කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රට විශාල ආර්ථික අවපාතයකට වැටි ඇති අවස්ථාවක, ඇමතිවරුන්ට ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,40,000/- දීමනාවක් ලබාදීමටත්, නුවර- කොලඹ අධිවේගී මාර්ගයේ පළවන
පියවර සදහා තවදුරටත් ණය පිට ණය ලබා ගැනීමත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා මාර්ග කිලෝ මීටර් 105ක් පමණ යළි පිළිසකර කිරීම සදහා චීන සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන 15ක ණයක් ලබාගැනීමත් ආණ්ඩුවේ ප්‍රමුඛතා ලයිස්තුවේ ඉහලටම ගෙන තිබීම බරපතල සැකයට තුඩුදෙන කාරණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.
ඔහු එබව සඳහන් කළේ අද (මැයි 08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රජය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර ලවා මාසික වැටුප පරිත්‍යාග කරන්නයි රජයේ සේවකයින්ට බලපෑම් කරමින් සිටින බව එහිදී පැවසු මරික්කාර් හිටපු මන්ත්‍රීවරයා, 2015 දී යහපාලන ආණ්ඩුව, රජයේ නිලධාරීන්ට රු.10,000/- ක වැටුප් වැඩිවීමක් ලබා දුන් බවත් ඉන්පසු 2019 දී නැවත වතාවක් රු.2,500/- ක වැටුප් වැඩිවීමක් ලබා දුන් බවත් සිහිපත් කළේය.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
''පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේදි විමල් විරවංශ අමාත්‍යවරයා විසින් 'ආර්ථික ඝාතකයා' ලෙස හදුන්වලා දීපු වර්තමාන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්මයා දැන් චක්‍රලේඛණයක් නිකුත් කරලා තියෙනවා මැයි මාසයේ රජයේ නිලධාරින්ගේ පඩිය රජයට පරිත්‍යාග කරන්න, එහෙම බැරිනම් සතියක හරි, සති දෙකක හරි පඩිය රජයට පරිත්‍යාග කරන්න කියලා.
මන් හිතන්නේ රට මුහුණපාලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ඒකෙන් බේරීම සදහා රජයේ නිලධාරීන්ගේ පඩිය කැප කරන්න කියලා තමයි එතුමා ඉල්ලන්නේ.
රුපියල් බිලියන 15ක ණය මුදලක් !
දැන් මේ ආකාරයට රජයේ නිලධාරීන්ගේ වැටුප පරිත්‍යාග කරන්න කියලා ඉල්ලද්දී අපි දැක්කා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරලා තියෙනවා රු.240,000/- දීමනාවක් ඇමතිවරුන්ට ඉන්ධන දීමනා හැටියට.
අනෙක් පැත්තෙන් රු.බිලියන 31.7 ක්, මිලියන 31700 ක් නුවර-කොළඹ අධිවේගී මාර්ගයේ පළමු පියවර සදහා දේශීය හා විදේශීය ණය ලබා ගැනීමේ අනුමැතියක් ලබා දීලා තියෙනවා.
තවත් අනුමැතියක් ලබා දීලා තියෙනවා පාරවල් 10ක්, කිලෝ මීටර් 105ක් සදහා චයිනා ඩිවෙලොප්මන්ට් බෑන්ක්, චීන සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන 15ක ණය මුදලක් ලබා ගන්න කියලා.
''අපිට රටක් හැටියට ප්‍රමුඛතා ලැයිස්තුවක් තියෙනවා''
මේ වෙලවේ සාමාන්‍ය දැනීම තියෙන ඕනෑම කෙනෙක් දන්නවා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැටිලා තියෙනවා, ඒ වගේම රැකියා කරන අයගේ රැකියා කප්පාදුවකට පත්වෙමින් තියෙනවා. වැඩ කරන ජනතාවගේ පඩිය අඩුවීමකට ලවෙමින් තියෙනවා. සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා. අපනයනය සම්පූර්ණයෙන්ම බැහැලා තියෙනවා. ඒ වගේම නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම බැහැලා තියෙනවා.
මෙහෙම රට විශාල ආර්ථික අවපාතයකට ගොදුරු වෙලා තියෙන වෙලාවේ, අපිට රටක් හැටියට ප්‍රමුඛතා ලැයිස්තුවක් තියෙනවා. මේ රට යලි නැගී හිටවන්න, ජනතාවගේ ජන ජීවිතය නැවත සාමාන්‍ය තත්වයට ගේන්න, පුරවැසියාගේ ආර්ථිකය දියුණු කරන්න, මේ රටේ ආර්ථිකය හරි මගට දියුණු කරන්න.
