කොරෝනාවෛරස් වසංගතය පැතිරී යාම හේතුවෙන් බිඳ වැටුන ශ්‍රී ලංකාවේ ආර්ථිකය යලිත් පනගසා නැගිටිමින් සිටින බව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ පවසයි.

'පොහොට්ටුව' පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එබව සඳහන් කළ ඔහු ඒ සම්බන්ධයෙන් තව දුරටත් මෙසේද පැවසිය.

''ජුනි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 950ක අපනයනය කරන්න අපිට හැකිව තිබෙනවා. එක ඉතා සතුටුදායක ජයග්‍රහණයක් වනවා. අප්‍රේල් මාසයේ මෙය 250තෙක් බැහැලා තිබුණා මේ කොරෝනා උවදුරත් එක්ක. ඒ කියන්නේ ඒක U turn එකක් වගේ නොවෙයි V turn එකක් හැටියට ඉහළ මට්ටමකට ආවා. 250 ඉදලා 950කට නැගීම. 2019 ප්‍රමාණයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් අපි නැවත අත්පත් කරගෙන තිබෙනවා.

ඇමරිකාව, ඉන්දියාව, රුසියාව, බලගතු එංගලන්තය, හා බ්‍රසීලය මේ ඔක්කෝම රටවල් වල ජීවිතයත් මරණයත් අතර සටනක් කරන අතර, ආර්ථිකය ජීවනනෝපාය කඩා වැටී ඇති මොහොතක අපි ශ්‍රී ලංකාව බේරගෙන තියෙනවා.''

 

මහ බැංකුවේ වාර්තාවකින් හෙළිවන ආර්ථිකයේ පල්ලම් බැසීම :

Nurse 2020

'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායකවරයා එසේ පවසද්දී, ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ, කොරෝනාවෛරස් වසංගතය පැතිරී යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර නොවූ විරූ අර්බුදයකට තල්ලු වී ඇති අතර සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් සහ විදේශ ආයෝජන ගලා ඒම විශාල ලෙස පහත වැටී ඇති බවයි.

මෙම කාරණය පිළිබඳව BBC සිංහල සේවයේ මාධ්‍යවේදී දැහැමි රණවීර විසින් පලකළ විශේෂ වතාවක දැක්වෙන්නේ, ලොව පුරා කොරෝනාවෛරසය පැතිරී යාමත් සමග පැනවූ ආර්ථික හා සංචාරක සීමා කිරීම් හේතුවෙන් රට දරුණු මූල්‍ය අර්බුදයක් අභිමුව සිටින අතර, බොහෝ දෙනෙක් මේ වන විටත් සිය රැකියා අහිමි වීම් හෝ වැටුප් කප්පාදු කිරීම්වලට මුහුණ දෙමින් සිටින බවයි.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

 

'සංචාරකයෝ නැහැ'

Tourism industryමාර්තු මස ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 70.8%කින් අඩු වී තිබිණි

"අපිට මාස හතරක් පඩි හම්බුනේ භාගයක් විතරයි. අපේ ආයතනයේ 21 දෙනෙකුගේ රස්සා නැතිවුණා. අගෝස්තු පළවෙනිදා එයාපෝට් එක අරියි කියලා බලාගෙන හිටියා. ඒ කළත් සංචාරකයෝ එක සැරේ එන්නේ නැහැ. මේ විදිහට අපිට තව මාස දෙකක්වත් ආයතනය ගෙනියන්න බැහැ," සංචාරක ඒජන්සියක සේවය කරන සඳලි පලිහවඩන බීබීසී සිංහල සේවයට පැවසුවාය.

මාර්තු 11 වෙනි දින පළමු කොරෝනාවෛරස රෝගියා වාර්තා වීමත් සමග මාර්තු මැද භාගයේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයට දැඩි සීමා පැනවිණ. රට පුරා ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක විණි.

