පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් මොන තරාතිරමක හිටියත් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කීය.

"පාස්කු විමර්ශන රජය පරීක්ෂා කරන තත්ත්වයක් දක්වා පැමිණ ඇති බවත් එය අසීරු වුවත් ඉටුකරන බවත් ජනාධිපති එදා කාදිනල් තුමාගේ උත්සවයේදී පැවසුවා පැවසුවා.
එය විකෘති කරමින් අද කරුණු ප්‍රකාශයට පත්වීම යුක්ති සහගත නැහැ. පාස්කු විමර්ශන වාර්තාව ඉදිරියේදී විමර්ශනය සඳහා රහස් පොලිසියට බාර දෙන්නත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ සභාගත කරන්නත් සූදානම්.
පාස්කු ප්‍රහාරය ගැන විධිමත් විමර්ශනයක් කරන බව අපේ ජනපතිවරණ ප්‍රකාශයේද සඳහන් කර තිබුණා. ඒ ආකාරයෙන්ම අප මේ වන විට විධිමත් විමර්ශන ආරම්භ කර තිබෙනවා '' යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
පාස්කු දේශපාලන බයිට් එකක් කරන්න ඉඩ දෙන්නේ නෑ - අධිකරණ අමාත්‍ය
පාස්කු ප්‍රහාරය තවදුරටත් දේශපාලන සංවිධානවල බයිට් එකක් කරන්න ඉඩ දෙන්නේ නැතැයි අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් පැවසිය.
"මේ පාස්කු ප්‍රහාරයේ සිදු වුනේ අනුර දිසානායකගේ වරදින්ද කියා විපක්ෂයේ උදවිය කතා කරන විදිය දකිනකොට දැන් හිතෙනවා. මේක උනේ අපේ අතින්ද කියලා හිතාගන්න බැරි තත්ත්වයක් දැන් තියෙනවා. මේක වෙනකොට කැබිනට් ඇමතිලා වී සිටි උදවිය දැන් එහා පැත්තෙ ඉන්නවා.
විපක්ෂ නායකතුමා දෙන උපදෙස් ඒ කළේ සිදු නොකළේ ඇයි? කොහොම වුනත් අපි හරියට පරීක්ෂණ කරනවා. අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා මේ වන විට කැබිනට් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. එය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් කර තිබුණා'' යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
පාස්කු ඉරිදා ප්‍රහාරකයින් සොයන්න නම් මීට වඩා වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙනවා - සජිත් ප්‍රේමදාස
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම විවාදයට එක්වෙමින්, පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරුවන් හෝ මහමොළකරු සොයා ගැනීමට නම් මීට වඩා වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි රජයෙන් ඉල්ලා සිටියේ ය.
එම විවාදයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ප්‍රහාරකයින් සොයන්න පියවර හයක්
''පාස්කු ප්‍රහාරය පිළිබඳව අවස්ථා ගණනාවක දී පුළුල් ලෙස සාකච්ඡා කර කරුණු ඉදිරිපත් කළා. 2021, 2023, 2024 වාද විවාද හරහා 27 (2) ප්‍රශ්න හරහා කරුණු රාශියක් ඉදිරිපත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය සොයා ගැනීම සඳහා ඒ ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරුවන් හෝ මහමොළකරු සොයා ගැනීමට නම් මීට වඩා වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යි.
තොරතුරු කරුණු කාරණා ගැන පුළුල් ලෙස සාකච්ඡා කර තිබුණත් වැදගත් වන්නේ සත්‍ය සොයා ගැනීමේ පැහැදිලි ක්‍රමවේදය හා වැඩපිළිවෙළ යි. 2024 අප්‍රේල් මාසයේ මමත් සමගි ජන බලවේගයේ නීති විද්වත් කණ්ඩායමත් කාදිනල් හිමියන් හමු වී පියවර 6ක් ගැන සාකච්ඡා කර එම පියවර 6 ගැන පාර්ලිමේන්තුව පවා දැනුවත් කළා.
එම පියවර මෙන්න මේ විදිය යි.
01- විශේෂ විමර්ශන කොමිෂමක් ස්ථාපිත කිරීම. 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ දෙවැනි වගන්තිය තුළ 7 හෝ 9ක් ඇතුළත් කොමිෂන් සභාවක් ස්ථාපිත කළ හැකි අතර ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය විනිසුරුවන් ද ඇතුළත් වන ජාත්‍යන්තර විශේෂඥයන් ද එකතු වන කොමිෂන් සභාවක් ඇති කළ යුතු යි.
02- ස්ථිර විමර්ශන කාර්යාලයක් ස්ථාපිත කිරීම. එනම් පරීක්ෂණ කටයුතු නිවැරදිව නිර්ව්‍යාජව සත්‍යවාදීව ක්‍රියාත්මක කරන්න විමර්ශන කාර්යාලයක් අවශ්‍ය වීම.
03- මෙම විමර්ෂණ කාර්යාලයේ වැඩ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වීම.
