leader s

පුතා ඉස්කෝලෙ යන්නේ ආසාවෙන්.

හැබැයි coronavirus පැතිරෙන කොට, එංගලන්තේ ඉස්කෝල වහන්න දවස් ගානකට කලින් පුතාට අමුතු සිතුවිල්ලක් පහල වෙලා.

“තාත්ති හෙට මම self-isolate වෙනව.”

“ඇයි පුතාට අසනීපද? නැත්නම් යාලුවෙකුටවත් කොරෝනාවෛරස් බෝ වෙලාද?”

“නෑ තාත්ති ඉස්කෝලේ දැන් බෝරින්. මගේ යාලුවෝ ගොඩක් ඉස්කෝලේ එන්නෙත් නෑ.”

කිවුවත් වගේ ඊට පස්සෙන්දම පුතා “self-isolate” වුනා.

වෙන කාලෙක නම් ඉස්කෝලෙන් අපිට දඩ ගහනව. අසනීපයක් නැත්නම් අපිට ඕනේ වෙලාවට දරුවෝ එහෙම ඉස්කෝලේ නොයව ඉන්න මෙහේ නීතියෙන් ඉඩක් නෑ.

ඊට දවස් ගානකට පස්සේ ඉස්කෝල වැහුව නිසා පුතා අද වෙනකල් “self-isolate” -:)

බලාගෙන ගියාම මෙහෙම අසනීප වෙලා තියෙන්නේ පුතා විතරක් නෙවෙයි.

මගේ මිත්‍ර නලීන් කිරින්දේ ගේ පුතාටත් ඒ ලෙඩේම හැදිලලු.

“මම හිතුවේ ඉස්කෝලේ යන්න කම්මැලි කමට කොරෝනා හැදුනේ අපේ පෝරිසාදයට විතරයි කියල,” නලීන් හිනා වෙවී කියනවා.

කෝවිඩ් 19 වසංගතය නිසා ලෝකේ පුරාම අනිත් හැම අංශයක් වගේම දරුවන්ගේ අධ්‍යාපනයත් කඩා වැටිලා.

ඒ නිසා ඉස්කෝල වැහුවත් පාස්කු නිවාඩුවට කලින් බ්‍රිතාන්‍යයේ ගොඩක් පාසල් දරුවන්ට online මාර්ගයෙන් ගෙදර වැඩ දීල තිබුණ.

ටියුෂන් ගිය දරුවෝ හුඟ දෙනෙක් skype, zoom වගේ මාර්ගවලින් දිගටම ටියුෂන් ගත්ත. ගිටාර් පන්ති පවා කරන්නෙ ස්කයිප් එකෙන්. සමහ දරුවෝ දැන් tablet එකෙන්, ipad එකෙන් යාලුවෝ එක්ක කතා කරනවා.

ඒ අතරේ සමහර ඉස්කෝලවල දුප්පත් පවුල්වල දරුවන්ට දිගටම දවල් කෑම වේල පවා සංවිධානය කරලා තිබුණ. Social distancing තියාගෙන. (Social distancing වැරදියි, හරි වචනේ physical distancing කියල සංවාදෙකුත් තියෙනව)

වැදගත්ම දේ තමයි, මේ අවුරුද්දේ ගිම්හානයේ පැවැත්වෙන්න තිබුණ සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සේරම අවලංගු කරන්න, කොරෝනාවෛරසය පැතිරෙන කොටම බ්‍රිතාන්‍ය ආණ්ඩුව ගත්ත තීරණය.

හැබැයි විභාග නැතත් ඔවුන්ට විභාග ප්‍රතිඵල ලැබෙනවා.

ඒ මෙහෙමයි. මේ අවුරුද්දේ විභාගවලට පෙනී ඉන්න නියමිත දරුවෝ හැම දෙනා ගැනම ඒ දරුවන්ගේ ගුරුවරු විභාග බලධාරීන්ට වාර්තාවක් දෙනවා.

තමන්ගේ ශිෂ්‍යයන් මේ විභාගවලට පෙනී හිටිය නම් ලබාගන්න ඉඩ තිබුණ සමාර්ථ ගැන ගුරුවරු වාර්තාවක් දෙන්න ඕනේ. සිසුන්ට සාමාන්‍ය පෙළ, උසස් පෙළ ප්‍රතිඵල දෙන්නේ ගුරුවරුන්ගේ ඒ වාර්තාවල විදියට.

විශ්වවිද්යාලත් ඒ ප්‍රතිඵල පිළිගනීවි කියල ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.

තමන්ට ලැබුණ ප්‍රතිඵලය ගැන ශිෂ්‍යයෙක් එකඟ නැත්නම් ඔහුට/ඇයට කැමති නම් ලබන අවුරුද්දේ විභාගවලට පෙනී ඉන්නත් අවස්ථාව තියෙනව.

ලඟදි මට හමුවුන ඊජිප්තු ජාතිකයෙක් ලස්සන කතාවක් කීව. එයාගේ දුව මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී ඉන්න හිටියලු.

හැබැයි දුව කියන කිසිම දෙයක් අහන්නේ නෑ, හරිම දඩබ්බර විතරක් නෙවෙයි ඉගෙනීමට කිසිම උනන්දුවක් නෑ කියල තාත්ත කියනවා. දුව හිතාගෙන ඉඳල තියෙන්නේ විභාගේ ෆේල් වෙයි කියල.

ඒත් දැන් නම් දුවට විභාගෙන් සාමාන්ය සාමාර්ථයක් හරි ලැබෙන්නත් ඉඩ තියෙනව කියල තාත්ත හිනා වෙවී කියනව. මේ මතු වෙලා තියෙන්නේ පෙර නොවූ විරූ තත්වයක් නිසා.

අධ්‍යාපන ඇමති (ලේකම්) ගැවින් විලියම්සන් කියල තිබුණේ, දරුවන්ගේ විභාග අවලංගු කරන්න කිසිම අධ්‍යාපන ඇමතිවරයෙකුට වුවමනාවක් නැතත්, මතුවෙලා තියෙන තත්වය නිසා කිසිම දරුවෙකුට තමන්ගේ ජීවිතේ ඉදිරි පියවරට බාධාවක් මතුවෙනවා දකින්න අකමැති බව.

- සරෝජ් පතිරණ

(බීබීසී මාධ්‍යවේදී සරෝජ් පතිරණ ගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්