ඒ හේතුවෙන්, මින් පෙර වසර හා සසඳන විට 2020 මාර්තු මස, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සංචාරකයින්ගේ පැමිණීම 70.8%කින් අඩු වී තිබිණි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන වෙළෙඳපොලවල් වන්නේ බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ චීනයයි.

2009 සිවිල් යුද්ධය අවසන් වීමත් සමග ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති සංචාරක කර්මාන්තය, 2019 වසරේ දී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැවත පසු බෑමකට ලක් විය.

''පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය සහ 2020 එම කාලය සමග සැසඳු විට සංචාරකයන්ගේ පැමිණීම මෙන්ම ආදායම ද 46%කින් පහත වැටීලා'' -  ආර්ථික විද්‍යාඥ, ආචාර්ය බිලේෂා වීරරත්න

පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය සහ 2020 එම කාලය සමග සැසඳු විට සංචාරකයන්ගේ පැමිණීම මෙන්ම ආදායම ද 46%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ආර්ථික විද්‍යාඥ, ආචාර්ය බිලේෂා වීරරත්න බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

 

'රස්සාවෙන් එළියට'

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රධාන ලෙස දායකත්වය දක්වන තවත් පිරිසක් වන්නේ විදෙස් ශ්‍රමිකයන්ය. නමුත් කෝවිඩ් 19 බලපෑම නිසා පසුගිය වසරට සාපේක්ෂව 2020 මාර්තු මස විදෙස් ශ්‍රමිකයන්යන්ගෙන් ලැබෙන විනිමය 14%කින් පහත වැටී ඇති අතර, අප්‍රේල් මාසයේ දී එය 32%ක් දක්වා තවදුරටත් පසුබෑමකට ලක් විණි.

''කෝවිඩ් 19 බලපෑම නිසා පසුගිය වසරට සාපේක්ෂව 2020 මාර්තු මස විදෙස් ශ්‍රමිකයන්යන්ගෙන් ලැබෙන විනිමය 14%කින් පහත වැටී ඇති අතර, අප්‍රේල් මාසයේ දී එය 32%ක් දක්වා තවදුරටත් පසුබෑමකට ලක් විණි.''

"මම ඩුබායිවල විකුණුම් අංශයේ ආයතනයක වැඩ කළේ. කොරෝනාවෛරස් එක නිසා මට මාස හතරක පඩි ලැබුණේ නැහැ. ඒ වෙනුවට දීමනා විතරක් පොඩි ගණනක් ලැබුණා. ජුනි මැද වෙද්දී ආයතනය සෑහෙන පාඩු ලබන්න ගත්තා. මාව රස්සාවෙන් අයින් කළා. සල්ලියි රස්සාවයි දෙකම නැතුව මට සහ මගේ පවුලට ලංකාවට එන්න වුණා," අලෙවිකරුවෙකු වශයෙන් සේවයේ නිරත වී සිටි අනුරුද්ධ විතාරණ පැවසීය.

විදෙස් රටවල දී සිය රැකියා අහිමිවීම් ඇතුළු විවිධ හේතු මත පසුගිය මාස හතර තුළම ශ්‍රී ලංකාවට මුදල් එවීමට නොහැකි වූ තව බොහෝ පිරිසක් සිය අත්දැකීම් බීබීසී සිංහල සේවයට විස්තර කළහ.

Garment

ශ්‍රී ලංකාවේ විශාල ව්‍යාපාර බොහොමයක් මේ වන විටත් රැකියා හා වැටුප් කප්පාදු කර ඇති අතර, වැඩකරන කාලය දිනකට පැය අට ඉක්මවා වැඩි කර ඇත. එමෙන්ම, සමහර ආයතන විශ්‍රාම වැටුප් අරමුදල් සඳහා ලබා දෙන මුදල් මාස හයකට නවතා දැමීමට පියවර ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යෝජකයින්ට ඔවුන් කොපමණ සේවකයින් ප්‍රමාණයක් ආපසු කැඳවිය යුතුද යන්න තීරණය කිරීමේ අභිමතය ඇති බවය.

