සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග සිදු කල සාකච්ඡාවලින් අනතුරුව පැවැති ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර
ගැනිමට හැකිවූ බවත් පක්ෂයේ පරිපාලන ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමට හැකිවූ බවත් රංජිත් අළුවිහාරෙ පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
විසඳුම් ලැබුනා - සජබ නුවරඑලිය දිස්ත්‍රික් සම සංවිධායක
මේ අතර ඊයේ දිනයේ ඉල්ලා අස්වූ නුවරඑලිය දිස්ත්‍රික් සම සංවිධායක අසෝක සේපාල පවසන්නේ, පළාත් පාලන ආයතන දෙකකට ප්‍රසාද සභිකයින් පත් කිරිමේදි තමන්ට සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රෙමදාස සහ පක්ෂයේ මහ ලේකම් පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර විසින් කඩිනමින් විසදුම් ලබා දීම නිසා තවදුරටත් තමන් නුවරඑලිය දිස්ත්‍රික් සම සංවිධායක ධූරයේ කටයුතු කරන බවයි.
තලවකැලේ නගරයේ පිහිටි සිය නිවසේදි මාධ්‍ය හමුවක් පවත්වමින් අසෝක සේපාල කියා සිටියේ, කොටගල සහ ආගරපතන ප්‍රාදේශීය සභාවට ප්‍රසාද ලයිස්තුවෙන් සභිකයන් දෙදෙනෙකු ලබා දෙන බවට පක්ෂ නායකයා සහ පක්ෂයේ මහ ලේකම්වරයා තමන්ට පොරොන්දු වී පසුව එම සභිකධූර දෙක දමිළ ප්‍රගතිශීලි සංධානයට ලබා දීමට පියවර ගෙන තිබූ නිසා තමන් නුවරඑලිය දිස්ත්‍රික් සම සංවිධායක ධූරයෙන් ඉවත් වන බවට (25) දින පක්ෂ නායකත්වයට ලිපියක් යොමු කල බවයි.
තමන්ගේ ලිපියට පක්ෂ නායකත්වය සහ මහ ලේකම්වරයා ක්ෂණිකව ප්‍රතිචාර දක්වා එම ප්‍රාදේශීය සභා දෙකට තමන් ඉදිරිපත් කල නම් දෙක මැතිවරණ කොමසාරිස්වරයාට යොමුකර එහි පිටපතක් තමන් වෙත යොමුකර ඇති බවත් ඒ අනුව තමන්ගේ ඉල්ලීම ඉටු වූ නිසා තවදුරටත් සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සම සංවිධායක ධූරයේ කටයුතු කරන බවත් අසෝක සේපාල තව දුරටත් කියා සිටියේ ය.
( විපක්ෂය | vipakshaya.lk)
මෙම පුවතට අදාළ තවත් විස්තර
සජබ ආසන සංවිධායකවරු රොත්තක් ඉල්ලා අස්වේ ! - රෝහිනී ලිපියක් ලියා විදේශගත වේ !!