ඒ වගේම ආදායම් ලැබෙන ක්ෂේත්‍ර දියුණු කිරිමේ වැඩපිලිවෙලක් තියෙන්න ඕන.
ප්‍රමුඛතා ලැයිස්තුවට මේවා ආවේ කොහොම ද ?
එහෙම තියෙද්දි අපි අහනවා ඒ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතා ලැයිස්තුවට කොහොමද ආවේ ඇමතිවරුන්ට ඉන්ධන ලබා දීම? ඒ වගේම නුවර- කොලඹ අධිවේගී මාර්ගයේ පළවන පියවර සදහා තවදුරටත් ණය පිට ණය ලබා ගැනීම. ඒ වගේම තවත් මාර්ග 10ක් හැදීම කොහොමද ප්‍රමුඛ වෙන්නේ ගෙදර ආර්ථිකය , රටේ ආර්ථිකය දියුණු කරනවට වඩා.?
සංචාරක කර්මාන්තය දියුණු කරන එකට වැඩිය, අපනයන කර්මාන්තය දියුණු කරන එකට වැඩිය, නිශ්පාදන ආර්ථිකය දියුණු කරන එකට වැඩිය, කෘෂිකර්මාන්තය දියුණු කරන එකට වැඩිය පාරවල් හැදීම කොහොමද ප්‍රමුඛතා ලැයිස්තුවට ආවේ කියන එක ආණ්ඩුව රටට පැහැදිලි කරන්න ඕන.
ඒ වගේම මේ මුදල් අනුමත කරපු ආකාරය හා ඒක පාවිච්චි කරන්න යන ආකාරය මොන මොන ව්‍යපෘතිවලට කවර ආකාරයට, මොන නිර්ණායකයන් යටතේද කියන එක අප ඉදිරි කාලයේදී දැනුවත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.''
වීඩියෝ
''ජනාධිපති ලේකම් එරෙහි විවේචන දැඩිව හෙළා දකිනවා'' - ඇමති බන්දුල
මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද(08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුයේ, රාජ්‍ය සේවකයින්ට මැයි මාසය සඳහා ලබා දෙන වැටුප හෝ ඉන් කොටසක් රටේ පවතින තත්ත්වය හමුවේ රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර කළ ආයාචනය සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් සිදුකරන විවේචන දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, ජනාධිපති ලේකම්වරයා විසින් පුද්ගලික ආයාචනයක් රාජ්‍ය අංශයේ ආයතනික ප්‍රධානින් වෙත මෙය නිකුත් කර ඇති බවයි.
සමාජ මාධ්‍ය පලවී ඇති පොස්ටුවක්
ඉතා පැහැදිලි ලෙස එම ලිපියේ “පුද්ගලික ආයාචනයක්“ යන්න සඳහන් කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, වැන්දඹු හා අනද්දරු අරමුදලට දායක වන ලෙස එහි සඳහන් කර තිබු බවත් මෙහිදී පැවසීය.
එවැනි ආයාචනයක් සිදු කිරීමට ජනාධිපති ලේකම්වරයාට අයිතියක් ඇති බවත් පැවසු අමාත්‍යවරයා, එයට විරුද්ධ අයෙකුට එය නොගෙවා සිටිය හැකි බවද කියා සිටියේය.
පරිත්‍යාගයක් කිරීම යන කරුණු මත ඒ මහතාව “දඩු කඳේ ගසා “ ඇතැයි ද පැවසු බන්දුල ගුණවර්ධ, මෙය ඉතා අසාධාරණ තත්ත්වයක බවද පැවසීය.
කෙසේවුවද හිටපු මන්ත්‍රී මරික්කාර් පවසන්නේ, රාජ්‍ය සේවකයින්ට මැයි මාසය සඳහා ලබා දෙන වැටුප හෝ ඉන් කොටසක් රටේ පවතින තත්ත්වය හමුවේ රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ඉල්ලා සිටින්නේ, ඇමතිවරුන්ට ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,40,000/- දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති තත්වයක් තුල බවයි.
''විශේෂයෙන්ම අපි පී.බී. ජයසුන්දර මහත්තයාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා මේ ඉල්ලීම කරද්දි, ඔබතුමා නොදැනුවත්වද, එහෙම නැත්නම් මේ පාරවල් හදන්න මුදල් අනුමත කරලා ඒවට ප්‍රමුඛතා දීපු බව නොදැනුවත්වද, රජයේ නිලධාරීන්ගේ වැටුප් කප්පාදුවකට ස්වයංව ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලීමක් කලේ නොදනුවත්වද කියන එක රටට පැහැදිලි කිරීමක් කරන්න කියලා ''