ඉක්මණින් නැවත රැකියාවට කැඳවීමට අවශ්‍ය නොවන සේවකයන්ට ව්‍යාපාරවලට ගෙවිය හැකි වන්නේ මාසික වැටුපෙන් අඩක් හෝ රුපියල් 14,500ක් පමණක් බවට වෘත්තීය සමිති එකඟ වී ඇති බව කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

 

අපනයනය ආදායම පහතට:

"එක මාසයකට විතරක් විදෙස් විනිමය 1/3ක් පමණ පහළට ගිහින් තිබෙනවා. කොහොමත් 20%කින් විතර ලංකාවේ ප්‍රේෂණ අවම වන බව ලෝක බැංකුව පුරෝකථනය කර තිබෙනවා. මේ අතර අපේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයයට තිබෙන ඉල්ලුම අවම වෙලා තිබෙනවා. මෙවැනි අවස්ථාවක අත්‍යවශ්‍ය භාණ්ඩ හැර ඇඟලුම් වැනි දේ මිළට ගන්නවා අඩුයි."

Bilesha Weerarathne

"අනික් පැත්තට ආනයනය අඩු වෙලා තිබෙනවා. දත්ත අනුව බැලුවහම 2020 පළමුවෙනි කාර්තුවේ ආනයනය අඩු වෙලා තිබෙන්නේ 6.5%ක් විතර, නමුත් අපනයනය අඩු වෙලා තිබෙනවා 16%ක් විතර. මේ අතර රුපියලේ අගයත් අවපාතයකට ලක් වුණා. එවිට සිදුවන්නේ විදේශ ණය ගෙවීමේ දී අපට වැඩි ගණනක් ගෙවන්න සිදු වීමයි," බිලේෂා වීරරත්න පැවසුවාය.

ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයනය ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් විදෙස් විනිමය ලබා දෙන ක්ෂේත්‍රයකි. නමුත් වසංගතයක් ලෙස පැතිර යාමත් සමග එම ප්‍රධාන අදායම් මාර්ග සියල්ල අවහිර වී ඇත.

එමෙන් ම රට තුළ නිෂ්පාදන හා සේවාවන් ක්‍රියාත්මක කිරීම ද ඇණහිට තිබේ. මේ තුළ තේ ඇතුළු සියලු නිෂ්පාදනවල අපේක්ෂිත අපනයන ආදායම ද ශ්‍රී ලංකාවට අහිමි වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා ඇමරිකාව, යුරෝපය ඇතුළු වෙළෙඳපොළ අහිමි වී තිබේ.

''2020 වසරේ ජනවාරි මාසයේ අපනයන අදායම 2019 ජනවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1005 දක්වා 3.2%කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රියල් 03 වෙනිදා නිකුත් කළ ආර්ථික දර්ශක වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම 2020 වසරේදී ජනවාරි මාසය තුළ ආනයන වියදම පෙර වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1735 දක්වා 4.8%කින් ඉහළ ගොස් තිබේ.''

2020 වසරේ ජනවාරි මාසයේ අපනයන අදායම 2019 ජනවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1005 දක්වා 3.2%කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රියල් 03 වෙනිදා නිකුත් කළ ආර්ථික දර්ශක වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම 2020 වසරේදී ජනවාරි මාසය තුළ ආනයන වියදම පෙර වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1735 දක්වා 4.8%කින් ඉහළ ගොස් තිබේ.

 

නැවත පහළට:

2020-2021 වර්ෂයන් සඳහා වන රටවල්වල ආදායම් මට්ටම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලීමට ලෝක බැංකුව පසුගිය දා ක්‍රියා කළේය.

Lanka Economy 2020

පසුගිය වසරේ දී ඩොලර් 4060 ක් වූ ශ්‍රී ලංකාවේ දළ ජාතික ආදායම කොරෝනාවෛරස වසංගතයත් සමග ඇමරිකානු ඩොලර් 4020 ක් දක්වා පහත වැටීම මත ලෝක බැංකුව සිය නවතම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ.