04- නීතිපතිවරයා විසින් අපරාධ නඩු පැවරීම.
05- මේ වැඩපිළිවෙළ තුළ විශේෂ අධිකරණයක් පිහිටුවීම.
06- රාජ්‍ය අධිචෝදක කාර්යාලයක් පිහිටුවීම.
සත්‍ය සොයා යන්න තවදුරටත් බාධා කරන්න එපා
මේ පියවර ගැන අතිඋතුම් කාදිනල් හිමියන් ද එකඟ වී ඇති නිසා එය පාර්ලිමේන්තුවේ සභාගත කළත් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වරම නොලැබුණු නිසා නැවත වරක් මෙම යෝජනා 6 ඉදිරිපත් කරනවා. මේ සම්පූර්ණ වැඩපිළිවෙළ මේ මොහොත වන විට දේශපාලනීකරණය වී තිබෙනවා. නමුත් අපි සත්‍ය සොයා ගැනීම අවශ්‍ය යි.
2021, 2022, 2023 සහ 2024 පාර්ලිමේන්තුවේ සභාව කල් තබා ගැනීමේ යෝජනා 27 (2) ප්‍රශ්න ඇහුවේ සත්‍ය සොයන්න යි. අද දවසේ ද අරමුණත් ඒක ම නිසා මේ පියවර ගැන අවධානය යොමු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය කාලයේ සත්‍ය සොයා ගැනීමේ වැඩපිළිවෙළට බාධා රැසක් පැමිණියා.
නිලධාරින් මාරු කිරීම, පළිගැනීම්වලට ලක් කිරිම, නිලධාරින් සිරගත කිරීම ආදිය සිදු කළේ මේ පාස්කු ප්‍රහාරයට මුල් වූ සත්‍ය සොයා ගැනීම අවහිර කිරීම සඳහා යි. එම නිසා: දේශපාලනය, පළිගැනීම් පසෙකලා අවංකව, පිරිසුදුව, නිර්ව්‍යාජව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. මේ වැඩපිළිවෙළ ගැන රටේ විශ්වාසනීයත්වයක් පිළිගැනීමක් අවශ්‍ය නිසා විශේෂ විමර්ශන කොමිෂන් සභාවට දේශීය මෙන්ම විදේශීය විනිසුරුවන්ද සම්බන්ධ කර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා.
එමෙන්ම ස්ථිර විමර්ශන කාර්යාලය ක්‍රියාත්මක වන විට ස්කොට්ලන්ඩ් යාර්ඩ් එෆ්.බී.අයි. වැනි ආයතනවල සහයෝගය ලබා ගෙන සත්‍ය සොයා ගැනීමේ කාර්යය සාර්ථක කර ගත හැකියි.
සියලු කතෝලික ජනතාවට යුක්තිය ඉටු කරන්න
මේ විමර්ශන කටයුතු ගැන පැහැදිලි විසඳුමක් තවමත් නොමැති නිසා අද වන විට මේ ඛේදවාචකය නිසා විපතට පත් කතෝලික ප්‍රජාව, සමස්ත ජනතාව විශාල සැකයකින් ඉන්නවා. කාදිනල් හිමිපාණන් පවා යුක්තිගරුක හා සාධාරණ සංඥාවක් රජයෙන් ලැබුණොත් ඒ ගැන සතුටු වන නමුත් එසේ නොවන්නේ නම් නැවත වරක් පාරට බැසීමට සිදුවන බවට ප්‍රකාශ කර තිබෙනවා.
මේ රජය බලයට පත් කළේ ක්‍රමවේදය වෙනස් කිරීමට. එම ක්‍රමවේදය වෙනස් කළ නොහැකි නම් නැවත වරක් සිතන බවට කාදිනල් හිමිපාණන් පවා ප්‍රකාශ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරයට පෙර සාධාරණත්වයක් හිමි නොවුවහොත් කතෝලික ජනතාව විරෝධය ප්‍රකාශ කරන බවට සඳහන් කර තිබෙනවා.
එදත්, අදත්, හෙටත් අපි සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා
එබැවින් සත්‍ය සොයා ගැනීම කඩිනම් කළ යුතු යි. මට මගේ පියා අහිමි වුණේ ත්‍රස්ත ප්‍රහාරයක් නිසා මමත් ත්‍රස්ත ප්‍රහාරයට දැඩි ව විරුද්ධ යි. මේ ඛේදවාචකයට මුල් වූ සියලු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතු යි. මේ සම්බන්ධ විමර්ශන විවිධ නිලධාරීන් ක්‍රියාත්මක කරද්දි: ඔවුන්ට බලපෑම් කරන විට, හිරේ දමන විට, සත්‍ය සොයා බැලීමේ විමර්ෂණ වෙනුවෙන් සියලු දෙනාම සත්‍ය වෙනුවෙන් පෙනී සිටියා. එදත්, අදත්, හෙටත් මේ සත්‍ය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටිනවා. සත්‍ය ජය ගන්න නිවැරදි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න රජයට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...!''