සම්ප්‍රදායික අපනයන ආදායම් පසුබස්වමින් ශ්‍රී ලංකාවට විදේශ මුදල් උපයා දෙන ප්‍රධානතම මාර්ගය  විදේශ සේවා නියුක්තිකයන් බව

මහබැංකු වාර්තා වලින් හෙළි වී තිබේ.

ඒ අතරින් වැඩිම පිරිස කොරෝනා වසංගතය හමුවේ සියරට බලා ඒමට පිළිසරණක් නැතිව මැද පෙරදිග හිරවී ඉන්නා රට විරුවන්ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන  ඇසුරින් අගනුවර පර්යේෂණ ආයතනයක් විසින් අනාවරණය කර ඇති පරිදි ගිය අවුරුද්දේ විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට උපයා දී ඇති මුදල සමස්ත විදේශ විනිමයෙන් භාගයකටත් වැඩි වන ඇමරිකානු ඩොලර් කෝටි හැට හතකි. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි එක්ලක්ෂ විසි පන්දහසකට ආසන්න මුදලකි.

එම වාර්තාවේ දැක්වෙන පරිදි විදේශගතව රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට හැත්තෑ පහකට වඩා සේවය කරන්නේ  මැදපෙරදිග රටවලයි.

එහි වැඩිම ප්‍රතිශතයක් පෙන්නුම් කරන්නේ කුවේට් රාජ්‍යයි. එය සීයට විසි එකයි දශම දෙකකි.

Foreign Workers

ලොව පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වසංගත තත්වය හමුවේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙම වසංගත අවදානමට මුහුණ දී සිටින බව මාධ්‍ය විසින් දිගින් දිගටම වාර්තා කර තිබුනි.

 එහි වැඩිම බලපෑමක්ද එල්ල වී තිබුනේ කුවේට් රාජ්‍යයේ සේවයේ නිරත ශ්‍රී ලාංකික ශ්‍රමියකන් වෙතයි.

කුවේට් රාජ්‍යයේ සිටි කෝවිඩ්19 ආසාදිත ලාංකික ශ්‍රමිකයන් සියරට එවා කුවේටය ශ්‍රී ලංකාවට බෝම්බයක් ගැසු බවට ආණ්ඩුව නියෝජනය කරන හිටපු අමාත්‍යවරයකු පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශයක්ද කර තිබුනි.

MahindanandaAදෙරණ රූපවාහිනි නාලිකාවේ මැයි 25 දින පැවැති දේශපාලන සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය මහින්දානන්ද පවසා තිබුනේ “අපේ රටෙත් බබ්බු නෙවෙයිනේ ඉන්නේ. මේක ඉතාම පැහැදිලියි ඒ රටේ ඉන්න අපේ කෝවිඩ් ලෙඩ්ඩු ටික මෙහෙට එව්වා.අපට බෝම්බයක් ගැහුවා කියන එක තමයි මේකෙන් අපිට තේරෙන්නේ" යනුවෙනි.

ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය උපයා දෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කොරෝනා වසංගත අවදානම හමුවේ ආණ්ඩුව දක්වන නිද්‍රශිලි ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්  දේශපාලනඥයන් මෙන්ම විදෙස් ගත ශ්‍රමිකයන්ද ආණ්ඩුවට දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධතා දක්වමින් සිටී.

 වෙරිටේ පර්යේෂණ ආයතනයට අනුව   විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් සියයට විස්සයි දශම එකක්  කටාර් රාජ්‍යයේත්, සියයට දා හතයි දශම පහක් සවුදි අරාබියේත්, සියයට දාසයයි දශම දෙකක් ඇමැරිකාවේත් සේවයේ නිරත වේ.

 සියයට විසි පහයි දශම එකක ප්‍රතිශතයක් වෙනත් රටවල සේවයේ නිරතව සිටි.

 වෙරිටේ පර්යේෂණ ආයතනය  හෙළිදරව්ව කර ඇති පරිදි විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් පසු මෙරටට වැඩිම විදේශ ආදායම් උපයා දී ඇත්තේ ඇගලුම් සහ නිමි ඇදුම් මගිනි.

 එය ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම හතකි.

 සංචාරක කර්මාන්තය මගින් 2019 වසරේ මෙරට උපයා ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන දෙකකි.

 

තේ වලට සිව් වැනි ස්ථානය :

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වගාව ලෙසින් මුල් තැන ලබා සිටි තේ වලට 2019 වසරේ ශ්‍රී ලංකාවට විදේශ මුදල් උපයා දුන් ප්‍රධාන මාර්ග අතර හිමිව තිබෙන්නේ සිව් වැනි ස්ථානයයි.

එමගින් පසුගිය වසරේ මෙරටට ලැබී ඇත්තේ  ඇමරිකානු ඩොලර් බිලියන එකයි දශම තුනක් පමණි.

ප්‍රවාහන කටයුතු මගින් ගිය වසරේ ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන බින්දුවයි දශම හයක විදේශ මුදලක් උපයා තිබෙන බව වෙරිටේ පර්යේෂණ ආයතනය වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

Sri lanka Earned

සබැඳි පුවත් :

සවුදියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියදිවි නසාගන්න තත්වයක! 

ආණ්ඩුව 'රටවිරුවන්' ගෙන්වීම පමා කරමින් වසංගතයට ගොදුරුවීමට ඉඩහරියි 

කුවේට්හි සිටින ශ්‍රී ලාංකියින් පිරිසක් අන්ත අසරණවෙලා! - 'කන්න බොන්නවත් නැහැ' (වීඩියෝ)

"අතේ සතේ නෑ. උදේට කෑවොත් දවල්ට නෑ" - කුවේට්හි ශ්‍රී ලාංකිකයෝ (වීඩියෝ) 

ආණ්ඩුව විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අත්හරී! - ජනපතිගේ 'නව යාන්ත්‍රනය' තවමත් නැහැ!

මැද පෙරදිග ශ්‍රමිකයන් වෙනුවෙන් යුතුකම් ඉටු නොකරන ආණ්ඩුවට විරෝධය  

කොරෝනාසාදිතයන්ට “කුවේට් බෝම්බ” කී මහින්දානන්දට සඟරුවනේ විරෝධය 

ලාංකිකයන් 19,000කට කුවේටයෙන් පිට වන්නැයි දැනුම්දීමක්!  

'රට විරුවන්' කුවේටයේ අන්ත අසරණ වෙලා! - සජිත්, කුවේට් තානාපති හමුවෙයි (වීඩියෝ) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්