2019 ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණයට අදාළව ශ්‍රී ලංකාව ඉහළ මැදි අදායම් කාණ්ඩයේ රටක තත්වයට උසස් කර තිබිණි..

ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මැදි ආදායම් තත්වයට පත්වීමට ගතවූ කාලය වසර 21කි.

 

ණය මැද්දේ - ආර්ථිකය පෙරළිය:

"ණය ආධාර ගන්නේ රටේ ආර්ථිකය ප්‍රකෘති තත්වයට පත් කරන්න. සාමාන්‍ය ව්‍යවහාරයේ අපි කියන්නේ ණය ගන්නේ ආර්ථිකය දුවන්න කියලා. එය සිදු කරන්න නම් ආර්ථිකයට සල්ලි අවශ්‍යයි."

"මේ හා සමාන හේතුවකට තමයි රජයෙන් රුපියල් 5,000 දීමනාව ලබා දුන්නේ. මිනිසුන් අතට ඒ මුදල දුන්නාම ඔවුන් එයින් භාණ්ඩ සහ සේවා ලබා ගන්නවා. එවිට මුදල් රට තුළ මුදල් සංසරණය වෙනවා."

"ණය ගැනීම විවිධාකාරයෙන් සිදු කරමින් පවතිනවා. සමහර අවස්ථාවල ණය ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා. මොකද ඒ අවස්ථාවේ එහෙම නොකර සිටියොත් සිදුවන පාඩුව වැඩියි. උදාහරණයක් විදිහට සෞඛ්‍ය වියදම් ගත්තොත් මේ දවස්වල ඒ සඳහා වියදම් කළ යුතුම වෙනවා. ඒ වගේ අවස්ථාවක රජයකට ආර්ථිකයට මුදල් යෙදවිය යුතුම වෙනවා. එහෙම නොවුණොත් ඇතිවන දීර්ඝකාලීන බලපෑම් වැඩියි," බිලේෂා වීරරත්න පැවසුවාය.

Business

2020 ආර්ථික අර්බුදයන් හමුවේ ශ්‍රී ලංකාව විශාල ලෙස විදෙස් ණය ආධාර ලබා ගැනීමට මේ වන විටත් ක්‍රියා කර ඇත.

එමෙන්ම, කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර 14,000කට ආසන්න ප්‍රමාණයක් ගොඩනැංවීම සඳහා 4% ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් බිලියන 27.9 ක මුදලක් අනුමත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

අදාළ ණය යෝජනා ක්‍රමය 4%ක සහනදායී වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ, මාස 6 ක සහන කාලයකට යටත්ව මාස 24 කින් ආපසු ගෙවා නිම කළ හැකි ආකාරයෙන් සකසා තිබේ.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ 'ව්‍යාපාර පුනර්ජීවනය සහ රටේ ආර්ථිකය යළි ගොඩනැංවීම' සඳහා රජය සමග එක්ව ශ්‍රී ලංකා මහ බැංකුව එය ක්‍රියාත්මක කරනු ලබන මෙම ණය යෝජනා ක්‍රමය "සෞභාග්‍යා COVID19 පුනරුද සහන" ප්‍රතිමූල්‍ය පහසුකම ලෙස නම් කර තිබේ.

එහි දෙවන අදියර යටතේ රුපියල් බිලියන 120ක් 1%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ වාණිජ බැංකු වෙත ලබාදීමට නියමිත බව ද මහ බැංකුව නිවේදනය කළේ ය.

කෙසේනමුත්, මෙම ආර්ථික පසුබැසීමෙන් මිදීමට නම් රටට ලැබෙන ණය මුදල් ඵලදායී ලෙස ආර්ථිකයට යොදාගෙන එයින් වැඩි මුදල් ප්‍රමාණයක් උපයා ගැනීම සිදු කළ යුතු යැයි බිලේෂා තවදුරටත් පැවසුවාය.

සබැඳි පුවත් :

ලංකාවේ ආදායම් තත්වය ඇල්ජීරියාව හා සුඩානයේ තරමටම කඩා වැටිලා!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්