිදැයි නොදන්නා බවත් පෙන්වා දී ඇති ඔවුන් මාධ්‍ය ඉදිරියේ සිදුකරන මෙම ප්‍රශ්න කිරීම් පසුගිය කලෙක 'මිලේනියම් සිටි' සිදුවීමේදී බුද්ධි අංශ පාවාදීමට එහාගිය පාවාදීමක් බවද පවසා තිබේ.

යම් ප්‍රකාශයක් ගැනීමට ඇති නම් ඕනෑම බුද්ධි නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කිරීමට විරෝධයක් නැති නමුත් එය කල යුත්තේ රාජ්‍ය ආරක්ෂාව ප්‍රමුඛව සලකා බලා බවත් බුද්ධි නිලධාරීන් ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ නිරාවරණය කිරීම හා ඔවුනගෙන් අතිශය රහසිගත තොරතුරු ගැන ප්‍රශ්න කිරීම් කිරීම නුසුදුසු බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

ජාත්‍යන්තර ත්‍රරස්තවාදී සංවිධානයට එරෙහිව ඉතා අවදානම් සහගත බුද්ධි තොරතුරු රැස් කිරීමක යෙදෙමින් සිටින මෙරට බුද්ධි නිලධාරීන් මේ ආකාරයෙන් මාධ්‍ය හරහා හෙළි කිරීම මගින් ඔවුන්ගේත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත් කරවමින් ඇතැයිද ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඒකාබද්ද විපක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම තේරීම් කාරක සභාව වර්ජනය කර ඇති අතර එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙම කමිටුව නියෝජනය කරති.

Ranil2
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වීමට විරෝධය පළකරමින් සමාජ මාධ්‍යය වල පලවී ඇති පොස්ටු කිහිපයක් ...



ජනාධිපති - අගමැති ගැටුම දුරදිගයයි !


මේ අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඊයේ කටයුතු සිදුවූ ආකාරය සම්බන්ධයෙන් බලවත්සේ කෝපයට පත්ව සිටින ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාට දුරකථන ඔස්සේ දැඩි ලෙස දෝශාරෝපනය කලබව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

අනතුරුව පාර්ලිමේන්තු කාරක සභා සජීවී විකාශය වහාම අත්හිටුවීමට ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබිණ.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්