leader s

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ කොහේවත් ආරක්ෂක අංශවලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක සාමාජිකයින්ට ඇතිවූ අකාරයේ විපත්තියක් සිදුව නොමැති බවත් අද වනවිට ආරක්ෂක අංශ කඳවුරු ගණනින්

කොවිඩ් වසංගතයට ගොදුරු වී ඇති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

හිටපු අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ, ඊයේ (මැයි 03) පැවති 'සමගි ජන බලවේගයේ' මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

''ලෝකයේ අනෙක් හැම රටකම වැඩිම ආසාධිත ප්‍රමාණය ඉන්නෙ සෞඛ්‍ය සේවකයෝ, වෛද්‍යවරු, හෙදියො, උපස්ථායකයො සහ සහායකයො. ලංකාවේ වැඩිම ආසාධිත ප්‍රමාණය වෙන්නෙ (40% ක්) මේ රටේ ආරක්ෂක සේවාවන්වල අයයි. 

මේකට මොකක්ද හේතුව? ඩෙංගු වසංගතය වෙලාවෙ ආරක්ෂක අංශ ගෞරවණීය සේවාවක් ඉටුකළා. රෝහල් හදල දුන්න. පහසුකම් සපයල දුන්න. හැබැයි ඩෙංගු මර්ධනය කරන්න ආරක්ෂක අංශ ගියේ නෑ. ඒකට තමයි වෛද්‍යවරු, හෙදියො, උපස්ථායකයො, විශේෂඥයෝ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉන්නෙ. 

ඒ කාර්ය ආරක්ෂක අංශවලට ලබාදීපු නිසා තමයි අද ආරක්ෂක අංශ කඳවුරු ගණනින් අද කොවිඩ් වසංගතයට ගොදුරුවෙලා ඉන්නෙ. ලෝකයේ කොහේවත් ආරක්ෂක අංශවලට මේ  විපත්තිය සිදුවෙලා නෑ.

ඒ නිසා අපිට පැහැදිළිවම පේනව මේ වසංගතය අතරතුරේත් දේශපාලන ගේම් ගැසීමෙන් හා අවිද්‍යානූකූලව තීන්දු තීරණ ගැනීමෙන් බරපතල අර්බුදයකට රට ලක්වෙලා තියෙන බව. 

මීට සම්පූර්ණයෙන්ම ජනාධිපති සහ අගමැති, සෞඛ්‍ය ඇමති සහ කැබිනට් මණ්ඩලය වග කියන්න ඕන. 

ඒ වගේම රජ මාලිගා වල කීදෙනක් දිනපතා කෝව්ඩ් පරීක්ෂණයන්ට ලක්කරනවා ද, සාමාන්‍ය ජනයා කී දෙනෙක් කරනවා ද කියන තොරතුරු වහාම ආණ්ඩුව සමාජගත කරන්න ඕන.''

''රජය ලොක්ඩවුන් දැම්ම වගේම අරින එකත් අවිද්‍යානුකූලයි ' - චම්පික 

නැවතත් මැයි 11 වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත්වන බවත් ජුනි 20 මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් ආණ්ඩුවේ මාධ්‍ය විසින් ගෙනයන ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාඨලී චම්පික හිටපු අමාත්‍යවරයා, 
කොරෝනා වසංගතය නිසා රට වසා දැමීමේ ක්‍රියාවලිය ආරම්භයේ සිටම අවිද්‍යානුකූල වූ බවත්, එය පවත්වාගෙන යාම හා නැවත එය ඉවත් කිරීම ද අවිද්‍යානුකූල ලෙස සිදුකරමින් පවතින බවත් කියා සිටියේය.

විද්‍යානූකූල ක්‍රමයකට රට විවෘත නොකර දේශපාලන අරමුණු වෙනුවෙන් රට විවෘත කර හදිසි මැතිවරණ පවත්වල මේ රට අමු සොහොනක් විසාලාවක් කරන්න එපා කියල අපි මැතිවරණ කොමිසමෙනුත් බලධාරීන්ගෙනුත් ඉල්ලා සිටිනා බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

මොන විහිලුවක්ද මේ !  - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අසයි 

කොරෝනා වසංගතය නිසා රට වසා දැමීමේ ක්‍රියාවලිය ආරම්භයේ සිටම අවිද්‍යානුකූල වූ බවත්, එය පවත්වාගෙන යාම හා නැවත එය ඉවත් කිරීම ද අවිද්‍යානුකූල ලෙස සිදුකරමින් පවතින බවත් චම්පික රණවක හිටපු ඇමතිවරයා එසේ පෙන්වා දෙද්දී රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ (GMOF) සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේ, පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක ජනාධිපතිවරයා නොමග යවමින් 'ලොක්ඩවුන්' උගුලට හිරකරනු ලැබුවේ වෙන කවුරුත් නොව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය (GMOA ) විසින් බවයි. 

Ceylon Leader සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී එබව සඳහන් කර ඇති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩි දුරටත් 
මෙසේද පවසයි.

Rukshan Belana text 04.05 ''ඔය කියන විදිහට නම් මාස දෙක තුනක් නෙවෙයි, තව අවුරුද්දක් දෙකක් යනකන් මේ ලොක්ඩවුන්යි කර්ෆිව් සිස්ටම් එක ඉදිරියට යන්න වෙයි. මේ වගේ වෙලාවක ලොක් ඩවුන් කිරීම තමයි අපේ මුතුන් මිත්තන් කරේ. සරම්ප හැදුනම, පැපොල හැදුනම නැත්නම් මොකක්හරි වසන්ගත රෝගයක් හැදුනම ලොක් ඩවුන් කිරීම පුද්ගලයාගෙනුත් ප්‍රදේශවලටත්  ඒ කාලේ සිද්ධ වුණා. 

නමුත් ඒ දේ කරේ මුළු රටම වහලා ඇඳිරි නීතිය දාලා, ජන ජීවිතේ අඩාල කරලා ආර්ථිකය වට්ටලා යන ක්‍රමවේදයකට නෙවෙයි.

දැන් අද බලන්න අද වෙද්දි හත්සිය ගාණකට රෝගය වැළඳිලා. දැන් මේක දිනපතා වැඩි වෙනවා. මේ යන ක්‍රමයට ගියා නම් තව මාස 6ක් වත් අනිවාර්යයෙන්ම ලොක්ඩවුන් එකයි ඇඳිරි නීතියයි තියන්න වෙනවා. ආසාදිතයින් ගණන 1000 ක් 2000 කට යන් තත්වයට යනවා අනිවාර්යයෙන්ම. එතකොට මේක ඒ තත්වයට එනකොටද අපි කර්ෆිව් අතහරින්නේ. මොන විහිලුවක්ද මේ..

දැන් මාස එකහමාරක් ලොක්ඩවුන් කරලා ඇඳිරි නීතිය දාලා ඇරගන්න බැරුව ඉන්නවා. මේක අරින එක අමාරු කාර්යයක් වෙනවා මොකද හෙට වෙද්දී මේක 800ක් වෙනවා, තව සතියක් යද්දි 1000 ක් වෙනවා. ඕක වැඩි වීමක් මිස අඩුවීමක් වෙන්න ලොකු කාලයක් යනවා. ''



වීඩියෝ 
කොරෝනා පාලනයට ඇදිරි නිතිය අනවශ්‍යයි - GMOF

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්